Naifmvlog

Naifm vlog Gossip and News

බිල් ගේට්ස් කිව්වෙ

ඉදිරියේදී වසර 20කට වරක්වත් ක-රෝනා වසංගතය වැනි වයිරස වසං-ගතයක් මිනිස් වර්ගයා ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බව ලෝක ප්‍රකට ව්‍යවසායකයකු, මෘදුකාංග විශේෂඥයකු, ආයෝජකයකු වන බිල් ගේට්ස් සඳහන් කරයි. ඒ නිසා මෙවර ඇති වූ ව්‍යසනයෙන් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියේ ඇති විය හැකි වසං-ගත සඳහා කල්වේලා ඇතිව සූදානම් විය යුතුව ඇති බව ඔහු අවධාරණය කරයි.බිල් ගේට්ස්ගේ මෙම අනාවැකිය සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. මන්ද යත් මේ වනවිට ලෝකය පුරා පැතිරෙමින් ඇති ක-විඩ් වසං-ගතය වැනි වසං-ගතයක් ගැන ද මෙයට වසර 3කට පෙර ඔහු අනතුරු ඇඟවීමක් කළ බැවිනි. 2017 වසරේ ආරක්‍ෂක සමුළුවක් අමතමින් ඔහු එම අනතුරු ඇඟවීම කළේ තවත් විද්‍යාඥයන්, වසං-ගතවේදීන් වැනි පාර්ශ්ව පළ කර තිබූ අදහස් මත පදනම් වෙමිනි. මිනිස් සංහතිය මෙවැනි ගෝලීය පරිමාණයේ වසං-ගතයක් නිසා දරුණු තර්ජනයකට ලක් විය හැකි බවත් වසර 10-15ක් වැනි කාලයක් තුළ එවැනි මහ පරිමාණයේ වසං-ගතයක් පැතිරෙන්නට ඉඩ ඇති බවත් එම වසං-ගතය නිසා වසරක් ඇතුළත ලෝකය පුරා මිලියන 30කට ආසන්න පිරිසක් මරණයට පත්විය හැකි බවත් බිල් ගේට්ස් එහිදී අවධානයට ලක් කළේය.

ඔහු පැවසූ තරම් පිරිසක් මරණයට පත් නොවුණත් ක-විඩ් නිසා සිදුවූ මරණ සංඛ්‍යාව කිසිවකුත් අපේක්‍ෂා නොකළ, කා තුළත් මහත් භීතියක් සහ කම්පනයක් ඇති කළ සංඛ්‍යාවක් විය. ඉහත කී අදහස් දැක්වීමේදී බිල් ගේට්ස් උදාහරණයක් හැටියට ගෙන තිබුණේ 1918 වසරේ බිහිසුණු ආකාරයෙන් පැතිර ගිය ස්පාඤ්ඤ උණ නමැති වසං-ගතයයි. එයින් ලොව පුරා මිලියන 50-100 අතර පිරිසක් මරණයට පත් වී යැයි විශ්වාස කෙරේ. එම වසං-ගතයට මුල් වූයේ මෙයට වසර කිහිපයකට පෙරද පැතිර ගිය සූඛර උණ රෝගය ඇති කළ එච්-එන්  වයිරසයයි. මෙම ස්පාඤ්ඤ උණ වසං-ගතය සැලකෙන්නේ මෑත ඉතිහාසයේ ඇති වූ දරුණුම වසං-ගතය ලෙසිනි. අද කාලයේ වුව ද ලෙහෙසියෙන් සහ වේගයෙන් පැතිරෙන වයිරසයක් ව්‍යාප්ත වන්නට පටන් ගතහොත් එයින් මිලියන ගණනක් මියයෑමේ අවදානම බැහැර කළ නොහැකි බව බිල් ගේට්ස් සඳහන් කර තිබිණි. ඔහු පෙන්වාදී තිබුණේ ලෝකය වඩාත් දැඩි ලෙස එකට සම්බන්ධව ඇති තත්ත්වයක් තුළ මිනිසුන් විශාල වශයෙන් ලෝකය පුරා සංචරණය වන පසුබිමක් තුළ මෙය ඉතා ලෙහෙසියෙන් සිදුවිය හැක්කක් බවයි.

මෙවැනි අනතුරු ඇඟවීමක් කරමින් ඔහු එදා අවධාරණය කර තිබුණේ එවැනි වසං-ගතයකට මුහුණ දීම සඳහා තවමත් මිනිස් සංහතිය සූදානම් නොමැති බව සහ වහ වහා ඒ සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවයි. මේ ආකාරයේ වයිරස සඳහා එන්නත් සොයා ගැනීමේදී සිදුවන පමාව ගැනද ඔහු කනස්සල්ල පළකර තිබිණි. 2017 වනවිට පැවැති තත්ත්වය අනුව බිල් ගේට්ස් පෙන්වාදී තිබුණේ එවැනි වසං-ගතයකට එරෙහි එන්නතක් සොයා ගැනීමට සහ එය මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට වසර 10කට ආසන්න කාලයක් ගත විය හැකි බවයි. නමුත් දින 90ක් වැනි කාලයක් තුළ එන්නතක් නිපදවා ගැනීමේ හැකියාව ඇති කරගත යුතු යැයිද ඔහු තවදුරටත් අවධාරණය කර තිබිණි. එසේ නොවුණහොත් අධික වේගයෙන් ව්‍යාප්ත වන වයිරසයක් නිසා සිදුවන අතිවිශාල මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට නොහැකි වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මෙය අදටත් බොහෝ දුරට වලංගු කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ වෙතත් නව ක-රෝනා වයිරසය සඳහා වසර එකහමාරක්, දෙකක් වැනි කාලයකින් එන්නතක් සොයාගැනීමට හැකි වනු ඇති බව විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.

නමුත් ඒ වනවිට තව විශාල සංඛ්‍යාවක් ක-විඩ් නිසා මරණයට පත්ව සිටිනු ඇත.බිල් ගේට්ස් එදා සඳහන් කර තිබුණේ මිනිස් සංහතිය හමුවේ ප්‍රධාන අනතුරු 3ක් ඇති බවයි. න්‍යෂ්ටික යුද්ධයක් නිසා සිදුවිය හැකි ව්‍යසනය ඉන් එකකි. දෙවැන්න ලෙස සඳහන් කර තිබුණේ කාලගුණික විපර්යාස නිසා එල්ල විය හැකි අනතුරයි. හඳුනා නොගත් වයිරසයක් නිසා සිදුවිය හැකි ඛේදවාචකයද ඒ තරමටම බිහිසුණු විය හැකි බවට ඔහු අනතුරු අඟවා තිබිණි. විවිධ ජාතීන් යුද්ධ සඳහා සූදානම් වන්නේ යම් සේ ද මෙවැනි වයිරස ආක්‍රමණයක් සඳහාද ඒ තරම්ම උනන්දුවකින් සූදානම් විය යුතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. යුද මෙහෙයුම්වල නිරත වීම සඳහා විවිධ රටවල හමුදාවන් විවිධාකාරයේ යුද අභ්‍යාස ආදියෙහි නිරත වන බව රහසක් නොවේ. ගෝලීය පරිමාණයෙන් පැතිරෙන බිහිසුණු වයිරසයක් සමඟ සටන් කිරීම සඳහා සූදානම් වීමේදීද මෙවැනි අභ්‍යාසවල යෙදෙමින් සැලසුම් ඇති කර ගැනීම වැදගත් බව ඔහු පවසා තිබිණි. වයිරසයක් පැතිරෙන ආකාරය තේරුම් ගැනීමට, එහිදී භීතියට පත්වන මිනිසුන් හැසිරෙනු ඇති ආකාරය තේරුම් ගැනීමට, එහිදී ඇති විය හැකි වාහන තදබදයන්, සන්නිවේදන බිඳවැටීම් වැනි තත්ත්වයන්ට මුහුණ දියයුතු ආකාරය තේරුම් ගැනීමට මේ නිසා හැකිවනු ඇති බව ඔහුගේ අදහස විය.

බිල් ගේට්ස් කාගේත් අවධානයට යොමුකර තිබූ තවත් වැදගත් කාරණයක් වූයේ, මෙවැනි වසං-ගත තත්ත්වයක් සඳහා ලෝකයේ දිළිඳු රටවල් සූදානම් කිරීමේ අවශ්‍යතාවයි. නමුත් මේ සඳහා ප්‍රමාණවත් තරමින් මුදල් යෙදවීමක් සිදු නොවන බව ඔහු අවධාරණය කර තිබිණි. ‘මේ ආකාරයෙන් ලෝකයම මෙවැනි වසං-ගතයක් සඳහා සූදානම් කිරීමට වැය වන්නේ වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4ක් වැනි මුදලක් පමණයි. නමුත් යම් හෙයකින් මේ ආකාරයේ වසං-ගතයක් පැතිරුණහොත් සිදුවිය හැකි පාඩුව වසරකට ඩොලර් බිලියන 570ක් පමණ විය හැකි බවට ගණන් බලා තිබෙනවා’. මුළු ලෝකයම මෙවැනි තත්ත්වයක් සඳහා සූදානම් කිරීමේ ප්‍රඥාගෝචර බව ඔහු පැහැදිලි කරදී තිබුණේ එලෙසිනි.පසුගියදා ක-විඩ් වසං-ගතය පැතිරෙන්නට පටන් ගැනීමෙන් පසු අදහස් දක්වමින් බිල් ගේට්ස් පවසා තිබුණේ, විවිධ පාර්ශ්ව කර තිබූ අනතුරු ඇඟවීම් ගැන අවධානය යොමු කර මේ සඳහා යම් සූදානමක් ඇති කරගෙන තිබුණා නම් දැන් සිදුවෙමින් ඇති හානිය විශාල ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකියාව තිබුණු බවයි.බිල් ගේට්ස් යනු අනතුරු ඇඟවීම් සහ යෝජනා ඉදිරිපත් කරමින් සිටින්නකු පමණක් නොවේ. ඔහු ක්‍රියාවෙන්ම ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ ධනය කැප කරමින් සිටින්නෙකි.

ඔහු සහ බිරිය මෙලින්දා ගේට්ස් විසින් පිහිටුවනු ලැබ ඇති ‘බිල් ඇන්ඩ් මෙලින්දා ගේට්ස් පදනම’ හරහා ඔවුහු විශාල වැඩ කොටසක් කරමින් සිටිති. ඔෟෂධ සහ එන්නත් සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ වෙනුවෙන් මෙන්ම අඩු දියුණු රටවල ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නඟාසිටුවීම වැනි කටයුතු වෙනුවෙන් ද මෙම පදනම විශාල වශයෙන් දායක වෙමින් සිටියි. ඔවුහු ඒ සඳහා ඩොලර් බිලියන ගණනින් වියදම් කරති. ක-රෝනා වයිරසය පැතිරෙන්නට පටන් ගැනීමෙන් පසුවද මෙයට සති කිහිපයකට පෙර ඔවුන් නිවේදනය කළේ එන්නතක් සොයාගැනීම ඇතුළු විවිධ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක (ලංකා රුපියල් බිලියන 20ක) මුදලක් වෙන් කරන බවයි.වේගයෙන් පැතිරෙන බිහිසුණු වයිරසයක් නිසා මිනිස් සංහතියට එල්ල විය හැකි අනතුර ගැන මෑත කාලයේ අනාවැකි පළ කළ පාර්ශ්ව තව බොහෝමයක් වෙති.

වසං-ගත රෝග පිළිබඳ විශේෂඥයකු වන මයිකල් ඔස්ටර්හෝම් ද එවැන්නෙකි. 2005 තරම් අෑත කාලයක ඔහු පවසා තිබුණේ එය මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියක් බවයි. මීළඟ අධිවසං-ගතය සඳහා සූදානම් වීමට ඇති කාලය වේගයෙන් ඉක්ම යමින් ඇති බවත්, ඉතා සැලසුම් සහගත ආකාරයෙන් සහ ප්‍රබල ආකාරයෙන් ඒ සඳහා පියවර ගත යුතුව ඇති බවත් ඔහු එකල සඳහන් කර තිබිණි. විශේෂයෙන් ඇමෙරිකාව ගැන සඳහන් කරමින් ඔහු 2017 වසරේද අනතුරු අඟවා තිබුණේ එවැනි දරුණු වසං-ගත තත්ත්වයකට මුහුණ දීම සඳහා ඇමෙරිකාව තවමත් සූදානම් නැති බවයි. අද වනවිට ඇමෙරිකාව පත්ව සිටින අසරණ තත්ත්වය ගැන සලකා බලන විට ඔවුන්ගේ අනාවැකිවල වලංගුභාවය ඉතා හොඳින් තේරුම්ගත හැකි වේ.