Naifmvlog

Naifm vlog Gossip and News

මෙන්න යාලුවා කියන බොරු

* උදේම ඇහැරුණා, බුදුන් වැන්දා, මිදුල අතුගෑවා, අම්මට උයන්න උදවු කළා, ඔෆිස් ආවා වගේ බොරු කියන ඩයල් ඉන්නව. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ වගේ සීන් කියවන්නෙ එහෙම නොකරන එවුන්. අඳින ඇඳුමත් අම්මටම හෝදන්න දෙන පුතාලා තමයි තැන තැන ඔය වගේ ටෝක් ඉෂූ කරන්නෙ.

* ඊයෙ බිව්ව බිවිල්ලක් දෙල් දොදොල් වෙන්න. මුලින්ම විස්කි. ඒ අස්සෙ බියර්වලට ආස හිතිලා බියර් අඩියක් ගගහා ඉන්නකොට ටෙකීලා බොන්න වුණානෙ. මෙන්න මේ වගේ බොරු කියන්නෙ වැඩිය බොන්න බැරි බුවාලා. ඇත්තටම මිනිහෙක් බොන ප්‍රමාණෙන් ඒ මනුස්සයව මනින එක තරම් ගොන් පාට් එකක් තුන් ලෝකෙම නැතුව ඇති. හැබැයි ඒකට හරියන්න තමුන් හෙනට බොනවය ඒ නිසා තමුනුත් හෙන පොරක්ය කියල හිතන එක හතරවරං ගොන් කමක්.

* ඔන්න පුතෝ ඊලඟ එක. හෙන චණ්ඩියා කියල පෙන්නනව. දන්නවනෙ ඉස්කෝලෙ කාලෙත් ඉස්සරහින්ම ගිහිල්ලා කෑගහලා වලිය ෆෝම් කරල ගන්න ඩයල් එක තමයි පාරවල් දෙකක් කෑව ගමන් පස් කාගෙන එන්නෙ කියල. ඉතිං ඇත්ත චණ්ඩි කියවන්නෙ නෑ කියන එක මේ අය තේරුම් ගන්නෙ නෑ. ඒ නිසා ඉතිං අපරාදේ ජීවිත හානී වේ

* ටුස් ගාලා කෙල්ලො සෙට්වෙන කොල්ලො ඉන්නව. ඒ වගේම ටූස් ගගා අවුරුදු ගාණක් හිටියත් කෙල්ලො සෙට් වෙන්නෙ නැති කොල්ලො බහුලව ඉන්නව. ඔය විදියට කෙල්ලො සෙට් වෙන එකා කවදාවත් ඒ ගැන තැන තැන කියවන්නෙ නෑ. හැබැයි පුතේ නැති එකා දෙනව අල්ලෙ පැලවෙන ටෝක්. ඇත්තටම උන්ට සමහරවිට එක කෙල්ලෙක්වත් නැති වෙන්නත් පුළුවන්. හැබැයි තුනක් හතරක් හැන්ඩ්ල් කරන ගානට තමයි කතාව යන්නෙ

* තමුන් හෙනට බොන එකා කියල අනුන්ගෙ කටින් කියවන්න හදන මිනිස්සු දාන බොරුවක් විදියටත් මේක දක්වන්න පුළුවන්. ඒ වගේම වෙනිං අංජබජල් හේතුවක් හින්දා බොන එක නවත්තන්න වෙලා අමුතු දාර්ෂණික ටෝකක් පිටින් ඒක දමල ගැහුව වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ඉතිං අනේ තොපිට එපා නං එක් වාරයක් අපා.. අපට එපා පන්සිය වාරයක් තොපා…….කියල බොන එවුන් ටිකත් එක්ක සෙට් වෙන්නයි තියෙන්නෙ.

* ඔෆිස් එකේ බොස්ගෙ හිතගත්තු සිරා වැඩකරු තමුන් කියල පෙන්වන්න කෙල්ලො එච්චර කැමති නෑ. මොකද ඊටපස්සෙ බොස් එක්ක ඇඳලා නමක් හැදෙනවනෙ. හැබැයි සමහර කොල්ලොනං ඒක අනිත් එවුන්ට පෙන්නන්න හෙනට දඟලන තත්තවයක්. ඉතිං උන් ඉන්නෙ බොසා හිටියත් උන් තමයි සම්පූර්ණ බර කරට අරන් වගකීම ඉෂ්ඨ කරගෙන යන්නෙ කියල.