Naifmvlog

Naifm vlog Gossip and News

ආවට ගියාට යන්න බැරි

ජ්‍යොතිෂය ගැන එතරම් විශ්වාසයක් නැති අයකු වුවද විවාහයක් සිදුකරන විටදී ජ්‍යොතිෂයට එකඟව කරන බැව් පැහැදිලිය. නවීන විවාහ සිදුවන්නේ හෝටල් තුළය. සමහර විට හෝටල් කලාව අනුව එතැනින් දෙන දිනයකදී විවාහ කටයුතු කිරීමටද පෙලඹෙන අවස්ථා යෙදී තිබේ. සෙනසුරාදා, ඉරිදා නිවාඩු දිනවලද විවාහ වීමේදී පංචාංගයද මුල් තැනක් නොගනී. සමහර විට අසුබ මරයෝග යෙදෙන්නට පිළිවන.සේවාදායකයාට මේ ගැන පැහැදිලි කිරීමේදී යම් යම් ගැටලු පැන නඟී. රූපලාවණ්‍ය කටයුතු, ඡායාරූප ශිල්ප කටයුතුවලටද විශාල කාලයක් වෙන් කිරීමට සිදුවෙයි.පංචාංගය ශුද්ධ නොවූ දිනයක විවාහයක් වීම අසුබ පල අත්විඳීමට හේතු වන්නේය. දෝෂ කිසිවක්ම නැති නැකැත් යොදා ගැනීම ඉතාම දුෂ්කර වුවත් විශේෂයෙන්ම ඒ ගැන වැඩි අවධානයක් තිබීම වැදගත්ය.

පෝරුවේ චාරිත්‍රයෙන් පසු පවතින දෝෂ සහිත නැකැත් යෙදීමෙන් සිදුවන්නේ කුමක්ද එදින වාසනාවකට මෙන්ම දාරක සම්පත් දෙන කලල බීජයක් රෝපණය වීමද සිදුවිය හැකිය. ඒ නිසා මුළු රැයම ඉතාම සුබව පැවැතිය යුතුයි.මේ ගැන එළිපිට කතා කළ නොහැක. බොරු සදාචාරාත්මක පටලැවිල්ලක් නිසා කඩතුරාවකින් මුවා වී තිබේ. ඇත්ත කතාව එදිනම මුළු මධුසමය රාත්‍රිය පුරාම ඉතාම සුබවාදී ප්‍රශස්ත දෙදෙනාටම සම්පත්, ක්‍ෂේම, මෛත්‍රී හෝ පරම මෛත්‍රී යන නැකැතක් යෙදී තිබීම සුවිශේෂියි. නම් ප්‍රසිද්ධ කිරීමේ සිට මධුසමය දක්වා කාල පරාසය ඉතාම සුබ මුහුර්තයක් විය යුතුයි. ගෙදරින් පිටත්වී රූපලාවණ්‍ය ශිල්පිනිය හමුවීමට යන මොහොත ඉතාම සුබ වේලාවක් වීම අනිවාර්ය වන්නේය.

පංචාංග දින ශුද්ධියක් වීම හිරු උත්තරායනය තුළ ගතකර කාලය වෙසක්, පොසොන්, ඇසළ තෙමසක්ද ජන්ම නැකැත් සීහෙන නැකැතක් සොයා ගැනීමත්, රෙහෙණ, මුවසිරස, උත්‍රපල්, සා, හත, අනුර, උත්‍රසල, උත්‍රපුටුප, අස්විද, මා, මුල, රේවතී නැකැත්ද පුර පස 2, 3, 5, 7, 10, 11, 13 තිථිද සුබයි.මංගල දිනයේ රවි සිටින නැකැතින් 5, 6, 7, 8, 9, 10 සහ 20, 21, 22, 23, 24, 25 නැකැත් වීමද, සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා තත්කාල ලග්නයට වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු ලග්නයන්ද, රික්තා තිථි 3ක්ද, පෝය තිථි 4ක්ද අසුබයි. මිථුන, රවි, ඇසළ මාසයේ පුර තිථි 4, 8, 9, 14, 15 අව පස සියලු තිථි අසුබයි.

