Naifmvlog

Naifm vlog Gossip and News

තට්ටු නිවාස ගද්දී

මහල් නිවාස නිර්මාණය පෙරදිග වාසීන්ගේ විස්මිත නිර්මාණයකි. ඉපැරැණි අය කළුගල් තීරු (කළු ගල් බාල්ක ඉරා භූමියේ සිටුවා ඒ මත ලී දඬු අතුරා ලෑලි යොදා මහල් නිර්මාණය කළ බවට සාධක තිබේ. අනුරාධපුරයේ ලෝවාමහා ප්‍රාසාදයද ඊට හොඳම නිදසුනකි. කළුගල් ඉරීම සඳහා විවිධ ඖෂධ දියරයන් භාවිත කෙරිණි. කිරිමැටිවලින් ගල මත කානු බැඳ නියමිත ඖෂධ වර්ග අඹරා දියකර එකී කානු පුරවා දිනක් ගතවූ විට කළුගල දික් අතට පැළී ඉරි සෑදේ. පුස්කොළ පොත්වල සඳහන් එකී ඖෂධ වර්ගවල නියම අර්ථය මෙතෙක් සොයාගෙන නොමැත.ගල් මෙළෙක් කළ හැකි බවට ඉපැරැණි සාක්‍ෂි ඇත.

මහල් නිවෙසක් ගොඩනැඟීමට ග්‍රහ බලය තිබිය යුතුමද යන්න නැඟෙන එක්තරා ප්‍රශ්නයකි. මෙහි මූලාශ්‍රීය පදනම වන්නේ මූල්‍යමය සම්පත්, මිල-මුදල් මතමය යන්න වඩාත් ප්‍රධාන වන්නේ අතමිට ශක්තිමත් කෙනකුට පමණක් එවැනි මහල් නිවාස ගොඩනඟා ගැනීට හැකි වන බවද ජ්‍යොතිෂ පදනම මතද සලකා බලන විටදී පැහැදිලි වනු ඇත.සමහර විට මහල් නිවාස ගොඩනැඟීමට ගොස් අතරමඟ ඇන හිටි තැනට පත්වන බවද පෙනේ. හැමටම හැමදේටම ඒකාකාරව ඵල නොදේ යන න්‍යාය මෙතැනදී ක්‍රියාත්මක වෙයි.

මහල් නිවාස ඉදිකරන අය එක එක ක්‍රමයන් අනුගමනය කරති. ගෙයි බිම්මහලේ අත්තිවාරමේ පිහිටීම අනුව එකී ගෙයි උතුර, දකුණ, නැඟෙනහිර, බස්නාව තීරණය කරගත්හ.සම්පූර්ණයෙන්ම උඩුමහල සෑදීම සුබයි. උඩුමහලේ කොටසක් සාදන විට උතුර හෝ නැඟෙනහිරඋස්වීම යහපත්ය. දකුණ හෝ බටහිර උස්වීම එතරම් සුබ නැත.බිම් මහලේ ප්‍රධාන දොර ඉතාමත්ම නිවැරැදි පාදයේ තිබීම අනිවාර්ය වෙයි. කුරුස බිත්ති නැති විය යුතු වෙයි. ඇතුළත දොරටු හා ජනේලද විකර්ණ රේඛාවට වැටෙන සේ දොරටු මෙන්ම ආරුක්කුද නොතිබිය යුතුමය.පහත බිම් මහලේ වාස්තු දෝෂ නොමැති නම් උඩු මහල්වලට වාස්තුමය දෝෂය බලනොපාන බව දක්වමු.

දැනට සාදා ඇති නිවෙසක උඩුමහලේ දකුණ හෝ බටහිර යන දිසාවක් පමණක් උස්ව ගොඩනඟා ඇත්නම් එහි ඇති ඵලවිපාකවලට වඩා පහත බිම අත්තිවාරමේ දෝෂ පිහිටා ඇත්නම් ඒවා නිවැරැදි කරගැනීම වඩාත් යහපත්ය.පහත බිම අත්තිවාරම නියමිත දිග – පළල නිසි වර්ගීකරණයට අනුව උසස් ඵලයක් ලැබේ නම් ඉහළ මාලවලට බලපෑම් අඩු වෙයි.තවද නිවෙසක පවතින වාස්තු දෝෂ ඉවත් නොකර පිටතින් පූජාවන්, යන්ත්‍ර-මන්ත්‍ර, ගුප්ත විද්‍යා, තොවිල් හෝ වෙනයම් බාහිර පිළියම්වලින් පලක් නැත. අවශ්‍ය වන්නේ නිවැරැදිව නිවෙසේ බිම අත්තිවාරමේ සිට සියලුම වාස්තු දෝෂයන් ඉවත් කිරීමයි.ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල