Naifmvlog

Naifm vlog Gossip and News

අයින්ස්ටයින්ගේ රහස

භෞතික විද්‍යාව තුළ මහත් සේ කතාබහට ලක්‌ වන විද්‍යාඥයන් දෙපළක්‌ ලෙස ඇල්බට්‌ අයින්ස්‌ටයින් හා ස්‌ටෙෆාන් හෝකින්ස්‌ හඳුන්වා දිය හැක. ඇල්බට්‌ අයින්ස්‌ටයින් 20 වැනි සියවසේ දී ජීවත් වූ අතර සාපේක්‍ෂතා වාදය ලොවට හඳුන්වා දෙමින් භෞතික විද්‍යාව තුළ මහත් පෙරළියක්‌ සිදු කරන ලදී. වර්තමානයේදී ලොව පුරා ඉමහත් කතාබහට ලක්‌ වන න්‍යෂ්ටික ආයුධ තාක්‍ෂණයේ දී ද විද්‍යාඥයන් විසින් භාවිතා කරනුයේ අයින්ස්‌ටයින්ගේ සෛද්ධාන්තික කරුණුය.ස්‌ටෙෆාන් හෝකින්ස්‌ විශ්වයේ අභිරහස්‌ සොයා යැම සම්බන්ධව ප්‍රචලිත වූවෙකි. විශේෂයෙන් අභ්‍යවකාශයේ පවතින කළු කුහර සම්බන්ධව ඔහු විසින් සිදු කළ සොයා ගැනීම් ද භෞතික විද්‍යාවට නව මූලධර්ම හා සිද්ධාන්ත හඳුන්වා දීම හරහා ඔහු සුවිශේෂී ඇගයීමකට ලක්‌ වී ඇත. වයස අවුරුදු 20 ගණන් වලදී ස්‌නායු රෝගාබාධයකට ස්‌ටෙෆාන් ගොදුරු වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔහුට ලිවීමට, කියවීමට, ඇවිදීමට හෝ ඇසීමට නොහැක. එහෙත් ඔහුගේ සුවිශේෂී බුද්ධි මහිමය නතර කිරීමට මෙම ආබාධිත තත්ත්වයට නොහැකි විය.භෞතික විද්‍යාව තුළ ඇල්බට්‌ අයින්ස්‌ටයින් හා හෝකින්ස්‌ යන දෙදෙනා අතර පළමු තැන ලබා ගැනීම සඳහා තරගයක්‌ පවතින අතර ඇතැමුන් එහි පළමු තැන අයින්ස්‌ටයින්ට ලබාදෙන අතර තවත් සමහර විචාරකයන්ගේ මතය එම ස්‌ථානය හෝකින්ස්‌ට හිමිවිය යුතු බවයි.

අයින්ස්‌ටයින් හා හෝකින්ස්‌ අතර පවතින මෙම සීතල යුද්ධය (Epic Rap Battles of History) ලෙස හඳුන්වා දෙන අතර විකට නළුවන් යොදා ගනිමින් මෙය නාට්‍යානුසාරයෙන්ද අපූරු අන්දමට ගොඩනගා ඇත. (You Tube) වෙබ් අඩවියට පිවිස මෙම අපූරු විනෝදාත්මක වීඩියෝ පටය නරඹන ලෙස මම ඔබට ආරාධනා කරමින් මේ ලිපිය මෙසේ අරඹමි.මධ්‍යස්‌ථ විචාරකයන් සඳහන් කරන අන්දමට අයින්ස්‌ටයින් මෙන්ම හෝකින්ස්‌ යන දෙදෙනාම ඉහළ බුද්ධි මට්‌ටමකින් සමන්විත වූවන්ය. එහෙත් හෝකින්ස්‌ගේ බොහෝ ක්‍රියාදාමයන් අයින්ස්‌ටයින්ගේ සිද්ධාන්ත හා ගණිත සූත්‍ර මත පදනම්ව ගොඩනැගී ඇත. මීට නිදසුනක්‌ ලෙස කළු කුහර ආශ්‍රිතව හෝකින්ස්‌ සොයා ගන්නා ලද “හෝකින්ගේ තරංග” දැක්‌විය හැක. එහෙත් තවමත් මේ සම්බන්ධ අවසාන නිගමනයන් හෝකින්ස්‌ විසින් ප්‍රකාශ කොට නැත. හෝකින්ස්‌ගේ සමහර මතවාදයන් සෘජුව තහවුරු කර නැත. නමුත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් අප භෞතික විද්‍යාව සම්බන්ධව දැනගෙන සිටි බොහෝ කරුණු සාවද්‍ය බව නිර්භයව පැවසූ අතර අලුතින් භෞතික විද්‍යාවක්‌ ගොඩනැගීමට මග පාදන ලදී.

අභ්‍යවකාශය, කාලය, වේගය, ආලෝකය සහ ගුරුත්වාකර්ෂණය සම්බන්ධව අප දැන සිටි කරුණු වඩා නිවැරැදි කිරීමටත් එම අංශ වලට නව සෛද්ධාන්තික කරුණු හා උපකල්පනයන් ගොඩනැගීමටත්, ඒවා ඔප්පු කිරීමටත් අයින්ස්‌ටයින් සමත් විය. අයින්ස්‌ටයින්ගේ සුප්‍රකට සූත්‍රය E – mc2ලෙස දැක්‌විය හැක. අප අද මහත් භීතියෙන් යුතුව කතාබහ කරන න්‍යාෂ්ටික බෝම්බයේ පදනම ගොඩනැගී ඇත්තේ මෙම සූත්‍රය හරහාය. මේ අන්දමට අපගේ සාමාන්‍ය ජීවිතයට පවා දැනෙන ලෙස භෞතික විද්‍යාව සමීප කිරීමට අයින්ස්‌ටයින් සමත් වී ඇත. අයින්ස්‌ටයින් විසින් භෞතික විද්‍යාවට සිදුකළ අනුපමේය සේවය මෙවන් කෙටි පරිච්ඡේදයකින් විස්‌තර කළ නොහැකි බව විචාරක මතයයි.අයින්ස්‌ටයින් මියගිය පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වූයේ ඔහුගේ මොළය සාමාන්‍ය මිනිසකුගේ මොළයට වඩා වැඩි පරිමාවකින් යුක්‌ත වන බවයි. මේ සියලු කරුණු අනුව මධ්‍යස්‌ථ විචාරකයන් පවසන්නේ අයින්ස්‌ටයින් ස්‌ටෙෆාන් හෝකින්ස්‌ට වඩා ඉහළ බුද්ධි මට්‌ටමකින් යුක්‌ත වූ බවයි.1955 වසරේ අප්‍රේල් මස 18 වැනි දින අයිස්‌ටයින් ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රදේශයේ ප්‍රීන්සෙටන් රෝහලේදී මියගිය අතර ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව මියගොස්‌ දිනක්‌ ඇතුළත අවසන් කටයුතු සිදුකරන ලදී. ආදාහනය සඳහා රැගෙන එන ලද දේහය එක්‌ ශරීර කොටසකින් අඩු විය.

ඒ අයින්ස්‌ටයින්ගේ මොළයයි. ආදාහනයෙන් අනතුරුව භෂ්මාවශේෂ ඈත ප්‍රදේශයක විසුරුවා හරින ලදී. අයින්ස්‌ටයින්ගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලද්දේ ප්‍රකට ව්‍යාධිවේද වෛද්‍ය තෝමස්‌ හාවේ විසිනි. එම අවස්‌ථාවේදී දේහයෙන් අයින්ස්‌ටයින්ගේ මොළය ඉවත් කර ගත් හාවේ එය ෆෝමලීන් බඳුනක බහාලන ලදී. එහි අරමුණ වූයේ තම මතු අධ්‍යයන කටයුතු සඳහා එය සුරක්‍ෂිතව තබා ගැනීමයි. ඇතමුන් පවසන්නේ එය අයින්ස්‌ටයින්ගේම ඉල්ලීමකට අනුව සිදුවූ බවයි. එහෙත් අයින්ස්‌ටයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පැවසූවේ එය අයින්ස්‌ටයින්ගේ පුත් හෑන්ස්‌ගේ ඉල්ලීමකට අනුව සුරක්‍ෂිතව තබා ගැනීම සඳහා සිදුවූ බවයි. මේ සම්බන්ධව විවිධ මතවාද සමාජය පුරා පැතිර යන්නට වූ අතර අවසානයේදී මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශයට පත්වූයේ අනාගත අධ්‍යයන කටයුතු වෙනුවෙන් එම පියවර ගත් බවයි.වෛද්‍ය හාවේ අයින්ස්‌ටයින්ගේ මොළය ඉතා සුරක්‍ෂිත ලෙස තම නිවසේ තබාගෙන සිටි අතර එය කොටස්‌ 240 කට පමණ වෙන්කර අධ්‍යයනය කරන ලදී. එහෙත් වෛද්‍ය හාවේ පැවසුවේ අයින්ස්‌ටයින්ගේ මොළය තුළින් අසාමාන්‍ය ගුණාංග හමු නොවූ බවයි. කාලය ගත විය.

විවිධ පර්යේෂකයන් මේ සම්බන්ධව විවිධ අධ්‍යයන වාර්තා නිකුත් කළ අතර අවසානයේදී බර්ක්‌ලි සරසවියේ වෛද්‍ය මේරියන් ඩයමන්ඩ් අයින්ස්‌ටයින්ගේ මොළය සුවිශේෂී බව පළමු වරට පවසන ලදී.අයින්ස්‌ටයින්ගේ මොළය විවිධ පර්යේෂණයන්ට ලක්‌ වූවත් එහි වැඩකොටස මූලික හැඩයට සහ ස්‌වරූපයට හානියක්‌ නොවන ලෙස තබා ගැනීමට වෛද්‍ය හාවේ සමත් වූ අතර 1996 වසරේදී සුවිශේෂී මොළය ඔහු විසින් ප්‍රින්සිටන් රෝහලේ ප්‍රධාන ව්‍යාධිවේදී වෛද්‍ය එලියට්‌ කෲස්‌ වෙත භාර දෙන ලදී. අයින්ස්‌ටයින්ගේ මොළය ගැඹුරින් විමසා බැලීම ඇරඹුණේ ඒ සමගය. මෙතෙක්‌ අනාවරණය නොවූ බොහෝ තොරතුරු ඒ සමඟ හෙළිවන්නට විය.අයින්ස්‌ටයින්ගේ මොළය තුළ (the inferior parietal regions) නම් උදරිය පාර්ශ්වික ප්‍රදේශය සාමාන්‍ය පුද්ගලයකුට වඩා සියයට 15 ප්‍රමාණයකින් වැඩී ඇත. අයින්ස්‌ටයින් සතුවූ සුවිශේෂී දැක්‌ම පෙනීම ගණිත හැකියාවන් අනාගතය විනිවිද පෙනීම, සිතුවිලි ආදිය මෙහි ප්‍රතිඵලයන්ය. සාමාන්‍ය පුද්ගලයකුගේ මෙම මොළ ප්‍රදේශය වෙන් කරමින් ඡේදනයක්‌ (groove) ගමන් කරන නමුත් එවැන්නක්‌ද අයින්ස්‌ටයින්ගේ මොළයේ හමු නොවෙයි. මේ නිසා මෙම කලාපය හරහා පණිවුඩ හුවමාරුවද වේගවත් වී ඇත.

එහෙත් අයින්ස්‌ටයින් විසින් බොහෝ අවස්‌ථාවලදී පවසා සිටියේ තමාද සාමාන්‍ය පුද්ගලයකු බවත් වෙනස තමා සුවිශේෂී කුතුහලයකින් මූලික සිද්ධාන්ත වලින් ලෝකය දෙස බැලූ බවත්ය. කෙසේ වුවත් අයින්ස්‌ටයින්ගේ මොළය පරීක්‍ෂාවේදී මෙම මතය සත්‍ය නොවන බවත් එය අසාමාන්‍ය කායික ව්‍යුහයක්‌ද දරන බව සනාථ වී ඇත.අයින්ස්‌ටයින් ලෝකය දෙස බැලූ අන්දමේ මතවාදී වෙනසක්‌ද පවතියි. දෙවියන් සම්බන්ධව හෝකීන්ස්‌ විසින් පවසන ලද මතවාදයන් යුරෝපා සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්‌ වී ඇත. අයින්ස්‌ටයින් ද ආගම් සම්බන්ධව තම මතවාදයන් නිදහසේ පළකල මුත් හෝකීන්ස්‌ මෙන් සාමාන්‍ය සමාජයට බලපෑම් එල්ල කිරීමට හෝ ප්‍රති ආගම්වාදීන් නිර්මාණයට උත්සාහ කළේ නැත. හෝකීන්ස්‌ දෙවියන් ප්‍රතික්‍ෂේප කරයි. ඔහු ගාඩියන් පුවත් පතට ප්‍රකාශ කර තිබුනේ “මං හිතන්නේ මොළය පරිගණකයක්‌ වගේ. පරිගණකයේ පරිපථ විද්යුත් උපාංග අබලන් වුනාම ඒක වැඩකරන්නේ නැතුව යනවා. මිනිස්‌ මොළයත් ඒ වගේ. අපේ පද්ධති අක්‍රිය වුණාම මොළයත් අක්‍රිය වෙලා අපි මැරෙනවා.

මේ වගේ මැරිච්ච, අක්‍රිය වූ පරිගණක භාරගන්න දිව්‍යලෝකයක්‌ වත් අපායක්‌ වත් සූදානම් වේවිද? දෙවියන් හා අපාය සම්බන්ධ මේ කතා හැම එකක්‌ම මෝඩ මිනිස්‌සුන්ව බය කරන්න ගොතපු සුරංගනා කතා” ලෙසිනි.ස්‌ටෙෆාන් හෝකින්ස්‌ තම වෘත්තීය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයා වූ අයින්ස්‌ටයින් සම්බන්ධව තමාගේ කාලය සම්බන්ධ කෙටි ඉතිහාසය (A Brief History of time) නමැති ග්‍රන්ථයේ කෙටි පරිච්ඡේදයක්‌ වෙන්කර ඇත. ඊශ්‍රායලය තුළ යුදෙව් ජනපද බිහිකිරීම සඳහා අයින්ස්‌ටයින් කැපීපෙනෙන සහයෝගයක්‌ ලබාදෙන ලදී. මේ පහත සම්පූර්ණ පරිවර්තනය හෝකින්ස්‌ අයින්ස්‌ටයින් දකින අන්දමයි.අයින්ස්‌ටයින්ට දේශපාලනික සබඳතා පැවතුණි. එවකට ඇමරිකානු ජනාධිපති ෆ්ලෑන්ක්‌ලින් රූල්සට්‌වෙල් සමග න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සම්බන්ධ සුප්‍රකට ගිවිසුමකටද අයින්ස්‌ටයින් විසින් අත්සන් තබන ලදී. එසේම දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව තවදුරටත් න්‍යෂ්ටික යුද්ධ ඇතිකර ගැනීම වළක්‌වා ගැනීම සඳහා මහත් කැපවීමකින්ද ක්‍රියා කරනු ලැබීය. මෙම සිදුවීම් අයින්ස්‌ටයින්ගේ දේශපාලන මැදිහත්වීම ලෙස වෙන්කොට පෙන්වාදිය හැක. අයින්ස්‌ටයින් සඳහන් කරන අන්දමට තමාගේ ජීවිතය දේශපාලනය හා ගණිතමය සූත්‍ර අතර බෙදී ගොස්‌ ඇත.

අයින්ස්‌ටයින් ප්‍රථම වතාවට දේශපාලනික ක්‍රියාකාරීත්වයට පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධ සමයේදීය. එම යුගයේ දී බර්ලින් සරසවියේ මහාචාර්යවරයකු වූ අතර යුද්ධය නිසා මිනිස්‌ ජීවිත විනාශ වන අන්දම සම්බන්ධව ඔහු තුළ දැඩි කම්පාවක්‌ ඇති විය. මේ නිසා යුද විරෝධී ක්‍රියාකාරීත්වයන් සඳහා ඔහු පෙළඹෙන ලදී. නමුත් ඔහුට කළ හැකි දේ සීමා සහිතය. මේ නිසා ඔහු ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීම කෙරෙහි උනන්දු විය. නමුත් ඔහුගේ ජනප්‍රියතාවය සීග්‍රයෙන් පහත වැටුණු අතර ඔහු දැරූ දේශපාලන ප්‍රතිපත්ති නිසා ඇමරිකා එක්‌සත් ජනපදයේ සංචාරය පවා දුෂ්කර විය. අයින්ස්‌ටයින්ගේ දෙවැනි යුගය ආරම්භ වන්නේ ඔහු දෙවියන් ප්‍රතික්‍ෂේප කරමින් (Ziosism) හෙවත් යුදෙව් රාජ්‍යයක්‌ වෙනුවෙන් ක්‍රියාකාරියකුව කටයුතු කිරීමෙනි. ඔහු උපතින් යුදෙව් ජාතිකයකු වුවත් ආරම්භයේදී ඊට විරුද්ධව කටයුතු කළ අතර පසුකාලීනව යුදෙව් සමාජයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට පෙළඹිණි.

නමුත් මේ ක්‍රියා වල ප්‍රතිඵල ලෙස ඔහුට මරණීය තර්ජන පවා එල්ල විය. 1933 වර්ෂයේදී ඇඩොල්ෆ් හිට්‌ලර් බලයට පත් වීමත් සමග අයින්ස්‌ටයින්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදු විය. ඔහු ජර්මනිය හැරදා ගිය අතර හිට්‌ලර් විසින් න්‍යෂ්ටික බෝම්බයක්‌ සාදනු ඇතැයි ඔහු බිය විය. මේ නිසා එයට පෙර ඇමරිකාව විසින් න්‍යෂ්ටික තාක්‍ෂණය යොදා ගත යුතු බවට අයින්ස්‌ටයින් විසින් ඇමරිකාවට උපදෙස්‌ දෙන ලදී. නමුත් එය සීමා සහිතව හා එහි අවදානම් සහගත තත්ත්වයන්, අතුරු ප්‍රතිඵල හඳුනාගෙන භාවිත කළ යුතු බවට දැඩි ලෙස අවධානය කරන ලදී.අයින්ස්‌ටයින් සාමය වෙනුවෙන් කෙතරම් කැප වුවත් ඔහුට එමගින් විශාල ජනප්‍රියත්වයක්‌ නොලැබුණි. 1952 වර්ෂයේදී අයින්ස්‌ටයින්ට ඊශ්‍රායල් ජනාධිපති ධුරය පිරිනැමුණු නමුත් ඔහු එය ප්‍රතික්‍ෂේප කරනු ලැබූයේ දේශපාලනයට වඩා ගණිත සූත්‍ර තමාට වැදගත් බව පවසමිනි. “දේශපාලනය යනු වර්තමානයට අදාළ දෙයකි. එහෙත් ගණිත සූත්‍රයක්‌ සොයා ගැනීම සදාකාලික සේවයකි” යි පවසමින් දේශපාලන වරදාන ඔහු ප්‍රතික්‍ෂේප කළේය.