මා නැකැතේ සහ මුල නැකැතේ 1 වැනි පාදයද, රේවතීයේ 4 වැනි පාදයත් සුබ නැත. මේෂ, රවිය බක් මාසයද, වෘශ්චික රවියේ ඉල් මාසයද, මකර, රවියේ දුරුතු මාසයද සුබ නැත.කෝණ මාසවල අග දින 15 අසුබයි. පවුලක වැඩිමල් දරුවාට ඔහු උපන් චන්ද්‍ර මාසය යෙදෙන කාලය මඟහරවා ගැනීමත්, වෙසක් මස උපන් දෙදෙනකුට එම මස විවාහයට සුබ නැත. ජන්ම නැකැත ජන්ම දිනය ජන්ම මාසය අසුබයි.එදින රාත්‍රී 8.00 සිට අලුයම 4.45 දක්වා ඉතාම සුබ වීම අනිවාර්ය වන්නේ මධුසමය රාත්‍රිය බැවින්ය.ගුරු හෝරාව පංචමය හා සූක්‍ෂ්මය තෝරා ගැනීම වඩාත් ඵලදායී වෙයි.(මෙදින කේන්දරේ 2, 7, 8, 12 තැනක කිසිම ග්‍රහයකු නොමැති වීම ඉතාම යහපත්ය.)රවි 1, 2, 5, 8, 12 නොවීමට වගබලා ගතයුතුයි. එයගැන විමසිලිමත් විය යුත්තේය. කුජ ලග්නයේ වූ විට දෙදෙනාටම අසුබයි. සුබ ග්‍රහයන් 1, 2, 4, 7, 9, 10, 11 රාශිවලද පාපීන් 3, 6, 11 ද සුදුසුයි.ගුරු ලග්නයේ බලවත්ව සිටීම සුබයි.

එය සියලු දෝෂ භංග වීමට කාරක වෙයි. සිකුරු 6 වැන්නේ සිටීමේ දෝෂය සිකුරු නීචවී හෝ සතුරුව සිටියේ නම් භංගයි.එසේම මංගල නැකැත් සකසා ගැනීමේදී එකී නැකැත්වල යම් දෝෂයක් ඇත්නම් ඒවා භංග වන ආකාරයට ග්‍රහ පිහිටුවීම් අනිවාර්ය වෙයි. ඍෂි මතය අනුව ඕනෑම විටක විවාහ වීමට සුබ මුහුර්ති සකස්කර ගැනීමට විශාල උත්සාහයක් දැරිය යුතුයි. දවසේද, උදා වී ඇති නැකැතේද සුබ යැයි පමණක් සිතා මංගල නැකැත් සෑදිය නොහැකිය. නමුත් කෝණ මාසවලද විවාහ වීම අසුබ යැයි කියා ජනයා අතර එළඹ ඇති මතය නිවැරැදි කිරීමට කාලය උදාවී ඇත.රාහු කාලය තුළද නැකැත් සඳහා ක්‍රමය දක්වා ඇත්තේද මෙකී දෝෂ භංග කරන ක්‍රමවේදය උපයෝගී කරගෙනය. එබැවින් විවාහයේ කුමන නැකැතක් සෑදුවත් එම දෝෂ භංග කරන ආකාර මැනවින් ප්‍රගුණකර ඇත්නම් ඕනෑම කාල පරාසයක විවාහයේ සුබ ප්‍රතිඵල ලැබීමේ හැකියාව ජ්‍යොතිෂය හා චන්ද්‍රයා සිටින වෙලාවයි. නැකැත් වසර පුරාම පවතී. අවශ්‍ය වන්නේ දැනුම හරහා සොයා ගැනීම් ක්‍රමවේදයයි.විවාහයකට සුබ නැකැත් සාදා ගැනීම කොතරම් දුෂ්කරද යන්න මෙයින් පැහැදිලි වෙයි.ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල