Naifmvlog

Naifm vlog Gossip and News

රටවල් කිහිපයක් සම්බන්ධයෙන්

ලෝකය පුරා මහා ව්‍යව-සනයක් සිදුකරමින් පැතිර යන ක-රෝනා වසං-ගතය මේ වෙද්දී රටවල් විශාල ගණනක සාමාන්‍ය යාන්ත්‍රණය අක්‍රීය කරලයි තියෙන්නේ. තමන්ට හැකි උපරිමෙන් මේ වසංගතයෙන් ගැළවෙන්න හැම රටක්ම තමන්ට හැකි උපරිමෙන් උත්සහ කරමින් ඉන්නවා. මේ අතරේ ක-රෝනා වසං-ගතය උපරිමයෙන්ම පාලනය කරගනිමින් මහජනතාවට උපරිම සේවයක් ලබා දෙන රටවල් කිහිපයක් සම්බන්ධයෙන් මේ දවස්වල මුළු ලෝකයේම අවධානය හිමිවෙලා තියනවා.

ජර්මනිය, නවසීලන්තය, පින්ලන්තය, බෙල්ජියම, අයිස්ලන්තය, ඩෙන්මාර්කය, තායිවානය කියන මේ රටවල් කිහිපය තමයි මේ වෙද්දී ක-රෝනා වසං-ගතය උපරිමයෙන්ම පාලනය කළ රටවල් බවට පත්වෙලා තියෙන්නේ.ඒ නිසා ඔවුන්ගේ රටවල් තුළ ආසාදිතයන් හමුවීම වගේම මරණ සිදුවන්නේත් සීමා සහිතව. මේ රටවල්වල එන එක්තරා විශේෂත්වයක් තියනවා.මොකද මේ ඉහතින් කියපු රටවල් කිහිපයේම ප්‍රධාන වගකීම් දරන්නේ කාන්තාවන්. ලෝක නායකත්වයෙන් 7%කටත් වඩා අඩු කාන්තා නියෝජනයක් තුළ මේ රටවල් කිහිපය ලබා ඇති ජයග්‍රහණය ගැන කතා නොකරම බැහැ.

තායිවානයේ ජනාධිපති Tsai Ing-wen, ජර්මන් චාන්සලර් Angela Merkel, නවසීලන්ත අගමැතිනිය Jacinda Ardern, ෆින්ලන්ත අගමැතිනිය Sanna Marin, බෙල්ජියම් අගමැතිනී Sophie Wilmès, අයිස්ලන්තයේ අගමැතිනිය Katrín Jakobsdóttir, ඩෙන්මාර්කයේ අගමැතිනී Mette Frederiksen යන අය තමයි මෙහෙම බොහොම සාර්ථකව ක-රෝනා වසං-ගතය පාලනය කරගැනීමට සමත්කම් දක්වලා තියෙන්නේ. කොහොම වුනත් ක-රෝනා වෛ-රසය සඳහා උපරිම පාලනයක් ඇති කරගත් රටවල් හතේම පාලනය ගෙනයන්නේ කාන්තාවන් වීම විශේෂත්වයක් බවයි මුළු ලෝකයේම පිළිගැනීම.