Naifmvlog

Naifm vlog Gossip and News

පුංචි කාලේ සුපිරිම කෑම බීම

ඇලරික්ස් අයිස්ක්‍රීම් බෝලය අයිස්ක්‍රීම් නැති ළමා කාලයක් හිතාගන්නවත් බැරි තරමේ ශෝඛාන්තයක්. අයිස් පලම්, අයිස් කෝන්, අයිස්ක්‍රීම් කප් අස්සේ අයිස්ක්‍රීම් බෝල් එකක් කරලියට ඇවිත් නැති වෙලා ගියා. ප්ලාස්ටික් බෝලයක් මැද්දට රස ම රස ඇලරික්ස් අයිස්ක්‍රීම් ගොඩක් දාලා තිබුණ මේ නිර්මාණය ඒ කාලේ පොඩි ඈයොන්ට දුන්නේ දිව්‍යලෝක රහක්. අයිස්ක්‍රීම් එක කාලා ඉවර වෙලා සෙල්ලම් කරන්නත් පුළුවන්නේ. අදටත් ඇලරික්ස් අයිස්ක්‍රීම් වෙළඳපොලේ තියෙනවා. ඒත් ඉස්සර වගේ හන්දියේ කඩේ ගන්න නැහැ. විශේෂයෙන් ම මේ බෝලේ හොයාගන්න නැහැ.

හැලිබොරේන්ජ් ඒ කාලේ නම කියවගන්න බැරි වුණත් ගානට බඩට දාගත්තු බීම ජාති දෙකයි තිබ්බේ. මේ එතනින් එකක්. ගුණ දේවල් කවන්න පොවන්න අම්මලා අද ළමයි ඉස්සරහා කොහොඹ කංකාරිය නටද්දී අපි බලෙන් ගුණ දේවල් කාපු බීපු උදවිය බවට සාක්ෂියක් තමයි මේ. දොඩම් රහට රස නහර හිරිවැටිලා ගියපු හැටි අදටත් මතක් වෙන්න තරම් කොහොම බීමක් ද කියලා හිතන්නකෝ ඉතින්.

මොරිසන්ස් ග්‍රයිප් මික්ස්චර් නම කියවගන්න බැරි අනික් ඖෂධීය භාණ්ඩේ තමයි මේ. මහප්‍රාණ වගේ පෙනුනට මේක සරලව ම අසමෝදගම් එකක්. අසමෝදගම් කිව්වට මේක දිව්‍යලෝකේ උදවිය බඩේ අමාරුවට බොන ජාතියේ එකක්. ඇහැට පේන මානෙක මේ බෝතලය තිබුණොත් උගුරු කීපයක් ම බීලා තමයි අපේ උදවිය පස්ස බලන්නේ. ඒ අතින් බලනකොට අපි පුදුම මොරාල් එකකින් දුර දිග බලලා කාපු බීපු මිනිස්සු කියලා හිතෙනවා.මේ නිෂ්පාදන අතරෙන් සමහරක් අදටත් වෙළඳපොලෙන් ගන්න පුළුවන්කම තිබුණාට ඒක හරිම සීමිත අවස්තාවක්. මේ කෑම බීම සම්බන්ධයෙන් අදටත් අපේ ළඟින් ම ඉන්නවා නම් ඒ මේ දේවල් එක්ක බැඳුණු මතක විතරයි.

බන්ටි ටොපිය මේ ටොපියේ හැබෑ රහ දන්නේ මුදලාලි මහත්තයා තමයි. ඇයි ඉතින් ඉතුරු සල්ලි වෙනුවට දුන්නේ මේවනේ. අම්මලාට වේදනාවක් උනත් හවස් වෙලාවක මොනා හරි ගේන්න කඩේට යන දුවට පුතාට නම් බන්ටි ටොපිය මහමෙරක්. දොඩම්, අන්නාසි, අඹ වගේ රසවල් ගොඩක් එක්ක රුපියලකට ටොපි දෙකක් ම කන්න පුළුවන් කාලයකුත් තිබුණා. ඉස්කෝලේ පන්තියේ යාළුවොන්ට උපන්දින පාටියක් දාන්නත් අමතර වියදමක් නැහැනේ. බන්ටි ටොපි ටිකක් අරන් දුන්නා ම වැඩේ ගොඩ.

හෝර්ලික්ස් බිස්කට්ආය ඉතින් කිසි ගින්නක් නෑ හෝර්ලික්ස් බිස්කට් පැකට් එකක් දැක්කත් ගැම්ම ඇවිල්ලා ඉවරයි. ඉස්සර පෙට්ටි කඩවලත් ඕසෙට තිබ්බත් දැන් දකින්න තියෙන්නේ සුපිරි වෙළඳසැල්වල විතරයි. ඒකත් නිකන් අවාරෙට පොල් වගේ දර්ශනයක්. කිරි රහට හැපුණු නිසා බිස්කට් එක කාලා වතුර වීදුරුවක් බිව්වත් පාඩුවක් නෑ. ලොකු පොඩි විදියට බිස්කට් පැකට් දෙකක් ම තිබ්බත් අද දකින්න තියෙන්නේ හෝර්ලික්ස් මෝල්ට් කිරි එක විතරයි.