Naifmvlog

Naifm vlog Gossip and News

ඇත්දළ කැටයම් කලාව

රජකාලේ ඉඳන් එන ඇත්දළ කැටයම් කලාව2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 166හස්ති රජ දළයුග්ම උදුරා මරා ගජමුතු සොයන කුරිරු නූතනයෙන් මිදී අපි අතීතයට පියමැන්නෙමු. ක්ෂේශයකුදු සොයාගත නොහැකි ලෙස වැළලී ගිය මේ පාරම්පරික කර්මාන්තයේ තතු අපට හමුවූයේ ඒ ගමනේදීය. අද කතාව ඇත් දළ කැටයම් කලාව පිළිබඳවයි. ඇතුන් නොමරා මියැදුණු ඇතුන්ගේ දළ ගෙන ඉන් නිමැයූ මේ මනරම් නිර්මාණවල කතාව සැබවින්ම අපතුළ ජනිත කළේ විශ්මයකි.පුරාතනයේදී ලක්වාසීන් මේ කර්මාන්තයේ ලා පෙන්වූ විශ්මිත හැකියාව අද පුරාවිද්‍යා සාක්ෂි මත මනාව පිළිබිඹු වේ. ඇත්දත් භාවිතයෙන් කළ නිර්මාණවල වටිනාකම අතින් බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, කරඬු ආදිය ප්‍රමුඛය. ඊට අමතරව, ග්‍රීවාභරණ, වළලු, විජිණිපත් මිටි, පිහි මිටි, පනා, හෙප්පු, මංජුසා, හොරණෑ, කර්ණාභරණ, පමණක් නොව ක්‍රීඩා භාණ්ඩ වෛද්‍ය උපකරණ ආදියත් ඇත් දළවලින් නිමවා තිබේ. රජුන්ගේ ඇත් ගාල්වල මියයන ඇතුන්ගේ මෙන්ම මහ වනයේ ඇත් සොහොන්වලින් මීට ඇවැසි ඇත් දළ ලබාගත් බව කියැවේ. ඊට අමතරව අතීතයේ ඇතුන් මරා දළ ලබාගත් බවට මත තිබේ. කෙසේ වෙතත් ඒවා බෞද්ධ ආභාශය ප්‍රමුඛ වූ මේ යුගයේ එවන් අකටයුතුකම් මෙරට සිදුවීදැයි අපට ඇතිවන්නේ සැකයකි.එදා ඇත්දළ නිර්මාණය කරන ඉතා සියුම් මනරම් කටයුත්තක් වී තිබේ. අද මෙන් තාක්ෂණයක් සහ උපකාර නොවුණු අතීතයේ මේ ශිල්ප අප මවිත කරවයි.

ඒ අතීත තොරතුරු අනුව ඇත්දළ නිර්මාණකරණය මූලික පියවර දෙකකින් යුක්ත වූහ. ඇත් දත් ලියවීම යනු ඉන් පළමු පියවරය. මෙහිදී කියතක් ආධාරයෙන් ඉරාගන්නා ලද ඇත්දළ පට්ටලයක් භාවිතයෙන් හැඩගන්වාගෙන ඇත. අනතුරුව අප පුරාතනයන්ගේ විශ්මකර්ම තාක්ෂණ ප්‍රකට කරවමින් ශාක යුෂ යොදාගනිමින් මේ දළ මෘදුකොට ගෙන තිබේ. කැටයම් කිරීම ඇරුඹී ඇත්තේ ඉන් ඉක්බිතිය. මෘදුකොට ගත් ඇත් දළවල කැටයම් කිරීම විශ්මිත කටයුත්තකි. මෙහිදී පිළිකටුව, කියත, රාස්කුව, පුල්ලෝරාව, තොරපනය, කුඩා නියන සහ දඬුඅඬුව වැනි සියුම් උපකරණ භාවිත කර ඇති බව ඉතිහාසයේ ලියවී ඇත. ඇත්දත් නිර්මාණයේ සිදුරු වසා ගැනීමට ලාක්ෂා කර්මාන්තයේ ආධාර ලබාගත් බවද කියැවේ. නිර්මාණයේ අවසන් අදියරේදී වර්ණ සමග ඛණිජ, මැලියම් මිශ්‍රකොට අවසාන නිමාව ලබාගෙන තිබේ.ඇත් දළ කර්මාන්තය මෙරට පමණත් නොව භාරතය සියම් දේශය වැනි රටවල ද ප්‍රකටව තිබී ඇත. එහෙත් ලංකා ඇත්දළ කර්මාන්තය සුවිශේෂීය. ඊට දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒ සඳහා පුරා විද්‍යාත්මක සාක්ෂි සාධක තිබේ. අද මෙම කර්මාන්තය පුරාතන ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ උසස් තාක්ෂණික ඥානය පිළිබිඹු කරන්නක් ලෙස විද්වත්හු හඳුන්වති. ඔවුනට අනුව ඇත්දළ නිර්මාණකරණය පිළිබඳවත් ඇත්දළ කර්මාන්තයෙහි යෙදුණු රජවරුන් පිළිබඳවත් මහාවංශයද සාක්ෂි දරයි. අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම මේ කර්මාන්තය පිළිබඳ සලකුණු මතුව ඇත.

දැනට හමුවූ පැරණිතම ඇත්දත් නිර්මාණය ලෙස සැලකෙන්නේ රුවන්වැලි සෑයේ දකුණු වාහල්කඩ කැනීම්වලින් හමුවූ ඉණෙහි මුතුපොටක් පැළඳ සිටින ස්ත්‍රී රුවයි. අනුරාධපුර යුගයේ රජකළ ජෙට්ඨතිස්ස මහ රජතුමා මෙම කර්මාන්තයට බෙහෙවින් අතහිත දුන් පාලකයෙක් බවත් ඔහු ඇත් දළ කර්මාන්තයේ නිපුණයෙක් බවත් මහාවංශයේ පැවසෙයි. එසේම ක්‍රි.පූ. 2 වැනි සියවසේදී ලෝවාමහාපායේ මණ්ඩපයක ඇත්දළවලින් කළ සිංහාසනයක් හා විජිනිපතක් තැන්පත් කළ බවද මහාවංශයේ සඳහන් වන බව විද්වත්හු පෙන්වා දෙති. මීට අමතරව පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද ඇත්දත් කැටයම්වලින් අලංකාර කළ ගරාදි සහිත උද්‍යානයක් පිළිබඳ සඳහනක් ඉතිහාසයේ වෙයි.කෙසේ වෙතත් ඇත්දළ කැටයම් ශිල්පයෙහි දැනට ඉතිරිව තිබෙන බොහෝ නිර්මාණ අයත් වන්නේ මහනුවර යුගයටයි. එනිසාම කර්මාන්තයේ ස්වර්ණමය යුගය මෙය බව කියැවේ. මහනුවර යුගයේ ඇත්දළ බුදුපිළිම, පනා, පනේල, තරාදි, වෛද්‍ය උපකරණ, ආභරණ මංජුසා, වටාපත් මිටි, දොරඋළුවහු කොටස් ආදිය අදද ක්ෂේශව තිබේ. මහනුවර යුගයට අයත් අලංකාර ඇත්දත් කැටයම් ගණනාවක් අද කොළඹ ජාතික කෞතුකාගාරය සහ මහනුවර ජාතික කෞතුකාගාරයේ දී දැකගත හැකිය. කෞතුකාගාරයේ ඇති විතර්ක මුද්‍රාවෙන් යුත් ඇත්දළ බුද්ධ ප්‍රතිමාව විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකීය ඇත්දළ නිමැවුමක් ලෙස විද්වත්හු සලකති.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇත්දත් කැටයම් කලාවේ විශිෂ්ටතම නිර්මාණය ලෙස අද සැලකෙන්නේ කුරුණෑගල රිදී විහාරයේ උළුවස්සේ ඇති ඇත්දත් කැටයමය. ‍මෙහි සියුම් ඇත් දළ කැටයම් දැකගත හැකිය.

