Naifmvlog

Naifm vlog Gossip and News

සුපිරි රුවල් නැව් සබ්මැරීන්

සුපිරි රුවල් නැව් සබ්මැරීන් බවට පත්කළ සුපිරි වැඩකාරිය.සබ්මැරිනයක් බවට පරිවර්තනය කළ හැකි සුපිරි සුඛෝපභෝගි රුවල් ඔරුවක් නිර්මාණය කිරීමෙන් “ජේම්ස් බොන්ඩ්” ගණයේ කාර්යයකින් ලෝකාධිපත්‍යයට අභියෝග කරන සිද්ධියක් ඉතාලියෙන් වාර්තා වී තිබේ. ධනවත් ප්‍රකට පුද්ගලයන්ට පමණක් නොව දුෂ්ට දුර්ජනයන්ට පවා සාගර රළ වැල් යටට වී ඉතා රහසිගතව සාකච්ජා පැවැත්වීමටද පහසුකම් සැලැසෙන මෙම හයිබි්‍රඩ් ජල යානය “කැරපේස්” (Carapace) නමින් හැඳින්වෙයි. ලන්ඩන් බසයක් මෙන් අට ගුණයක දිගින් යුත් මෙම සබ්මැරිනයට වරකට අඩි 985ක් ගැඹුරට කිමිඳී දින දහයක් රැඳී සිටිය හැකිය.

දිය යට සැරිසැරීමේදී ඒ අවට සාගර කලාපය ඉතා පැහැදිලිව නැරඹීමේ පහසුකම්ද මෙම යානයෙහි සැලසී තිබේ.කැරපේස් යානයෙහි ගමන් ගන්නා මගීන්ට එහි ඇති විවිධ පහසුකම් බුක්ති විඳිය හැකිය. සුවිශේෂ පුද්ගලයන් සඳහා වෙන්වූ (VIP) කුටියක්, විවේකාගාරයක්, සම්බාහන කුටියක් මත්පැන්සලක් හා ව්‍යායාම් කුටියක්ද එම පහසුකම්වලට ඇතුළත්ය. යානය දිය මත යාත්‍රා කරන විට එහි උඩ තට්ටුවේ හොඳින් ඉර එළිය වැටෙන විවේකාගාරවල සිට අවට සාගර සිරි නැරඹීමට හෝ යානයේ අවරෙහි පිහිටි තටාකයෙහි ගිලී නෑමට හෝ මගීනට පුළුවන. මෙම සුපිරි ජල යාත්‍රාව, ඉතාලියේ නැව් තනන “ෆින්කැන්ටියර්” නමැති ආයතනයේ සැලසුම් ශිල්පිනි මලීනා නැපී (34) මෙනෙවියගේ විශිෂ්ට නිර්මාණයකි. සබ්මැරිනයක් යනු අනෙක් සාමාන්‍ය නැව් මෙන්ම දිය මත යාත්‍රා කළ හැකි ජල යානයකි. එහෙත්, සාමාන්‍ය නැව්වලට නැති විශේෂ හැකියාවක් සබ්මැරිනයට තිබේ.

එනම් දිය යටින් යාත්‍රා කරන්නට ඊට හැකි වීමයි. එසේ ප්‍රකාශ කරන එලීනා නැපී, බෝට්ටුවක් මිලදී ගන්නා කෙනකුට මුහුදක් නොතිබුණහොත් බෝට්ටුවෙන් වැඩක් නොවේයැයිද ප්‍රකාශ කරයි. නිදහසේ සැරිසරමින් පරිසර සුන්දරත්වය උපරිමයෙන් විඳගැනීම සඳහා දිය මත මෙන්ම දිය යටද කිමිඳ යා හැකි එකම යාත්‍රාවකින් ලද හැකි චිත්ත ප්‍රමෝදය අද්විතීය බවද ඒ අත්දැකීම අන් කිසිම විධියකින් ලැබිය හැකි නොවන බවද ඇය ප්‍රකාශ කරයි.

  1. සබ්මැරිනයක් වශයෙන්ද යොදාගත හැකි සුඛෝපභෝගි සුපිරි ඔරුවක් ඉතාලියෙහි නිර්මාණය වී තිබේ. ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම යානයයි. අඩි 985ක් දිය යටට කිමිඳීමේ හැකියාව ඊට තිබේ.
  2. පැරණි හයිබි්‍රඩ් වාහනයක සැලැස්ම අනුව නිර්මිත මෙම ජල යාත්‍රාව “කැරපේස්” (Carapace) යනුවෙන් හැඳින්වෙයි. මෙය දිගින් ලන්ඩන් බසයක් මෙන් අට ගුණයකි.
  3. මෙම යාත්‍රාවට ඇතුළු වී ඉතා රහසිගතව රැස්වීම් පැවැත්වීමටත් ගිවිසුම් තහවුරු කරගැනීමටත් ව්‍යාපාරික ප්‍රධානීන්ට මෙම යාත්‍රාව තුළ පහසුකම් සැලසී තිබේ. ඡායාරූපයෙහි දැක්වෙන්නේ යාත්‍රාව තුළ එවැනි හමුවීම් සඳහා වෙන් වුණ කුටියයි.
  4. මෙම යාත්‍රාව සුවිශේෂ පුද්ගලයන් සඳහා වෙන්වුණු කුටියකින්, විවේකාගාරයකින් සම්බාහන කුටියකින්, මත්පැන් හලකින් සහ ව්‍යායාම් කුටියකින් සමන්විතය.
  5. පවුම් මිලියන ගණනක් අගනේ යැයි සැලකෙන මෙම සුඛෝපභෝගි යාත්‍රාව, ෆින්කැන්ටියරි නමැති ආයතනයේ නිර්මාණ ශිල්පිනි, 34 හැවිරිදි එලීනා නැපීගේ විශිෂ්ට නිර්මාණයකි. ප්‍රේමචන්ද්‍ර අල්විස්.. යමුද මේකේ අතුල  බලන්න