Naifmvlog

Naifm vlog Gossip and News

තැලීම් පැනීම් ගැන

ද්දුම බණ්ඩාර ගහළයාට ගෙල දුන්නේ ඉදිරියට පනිමින්ය. ඉදිරිපත් වීම එකකි. ඉදිරියට පැනීම තවත් එකකි. පනින්නා ඉදිරිපත් වීමට පෙර පනියි.ග්‍රහ ලොව ආවේගශීලී ග්‍රහයා කුජය. කුජගේ ආවේගය තුළ ගරුසරු දැක්වීම් නැත. අදහස් විමසීම් නැත. කුජගේ ගතිගුණ උරුම වූවන් නිතර අන්‍යයන්හට පැරදීමට, යටත්වීමට කැමැත්තක් නැත. දබරයකදී ආවේගශීලීව පනින්නන්ද, සිත පීඩාවට පත්කර සිත අඹරවා ගත්තන්ද ප්‍රතිවාදියාගේ ආවේගය හමුවේ ශරීරය තළා ගන්නෝද දකින්නට ලැබෙති.කැඩුම් – බිඳුම් වෙදකමේ ප්‍රතිකාර සිදු කරන්නේ කැඩීම්-බිඳීම් සඳහාම පමණක් නොවේ. පැනීම, ඇඹරීම, තැල්ම ද හඳුනා ප්‍රතිකර්ම යෙදීම කැඩුම්-බිඳුම් වෙදකමේ සොබාවයයි.කැඩීම්-බිඳීම් යන වචන දෙකෙන්ම නිගමනය වන අර්ථය බෙහෙවින්ම සමාන වුවද, කැඩුණු ස්ථානයට වඩා බිඳුණු ස්ථානයේ කුඩා ඇට කැබැලි කිහිපයක් රැඳී සිටීමට ඉඩ ඇත. ශරීරයට සම්බන්ධ වූ ඇටයක්, නහරයක්, කණ්ඩරාවක්, මාංශපේශී කැඩී බිඳී යෑම මින් අදහස් වෙයි.වාහන අනතුරු ආදියේද කැඩීම්-බිඳීම් බහුලය.පැනීම හෙවත් විස්ථාපනය කැඩීම්-බිඳීම්වලට වඩා වෙනස්ය.

යම්කිසි ඇටයක් සන්ධිස්ථානයෙන් ස්වල්ප වශයෙන් හෝ සම්පූර්ණයෙන් ඉවතට පැනීම මෙහි අර්ථයයි. විශේෂයෙන් උකුල් ඇට, වැළමිට, උරහිස නිතර මෙම අතවරයනට ලක්වන ස්ථානයි.මිනිසාගේ ශරීරයේ ඇඹරීම අයහපත් වූ සඳු ග්‍රහයාගේ සොබාවයට උපමා කළ හැකිය. සඳු ග්‍රහයා අයහපත් වූ ජන්මියාගේ සිතිවිලි නිතර පීඩාකාරී වෙයි. සිතට සහනයක් නැත. සිතේ ඇඹරීම මත ගතද මන්දෝත්සාහී වෙයි. හුදෙකලාව කනස්සල්ලට පත්වෙයි. කැඩුම්-බිඳුම් වෙදකමේදී යම් මාංශපේශියක්, නහරයක්, කණ්ඩරාවක්, සන්ධියක් ප්‍රමාණයට වඩා උඩට, යටට හෝ හරහට නැමී යෑම ඇඹරීමයි. පහර වැදීමෙන් හෝ වැටීමෙන් ශරීරයේ ඇඹරීම් ඇති විය හැකිය.මාංශපේශියක්, ශිරාවක්, කණ්ඩරාවක් හෝ සන්ධිස්ථාන ඝන ද්‍රව්‍යයක ගැටීමෙන් ඇති වන ආබාධය තැල්මයි. මෙය බාහිර, අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකි.බාහිර තැළීම්වලද තැලුණු ස්ථානය නිල් පාට වන අතර, මාංශපේශි අක්‍රියවත් වෙයි. අභ්‍යන්තර තැළීම යනු මොළය, කුඩා මොළය, පෙණහලු, අක්මා, අන්ත්‍රවල සිදුවන තැළීමයි.