අලංකාර පංචනාරි ඝටයක් සහ නළඟන රූ දෙකක් එහි කැටයම් කර ඇත. එසේම බරාඳයේ දොරටුවෙහි ගජසිංහ රෑපද සුවිශේෂීය. රිදී විහාරයට අමතර මහනුවර දළදා මාලිගාවේ ඇති ඇත්දළ කැටයම්ද විශේෂිත කොට සැලකේ. මීට අමතර ඇත්දළ කැටයම්කරණයේදී භාවිතා වන මෝස්තර ප්‍රධාන ආකාර තුනක් පිළිබඳ ගවේෂකයෝ පවසති. සත්ත්ව රෑප, මිනිස් රූප සහ මල්කම්, ලියකම් යන මෝස්තර යනු ඒවාය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම පලාපෙති, කුන්දිරක්කන්, නාරිලතාව, භේරුණ්ඩ පක්ෂියා, මකරා, කිඹිසි මුහුණ, පනා, නළඟන වැනි මෝස්තර නිරන්තර භාවිතා වී ඇත.රජකාලේ ඉඳන් එන ඇත්දළ කැටයම් කලාව2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 166හස්ති රජ දළයුග්ම උදුරා මරා ගජමුතු සොයන කුරිරු නූතනයෙන් මිදී අපි අතීතයට පියමැන්නෙමු. ක්ෂේශයකුදු සොයාගත නොහැකි ලෙස වැළලී ගිය මේ පාරම්පරික කර්මාන්තයේ තතු අපට හමුවූයේ ඒ ගමනේදීය. අද කතාව ඇත් දළ කැටයම් කලාව පිළිබඳවයි. ඇතුන් නොමරා මියැදුණු ඇතුන්ගේ දළ ගෙන ඉන් නිමැයූ මේ මනරම් නිර්මාණවල කතාව සැබවින්ම අපතුළ ජනිත කළේ විශ්මයකි.පුරාතනයේදී ලක්වාසීන් මේ කර්මාන්තයේ ලා පෙන්වූ විශ්මිත හැකියාව අද පුරාවිද්‍යා සාක්ෂි මත මනාව පිළිබිඹු වේ. ඇත්දත් භාවිතයෙන් කළ නිර්මාණවල වටිනාකම අතින් බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, කරඬු ආදිය ප්‍රමුඛය. ඊට අමතරව, ග්‍රීවාභරණ, වළලු, විජිණිපත් මිටි, පිහි මිටි, පනා, හෙප්පු, මංජුසා, හොරණෑ, කර්ණාභරණ, පමණක් නොව ක්‍රීඩා භාණ්ඩ වෛද්‍ය උපකරණ ආදියත් ඇත් දළවලින් නිමවා තිබේ. රජුන්ගේ ඇත් ගාල්වල මියයන ඇතුන්ගේ මෙන්ම මහ වනයේ ඇත් සොහොන්වලින් මීට ඇවැසි ඇත් දළ ලබාගත් බව කියැවේ.

