Naifmvlog

Naifm vlog Gossip and News

එළවළු පාර්සල් ගමකට

එළවළු කොටුවක අස්වැන්න මිලට ගෙන පවුල් 650ක් සිටින ගමකට නෑගම් යෑමේ සත්ක්‍රියාවක් රත්තොට ගාලේකොටළුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. රත්තොට ආර්.එම්. රත්නායක මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි පහුගිය දවසක මෙම නෑගම් යෑම සිද්ධ වෙලා තිබුනේ.

මේ ඇඳිරි නීති සමයේ එළවළු වගා කරලා ඒවා විකුණගන්න බැරුව ගොවියන් අසරණ වෙලා එළවළු කොටුවල අස්වැන්න මිලට ගත්ත මේ රත්නායක මහත්තයා ගමේ තරුණයන් සමඟ එකතුවෙලා ඇසුරුම් කරලා එළවළු පාර්සල් 650ක් ගම්වාසීන් අතර බෙදා දීලා තියනවා කියලා තමයි ආරංචිය.ඇඳිරි නීතිය නිසා ගොඩක් මිනිස්සු අසරණ වෙලා ඉන්න මේ වෙලාවේ හැම පැත්තක් ගැනම හිතලා තමන්ට පුළුවන් තරමින් අසරණයන්ට උදව්වුන මේ වගේ උතුම් මිනිස්සුත් තාම අපි අතර ඉන්නවා.

රටේ මිනිස්සු මේ තරම් අසරණ වෙලා ඉන්න වුනත් ගොඩක් අය ඒ ගැන අමතක කරලා බොහොම ඉහළින් අවුරුදු සමරලා තියනවා දකින්න නොලැබුණාම නෙමෙයි. හැබැයි තමන් අවුරුද්ද සමරන අතරේ නැති බැරි අසරණයන් ගැන මේ වගේ හිතන්න හැමෝටම බෑ. ඉතින් මේ අලුත් අවුරුද්දේ නීති කඩන්නේ නැතුව හැමෝගෙම හිත් සතුටු කරපු මේ නෑගම් යෑම මුළු රටටම ආදර්ශයක් කියලයි අපිටනම් හිතෙන්නේ.