Naifmvlog

Naifm vlog Gossip and News

ක්‍රිකට් පුහුණු කිරීම්වල

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය තමන්ගේ පුත් රනුක ජයසූරියට ක්‍රිකට් පුහුණු කිරීම්වල නිරත වෙලා ඉන්න වීඩියෝවක් පහුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා සමහරවිට ඔබ දකින්න ඇති. කාලයක් මාධ්‍යයේ පෙනුණේ නැති රනුක දැන් ලොකු ළමයෙක්.

තාත්තගේ අඩිපාරේ යමින් ක්‍රිකට් වෙනුවෙන් දැන්ම ඉඳලම මහන්සි වෙන්න එයා පටන් අරගෙන. තාත්තයි පුතයි දෙන්නා බොහොම කැපවීමෙන් ක්‍රිකට් පුහුණු වෙන විදිහ මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. සමහර වෙලාවට තාත්තගේ සද්දේ ටිකක් වැඩියි. ඒ රනුකගේ උනන්දුව ටිකක් මදි වුනාම. දැන්ම පොඩ්ඩක් තදින් හරි කියලා දෙන්න එපැයි නේද?

නැත්තම් කොහොමද රනුක එයාගේ තාත්තා වගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් කවදාහරි ලෝකෙම දන්න තරුවක් වෙන්නේ. මේ සුපිරි ක්‍රිකට් තරුවගෙත් පුතාගෙත් එකම බලාපොරොත්තුව ඒකනේ….තාත්තා වගේම දක්ෂ ක්‍රීඩකයෙක් වෙලා රටේ නම ලෝකෙට ගෙනියන්න පුළුවන් දක්ෂ ක්‍රිකට් තරුවක් වෙන්න ලැබෙන්න කියලා ඔන්න අපිත් ප්‍රර්ථනා කරමු. මේ මහන්සියත් ඒ වෙනුවෙන්මයි.