Naifmvlog

Naifm vlog Gossip and News

අවුරුදු අනු නවයේ රණවිරුවා

මේක මුළු ලෝකයම කොරෝනා වසංගතය නිසා බියෙන් ඉන්න මොහොතක්. අද වෙද්දී මේ ලෝකය පුරා මේ ලෝකයට ගොදුරු වුන විශාල පිරිසක් ජීවිතයත් මරණයත් අතර සටනක. තවත් විශාල පිරිසක් මියගිහින්.මේ අතරේ කොරෝනා වෛරසයට ගොදුරුව සිටින රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයන්, ස්වේච්ජා සේවකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 14.6ක් එකතු කළ 99 හැවිරිදි රණවිරුවෙකු ගැන පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.

ආධාරකයක් උපයෝගී කර ගනිමින් බොහොම අමාරුවෙන් ඇවිදින මේ Tom Moore නම් මෙම 99 හැවිරිදි රණවිරුවා අප්‍රේල් 30 වෙනිදාට යෙදිලා තියෙන තමන්ගේ 100 වන උපන් දිනය ඉලක්ක කර ගනිමින් එයාගේ ගෙවත්ත තුළ වට 100ක් ගමන් කිරීම ආරම්භ කර තිබෙනවා.බ්‍රිතාන්‍යයේ යෝක්ෂර් ප්‍රාන්තයේ ජීවත් වන ඔහු දිනකට සිය ගෙවත්තේ වට 10ක් ඇවිදමිනවා කියලයි දැනගන්න ලැබෙන්නේ.ඔහු මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ මේකෙන් ඩොලර් 1250ක් එකතු කරලා සෞඛ්‍ය සේවකයින් ගේ සුබ සාධනය වෙනුවෙන් ඇති ගිණුමට බැර කිරිමේ අරමුණින්.

කොහොම වුනත් ඔහුගේ ආධාර එකතු කිරිමේ පළමු දිනය අවසානය වන විටම බලාපොරොත්තුව සිටි මුදල එකතු වී තිබුනා වගේම ඉන් පසුවත් දිගින් දිගටම ආධාර ගලා ඒමට පටන් ගත් බව වාර්තා වනවා.මේ කතාව සමාජ මාධ්‍ය හරහාත් ලොකු කතා බහක් ඇතිකළ නිසා ඔහු බලාපොරොත්තුවූ ඉලක්කය කරා යාමට උදව්වක් ලැබුනා කියලත් කියන්න පුළුවන් ” ඔහු සත්‍ය වශයෙන්ම පුරාවෘත්තයක්” කියලා තමයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ වෙනුවෙන් පිහිටුවා ඇති සුභ සාධන සංගම් ප්‍රකාශ කර සිටින්නේ.