එසේ සිදුවන තැළීම්වලදී ඇස් රතු පාට විය හැකි අතර, නාසයෙන් හෝ කන්වලින් ලේ ගැලීම් සිදුවිය හැකිය. බෙල්ලෙන් පහළ අභ්‍යන්තර තැළීම්වලදී මුත්‍රා හෝ ගුද මාර්ගයෙන් ලේ වහනය විය හැකිය.පැනීම, ඇඹරීම, තැල්ම යන පීඩාවන්වලදී පැනීම මූලිකව වැඩි වශයෙන් සිදුවන්නේ උරහිස් සන්ධිය පැනීමයි. ගැටීමෙන්, වැටීමෙන් සිදුවිය හැකි මෙවන් අනතුරට වැඩි වශයෙන් තරුණ පිරිස් ගොදුරු වෙයි.උරහිස් සන්ධිය පැන්න විට මෝල්ගසක් වැනි මුගුරක් කිහිල්ල යටට තබා කිහිල්ල උඩට ඔසවා බාහු දණ්ඬේ ගෝලාකාර කොටස සන්ධි කුහරය තුළට පිවිසවා සන්ධි තෙලක් හෝ ගිතෙල් මෘදු ලෙස තවරා වෙළුම් පටිවලින් වෙළිය යුතු බව කියැවෙයි.උරහිස් සන්ධිය පැනීම හෙවත් විස්ථාපනය නිවැරැදිව හඳුන්වන, සකසන ආකාරය මෙලෙසය.උරහිස් සන්ධිය ග්ලේනොයිඞ් කුහරය හා ප්‍රගණ්ඩයේ හිස අතර ඇති සන්ධිය ලෙස හැඳින්වෙයි. විස්ථාපනය වන විට ප්‍රගණ්ඩයේ හිස බොහෝ විට ඉදිරියට පනියි.

එය පූර්ව විස්ථාපනයයි.ඉතා කලාතුරකින් ප්‍රගණ්ඩයේ හිස පිටුපසට පැන අපර විස්ථාපනය සිදුවන අවස්ථාද ඇත.කුඩා තුවායක් නවා දිගු අතට කිහිල්ල යටින් දමා කෙළවර දෙක එක්කර එය උරහිසට උඩින් ඇදීමෙන් විස්ථාපනය සකස් කිරීමට හැකිය.රෝගියා පුටුවක වාඩි කරවා රෝගියාගේ වැළමිට ඍජු කෝණයකට නවා වැළමිට පහතට අදිමින් යටිබාහුව ක්‍රමයෙන් පිටතට කරකැවීමත්, වැළමිට ඇඟ මැදට ගැනීමත් කළයුතු වෙයි. ඒ සමඟම රෝගියාගේ අත්ල අනෙක් උරහිස දෙසට යොමු කළ යුතුය. එය උරහිස් සන්ධියේ විස්ථාපනය සකස් කිරීමට මඟකි.වෙළුම් පටිවලින් ගාත්‍රය ඇඟට වෙළා දින 20ක් පමණ විවේකයක් ලබා දීමෙන් විස්ථාපනය සකස් වෙයි. අත ක්‍රමයෙන් චලනය කිරීමෙන් අත යථා තත්ත්වයට පත්වෙයි. උරහිස් සන්ධිය වරින්වර විස්ථාපනය හෙවත් පැනීම සිදුවන්නේ නම් ගැටලුවකි. එය ශල්‍යකර්මයක් මඟින් නිවැරැදි කළයුතුය.

උරහිස් සන්ධිය මෙන්ම ශංඛක, පීචය සන්ධිය විස්ථාපනය හෙවත් හක්ක පැනීමද නිසිව නිවැරැදි කළයුතු විස්ථාපනයකි. මුඛය වැසීමට නොහැකියාව, වේදනාව, දත් දෙපේළිය ඈත්වීම, ගිලීමට, කතා කිරීමට බැරි වීම මෙහි ලක්‍ෂණයන්ය. රෝගියා පුටුවක වාඩි කරවා රෝගියාගෙන් ඇඟිලි හැපීම වැළැක්වීම වෛද්‍යවරයා තම දෙඅත් මහපටැඟිලිවල රෙදි කැබැලි දෙකක් ඔතා එම ඇඟිලිවලින් රෝගියාගේ මුඛයේ අන්තිම දත් යටින් එම දත් මතුපිට ඇඟිලි තබා යටිහක්ක තදින් ඇල්ලිය යුතුය. යටි හක්ක ක්‍රමයෙන් පහළට තල්ලු කර රෝගියාට කට වැසීමට සැලැස්වීමෙන් විස්ථාපනය සකස් වෙයි.උරහිස පැනීම, හක්ක පැනීම එදිනෙදා අත්විඳීමට දැකීමට ලැබෙන විස්ථාපනයන්ය. මෙම පැනීම් පිළිබඳ නිසි අවබෝධයක් ලබා තිබීම එවන් පීඩාවකින් මිදීමට මඟකි.පැනීම, ඇඹරීමට, තැල්මට වඩා බලවත්ය. පැනීමෙන්, ඇඹරීමෙන්, තැළීමත් ඇතිවීමට ඉඩ තිබේ. කැඩුම්-බිඳුම් වෙදැදුරු සිය දැනුම අනුව පීඩාවේ ස්වභාවය අවබෝධකර ගනියි.එය වඩාත් අර්ථවත් වන්නේ පනින්න පෙර සිතා බැලීමට වඩා පැනීමෙන් පසු සිතා බැලීම තුළිනි.ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති