Naifmvlog

Naifm vlog Gossip and News

දින පහකට පසු දරුවෙකු

වසන්ගතය නිසා මියගිය කාන්තාවකගේ කුසින් දින පහකට පසු දරුවෙකු බිහිවෙලා අවුරුදු 28 වයසැති ගැබිණි හෙද නිලධාරිනියක් ක-විඩ් වෛ-රසය අසාදනය වීමෙන් මියගොස් දින 5කට පසු ඇයගේ කුස තුළ සිටි දරුවා මෙළොව එළිය දකින්නට වාසනාවන්ත වූ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර සෞඛ්‍ය සේවයට අනියුක්තව සේවයේ යෙදී සිටි Mary Agyapong නම් මෙම හෙදිය අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය ක-රෝනා ආසදිතයෙක් බව තහවුරු වී තිබුනා. ඒ වනවිටත් වෛ-රසය ඇයගේ ශරීරය තුළ වේගයෙන් පැතිර තිබීම හේතුවෙන් හදිසි ප්‍රතිකාර ලබා දීමටත් පෙර ඇය මියගොස් තිබුනා. ඇයට ඉපදිලා තිබුනේ පුංචි දුවෙක්. අම්මාව සිහිවෙන්න ඕන නිසාම පවුලේ අය මේ පුංචි කෙල්ලටත් Mary කියලම නම තියන්න තීරණය කරලා තිබුනා. මේ පුංචි දරුවා භාරගන්න සිද්ධ වෙලා තිබුනේ ඇයගේ පවුලේ ඥාතීන්ටයි. මොකද එයාගේ අම්මා මිය යන්න දින කිහිපයකට කලින් එයාගේ තාත්තාත් හරිම අවාසනාවන්ත විදිහට ක-රෝනා වෛ-රසයට ගොදුරු වෙලා මියගිහිල්ලා තිබුනා.මේ සිදුවීමෙන් මුළු පවුලම දැඩි කම්පනයකට පත්වෙලා ඉන්න තෙර තමන්ගේ පවුලට එකතුවුන මේ අලුත් අමුත්තිය හරිම ආශ්චර්යමත් දරුවෙක් බව තමයි ඔවුන්ගේ පිළිගැනීම.