Naifmvlog

Naifm vlog Gossip and News

රහ තරු ඔරලෝසුව

අභ්‍යවකාශයේදී වෙලාව බලන්න පාවිච්චි කරන්න අපූරු ඔරලොසුවක් ගැනයි මේ විස්තරය. මෙය නැවත සංකල්පිත ඔරලෝසුවක් මේකෙන් ඕනම ග්‍රහ ලෝකෙක භ්‍රමනයට අනුව ඇත්ත වෙලාවන් බලාගන්න පුලුවන්මේක හදලා තියෙන්නෙ කැරට් 18 රත්‍රන් හා ඒ වගේම වටින මැණික් ගල් වලින් විවිධ පාටවල් වලින් ග්‍රහ ලෝක නියෝජන කෙරෙනවා.

පෘථිවිය (turquoise) පච්ච ගලින් ද, සිකුරු ඉතා තද කොලපාට ගලකින්ද (chloromelanite), අගහරු -සූරියකාන්ත පාෂාණයෙන්ද (jasper), බ්‍රහස්පති-අගස්ති (agate )වලින්ද, බුද ග්‍රහයා පලාවන් ගල් වර්ගයකින් (serpentine)ද , සෙනසුරු රෝසාපාටට හුරු ලස්සන ගල් වර්ගයකින් ද (sugilite), පෙන්වයි ..ඒ ග්‍රහ ගමන් (හිරුගේ වටේ) අනුව කාලය බලාගන්න පුලුවන්. වෙලාව දක්වනවාට අමතරව මේකෙන් ඔයාලට ග්‍රහයන්ගේ භ්‍රමනයන්ද සත්‍ය වෙලාවෙදිම බලගන්නත් පුලුවන්…

ඒ කියන්නේ සෙනසුරුට ඔරලෝසු මුහුණත වටේ යන්න අවුරුදු 29ක්ද , බ්‍රහස්පතිට අවුරුදු 12ක් ද , අගහරුට දින 687 ක් ද පෘථිවියට දින 365ක් ද හා බුද ට දින 88 ක් ද ලෙස ගතවේ.එහි අනික් පැත්තේ පිටුපසින් තාරකාවන් සපිරි රාත්‍රියක් කැටයම් කරලා තියෙනවා….මේ ඔරලොසුව පාවිචිචි කරන්නාට ඒකෙන් එයාගේ වසනාවන්ත හෝ විශේෂ දවසක් වුනත් බලා ගන්න පුලුවන්ලු. ඒ කැටයම් කල ග්‍රහ තරුවකට යටින් කෙලින් පෘතුවිය ගමන් කරන විට නිල් මැණික් ක්‍රිස්ටල් එළියකින් (sapphire crystal) වාසනාවේ- සංඛේතය පෙන්වයි .…..මේ තාරකා විද්‍යා ඔරලෝසුව “The Midnight Planetarium Timepiece’. ලෙස නම් කරලා තියෙනවා. හැබැයි ගාන රැපියල් කෝටි දෙකකටත් වැඩියිලු.