Naifmvlog

Naifm vlog Gossip and News

පිටසක්වල ජීවීන් හොයන එක

ඇත්තටම අභ්‍යවකාශ යාන යවලා විශ්වයේ ග්‍රහ තාරකා ගැන විස්තර හොයන එක හිතන තරම් පහසු නෑ. සමහර විස්තර දැන ගන්න මෙහෙයුම් වලට අවුරුදු දහස් ගණන් යන අවස්ථා තියෙනවාඉතින් මේ වගේ ගැටලු වලට එන එක් විසදුමක් ගැන තමයි මේ කියන්න යන්නේ. විශාල යානා හදලා ඒ විදියට කාලය ගොඩක්‍ නාස්ති වෙන ක්‍රමයට වඩා පහසු ක්‍රමයකට යොමු වෙන කාලය ඇවිත්.. දැන් පිටසක්වල ජීවීන් පහසුවට සොයන්න මේ අලුත් ක්‍රමයට පුලුවන්ලු.

ඉතා කුඩා යානාවක් යවලා ඒක පෘථිවියේ ඉදන් ලේසර් හා චුම්බක (ශීතකරණයක) යොදාගත් තාක්ෂණයක් ඔස්සේ, පාලනය කරන ගමන්, වෙනත් ග්‍රහලොවක්/පිටසක්වල ජීවීන් වාසයන් ගැන තොරතුරු පහසුවෙන් සොයාගන්න පුලුවන්මේකට කියන්නේ “nanoscraft (nanoship)” කියලා ….. Stephen Hawking විද්‍යාඥයා හා මුහුණුපොතේ අයිතිකාර mark Zuckerberg තම්යි මෙහි තාක්ෂණික, සැලසුම් වලට දායක වෙලා ඉන්නේ.

අරමුණ තමයි මේ අලුත් ක්‍රමයට ක්ෂිරපතය මැද වන්න ට පිහිටි අපිට කිට්ටු alpha century තාරකාවේ පිටසක්වල ජීවීන් ගැන සොයාබැලීමක් කිරීම එයට ලගා වීමට කලින් භාවිතා කල තාක්ෂණ ක්‍රම මගින් අවුරුදු 20,000ක් තරම් කාලයක් වැය වෙනවලු …ඉතින් මේ nanoscraft ගමනින් ඒ ග්‍රහ තාරකාවට අවුරුදු 20කින් එයට ළගාවීමේ, හැකියාව තියෙනවලු. ඉතින් ඉදිරියේදී අභ්‍යවකාශයේ ග්‍රහ තාරකා හෝ පිටසක්වල ජීවීන් ගැන හොයද්දි.පරීක්ෂණ ඉවර කරන්න මහ ලොකු කාලයක් (අවුරුදු දහස් ගණන්)බලන් ඉන්නවෙන එකක් නෑ වගෙයි ..