Naifmvlog

Naifm vlog Gossip and News

ඇඳ මකුණු කරදරේ

“ඇඳ-මකුණෝ” කිව්වම අපිට දැනෙන්නෙ මහා කරදරයක්! අප්පිරියාවක්, හිරිකිතයක් නේද ??මකුනෝ මර්දනය කරන්න වෙලදපොලේ එක එක බෙහෙත් ජාති තිබුනට, සමහර ඒව ගන්න සල්ලිත් වියදම් වෙනවා ඒ වගේම තමා, ඒව හාවිත්‍ය නිසා අපේ සමහරුන්ට ශ්වසන ආබාධ වගේ අතුරු ප්‍රතිපලත් ලැබෙනවා. ඇත්තටම අපිට බැරිද ඇද මකුනො මර්දනයට සල්ලි යන්නෙත් නැති, අතුරු ප්‍රතිපල මුකුත් නැති වෙන ලේසිම විදියක් ගැන හිතන්න?????

මේ ගැන පසුගියදා විද්වතුන් පිරිසක් කල පරීක්ෂණයකදි, සොයාගෙන තියෙනවා, අමුතුම විදියට මකුණෝ එලවලා දාන ක්‍රමයක් ගැන. මේකට එයාල, එක එක පාට කඩදාසිවලින් පොඩි කූඩාරම් ටිකක් හදලා. ඒකට මකුණෝ ටිකක් දාල බැලුවලු,මොන වගේ පාට කූඩාරම් වලද උන් වැඩිපුර ගැවෙසෙන්න හදන්නේ කියලා. විනාඩි 10ක් විතර මේක දිහා බලන් හිටියොත් මකුනෝ වැඩියෙන්ම ප්‍රිය කරන ආකර්ශනය වන තනි පාටක් නම් තිබුනේ නෑ.හැබැයි පාට 2 කට නම්, එයාල ටිකක් වැඩිපුර ආකර්ශනය වුනාලු!

ඔන්න මතක තියාගන්න, කලු හා රතු තමයි මකුණොන්ගේ ආසම පාටවල්. ඒ වගේම කොල, කහ, සුදු තමයි ඔවුන් වැලකුනු පාටවල්.පාට වලට කෘමීන් ප්‍රතිචාර දක්වන බව තමයි ඒකෙන් පැහැදිලි වුනේ. ඉතින් ඔන්න ඔයාලගෙ ගෙදර, නේවාසිකාගාරයේ, බෝඩිමේ තියෙන, රතු හා කලු ඇද ඇතිරිලි වීසි කරලා දාල මකුණොන්ගෙන් ලේසියෙන්ම බේරිලා ඉන්න බලන්න.මේ තියෙන්නේ ඒ පරික්සණ ඡායාරුප