ඊට අමතරව අතීතයේ ඇතුන් මරා දළ ලබාගත් බවට මත තිබේ. කෙසේ වෙතත් ඒවා බෞද්ධ ආභාශය ප්‍රමුඛ වූ මේ යුගයේ එවන් අකටයුතුකම් මෙරට සිදුවීදැයි අපට ඇතිවන්නේ සැකයකි.එදා ඇත්දළ නිර්මාණය කරන ඉතා සියුම් මනරම් කටයුත්තක් වී තිබේ. අද මෙන් තාක්ෂණයක් සහ උපකාර නොවුණු අතීතයේ මේ ශිල්ප අප මවිත කරවයි. ඒ අතීත තොරතුරු අනුව ඇත්දළ නිර්මාණකරණය මූලික පියවර දෙකකින් යුක්ත වූහ. ඇත් දත් ලියවීම යනු ඉන් පළමු පියවරය. මෙහිදී කියතක් ආධාරයෙන් ඉරාගන්නා ලද ඇත්දළ පට්ටලයක් භාවිතයෙන් හැඩගන්වාගෙන ඇත. අනතුරුව අප පුරාතනයන්ගේ විශ්මකර්ම තාක්ෂණ ප්‍රකට කරවමින් ශාක යුෂ යොදාගනිමින් මේ දළ මෘදුකොට ගෙන තිබේ. කැටයම් කිරීම ඇරුඹී ඇත්තේ ඉන් ඉක්බිතිය. මෘදුකොට ගත් ඇත් දළවල කැටයම් කිරීම විශ්මිත කටයුත්තකි. මෙහිදී පිළිකටුව, කියත, රාස්කුව, පුල්ලෝරාව, තොරපනය, කුඩා නියන සහ දඬුඅඬුව වැනි සියුම් උපකරණ භාවිත කර ඇති බව ඉතිහාසයේ ලියවී ඇත. ඇත්දත් නිර්මාණයේ සිදුරු වසා ගැනීමට ලාක්ෂා කර්මාන්තයේ ආධාර ලබාගත් බවද කියැවේ. නිර්මාණයේ අවසන් අදියරේදී වර්ණ සමග ඛණිජ, මැලියම් මිශ්‍රකොට අවසාන නිමාව ලබාගෙන තිබේ.ඇත් දළ කර්මාන්තය මෙරට පමණත් නොව භාරතය සියම් දේශය වැනි රටවල ද ප්‍රකටව තිබී ඇත. එහෙත් ලංකා ඇත්දළ කර්මාන්තය සුවිශේෂීය. ඊට දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒ සඳහා පුරා විද්‍යාත්මක සාක්ෂි සාධක තිබේ.

අද මෙම කර්මාන්තය පුරාතන ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ උසස් තාක්ෂණික ඥානය පිළිබිඹු කරන්නක් ලෙස විද්වත්හු හඳුන්වති. ඔවුනට අනුව ඇත්දළ නිර්මාණකරණය පිළිබඳවත් ඇත්දළ කර්මාන්තයෙහි යෙදුණු රජවරුන් පිළිබඳවත් මහාවංශයද සාක්ෂි දරයි. අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම මේ කර්මාන්තය පිළිබඳ සලකුණු මතුව ඇත. දැනට හමුවූ පැරණිතම ඇත්දත් නිර්මාණය ලෙස සැලකෙන්නේ රුවන්වැලි සෑයේ දකුණු වාහල්කඩ කැනීම්වලින් හමුවූ ඉණෙහි මුතුපොටක් පැළඳ සිටින ස්ත්‍රී රුවයි. අනුරාධපුර යුගයේ රජකළ ජෙට්ඨතිස්ස මහ රජතුමා මෙම කර්මාන්තයට බෙහෙවින් අතහිත දුන් පාලකයෙක් බවත් ඔහු ඇත් දළ කර්මාන්තයේ නිපුණයෙක් බවත් මහාවංශයේ පැවසෙයි. එසේම ක්‍රි.පූ. 2 වැනි සියවසේදී ලෝවාමහාපායේ මණ්ඩපයක ඇත්දළවලින් කළ සිංහාසනයක් හා විජිනිපතක් තැන්පත් කළ බවද මහාවංශයේ සඳහන් වන බව විද්වත්හු පෙන්වා දෙති. මීට අමතරව පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද ඇත්දත් කැටයම්වලින් අලංකාර කළ ගරාදි සහිත උද්‍යානයක් පිළිබඳ සඳහනක් ඉතිහාසයේ වෙයි.කෙසේ වෙතත් ඇත්දළ කැටයම් ශිල්පයෙහි දැනට ඉතිරිව තිබෙන බොහෝ නිර්මාණ අයත් වන්නේ මහනුවර යුගයටයි. එනිසාම කර්මාන්තයේ ස්වර්ණමය යුගය මෙය බව කියැවේ. මහනුවර යුගයේ ඇත්දළ බුදුපිළිම, පනා, පනේල, තරාදි, වෛද්‍ය උපකරණ, ආභරණ මංජුසා, වටාපත් මිටි, දොරඋළුවහු කොටස් ආදිය අදද ක්ෂේශව තිබේ.

