Naifmvlog

Naifm vlog Gossip and News

රෑට සැර එළියකින් දුරකතනය පරිගනකය

Illinois, Northwestern සරසවියේ විද්‍යාඥයන් පිරිසක් කල පරීක්ෂණයකට අනුව කිය වුනේ , දීප්තිමත් එළිය (කෘත්‍රීම ලෙස යොදන උදා: ජංගම දුරකතන , පරිගනක වල නිල් එලිය වැනි) මිනිස්සිරුරේ පරිවෘත්තිය ක්‍රියා වලියට යම් බලපෑමක් කරන බවයි නිරෝගි පුද්ගලයන් 19 දෙනෙකු යොදා දින 4ක් පමණ රසායනාගාරයක තියලා පරීක්ෂණ කලා පළමු දවස් 2දී ඔවුන් සියලුම දෙනා, මද එලියක (dim light) පැය කීපයක් තැබුවාපසුව , 3වන දවසේදී එයාලව කණ්ඩායම් වලට බෙදුවා.

එක කොටසක් මධ්‍යහනට පෙර පැය 3ක්, අර කලින් කීවා, වගේ සැර -නිල් එළියක පැය 3ක් විතර තිබ්බ.. අනෙත් කට්ටිය කොටසත් ඒ විදියට සවස්/රාත්‍රි කාලයේ – සැර එලියේ පැය කීපයක් තැබුවා.. නිගමනය වුනේ, දීප්තිමත් එලිය මගින් (විශේෂයෙන්ම සවස් හෝ රාත්‍රි කාලයේදී ) සිරුරේ ඉන්සියුලින් බලපෑම වැඩි වීමක් වන බවයිඑය දිවා කාලයට කලින් හෝ මද එලියේ තැබූ අයට එවැනි වැඩි බලපැමක් නොවන බවයි .

රත්‍රී හා සවස් කාලයේදී නැතිනම් රාත්‍රි කෑමට පසු ,එවැනි සැර එලියකදී , ඉන්සියුලින් – හෝමෝනය මගින් සිරුරේ සීනි පාලනයයක් කිරීමට හෝ නියමිත මට්ටමේ තබා ගැනීමට (ස්ථාවර නැත) නොහැකි බවත්‍යඒ අනුව ඉන් ඔබේ බර වැඩි වීම හා දියවැඩියා අවදානමකට හේතු වන බවයි, ඉතින් ඔයාලත් ඒ වගේ සැර එලිය සහිතව (full brightness) ජංගම දුරකතන / ටැබ්/ පරිගනක සවස හෝ රැට නින්දට යද්දි වගේ පාවිච්චිකරනවා නම්, එය ඔබේ සෞඛ්‍යයට බලපාන බවත් මතක තියාගන්න!ඒවයේ එලිය (brightness) වැඩි කරලා, බලන පාවිච්චි කරන අය මේ ගැන සැලකිලිමත් වෙන්න. කොහොම වුනත් මේ කතාව ඇත්ත බව තහවුරුවුනත් , එහෙම වෙන්නේ ඇයි? කියලා හේතුවනම් හරියට කියන්න අමාරුලු .