Naifmvlog

Naifm vlog Gossip and News

පෘථිවියට සමාන

ක්ෂීර පථයෙන් එපිට පෘථිවියට සමාන ග්‍රහලෝකයක් ගැන තොරතුරු අනාවරණය කරගන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.2009-2018 කාලය ඇතුලත නාසා ආයතනයේ ‘කෙප්ලර්’ දුරේක්ෂය මගින් සොයා ගත් මෙවැනි ග්‍රහයන් 2681ක් අතරින් ප්‍රමාණයෙන් හා උෂ්ණත්වයෙන් සමාන යයි උපකල්පනය කරන මෙම ග්‍රහයා ආලෝක වර්ෂ 300ක් එපිටින් පිහිටා තිබෙනවා.කෙප්ලර් ව්‍යාපෘතිය 2018 දී නවතා දැමුනද එයින් ‍රැස් කරගත් තොරතුරු තවමත් අධ්‍යයනය කරමින් නව සොයා ගැනීම් සිදු කෙරෙමින් පවතිනවා.

කෙප්ලර්-1649c ලෙස නම් කර ඇති මෙම නව ග්‍රහයා පෘථිවිය මෙන් 1.06ක විශාලත්වයකින් යුක්ත බව සඳහන්. එමෙන්ම පෘථිවියට සූර්‍යාගෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය මෙන් 75% ආලෝක ප්‍රමාණයක් එම ග්‍රහයාට ලැබෙන බැවින් පෘථිවියට සමාන උෂ්ණත්වයක් ඇතැයි සැලකෙනවා.එම ග්‍රහයාගේ පිහිටීම අධ්‍යයනය කරන විද්‍යාඳයන් බොහෝ දුරට එහි ජලය ඇතැයිද එබැවින් ජීවය පැවතීමට ඉඩ ඇතැයිද මත පළ කරනවා.කෙප්ලර් ග්‍රහයා අයත් සූර්‍යයා අපට අයත් සූර්‍යයාට වඩා තරමක් කුඩා සහ සිසිල් බව හෙළි වී තිබෙනවා.