මහනුවර යුගයට අයත් අලංකාර ඇත්දත් කැටයම් ගණනාවක් අද කොළඹ ජාතික කෞතුකාගාරය සහ මහනුවර ජාතික කෞතුකාගාරයේ දී දැකගත හැකිය. කෞතුකාගාරයේ ඇති විතර්ක මුද්‍රාවෙන් යුත් ඇත්දළ බුද්ධ ප්‍රතිමාව විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකීය ඇත්දළ නිමැවුමක් ලෙස විද්වත්හු සලකති.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇත්දත් කැටයම් කලාවේ විශිෂ්ටතම නිර්මාණය ලෙස අද සැලකෙන්නේ කුරුණෑගල රිදී විහාරයේ උළුවස්සේ ඇති ඇත්දත් කැටයමය. ‍මෙහි සියුම් ඇත් දළ කැටයම් දැකගත හැකිය. අලංකාර පංචනාරි ඝටයක් සහ නළඟන රූ දෙකක් එහි කැටයම් කර ඇත. එසේම බරාඳයේ දොරටුවෙහි ගජසිංහ රෑපද සුවිශේෂීය. රිදී විහාරයට අමතර මහනුවර දළදා මාලිගාවේ ඇති ඇත්දළ කැටයම්ද විශේෂිත කොට සැලකේ. මීට අමතර ඇත්දළ කැටයම්කරණයේදී භාවිතා වන මෝස්තර ප්‍රධාන ආකාර තුනක් පිළිබඳ ගවේෂකයෝ පවසති. සත්ත්ව රෑප, මිනිස් රූප සහ මල්කම්, ලියකම් යන මෝස්තර යනු ඒවාය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම පලාපෙති, කුන්දිරක්කන්, නාරිලතාව, භේරුණ්ඩ පක්ෂියා, මකරා, කිඹිසි මුහුණ, පනා, නළඟන වැනි මෝස්තර නිරන්තර භාවිතා වී ඇත.ඇත්දළ සොයාගැනීමට ඇති විරළකම නිසාම අතීතයේ ඇත්දත් නිර්මාණ ළඟ තබාගැනීම ගෞරවයක් සේ සලකා ඇත. ඒ අනුව රජවරුන් අමාත්‍යවරුන් සහ මෙරට ප්‍රභූ පංතිය මේ ඇත්දළ නිමැයුම් භාවිතාකර තිබේ. එසේම විදෙස් තානාපතීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රදානය කිරීමට ඇත්දත් නිර්මාණකරණය යොදාගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඊට අමතරව මෙරට පැමිණි සියලු විදෙස් වෙළෙන්දන්ගේ විශේෂිත අවධානයක් ඇත්දළවලට සහ ඇත්දළ නිර්මාණයවලට යොමුවී ඇති බව ඉතා පැහැදිලිය.ශ්‍රී ලංකාවේ පැවැති පාරම්පරික කලාවක් වූ ඇත්දත් කලාව අද මෙරටින් බොහෝදුරට වියැකී ගොසිණි. ඇත්දත් කැටයම් කලාවට දීර්ඝ ඉතිහාසයක් ඇති නමුත් අද නිර්මාණකරැවන් තබා දළ ඇතුන්වත් ලක් දෙරණේ සොයාගැනීම අපහසුය. ඉදින් හෙට මෙය තවත් මතකයක්ම පමණක් වනු නොවනුමානය.