Naifmvlog

Naifm vlog Gossip and News

කාලය කලමනාකරණය කරන්නේ

අපි අද බලමු “අපිට කාලය නෑ” “කාලය අඩුයි නිතරම කාර්‍යබහුලයි” කියලා දුක්ගැනිවිලි කියන අයට විද්‍යාව තුලින් විසදුමක් තියේද කියලා? බොහෝ දෙනෙකුට තමන් කාර්‍යාබහුලයි කියන එක හරි යට පුරුද්දට ගිහින්.තවත් සමහරෙකුට ඒක ආභරණයක් වගේ මම හරිම කාර්‍යබහුලයි කියලා අහන හැමෝටම ආඩම්බරෙනුත් කියනවා. ඉතින් ගොඩක් අය කාර්‍යබහුලයි කියල කියන කතා අද හරිම සාමාන්‍ය දෙයක්.

එතරම් නොවැදගත් දෙයක් වගේ තමයි අපිට ඇහෙන්නේ හැගෙන්නේ. මේ ගැන ස්ටැන්ෆර්ඩ් (Stanford) විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයන් පිරිසක් සිදු කල පරීක්ෂණයකින් අණාවරනය වෙලා තියෙන්නේ, තමන්ගේ කාලය වැරදි දේවල් හෝ නොවැදගත් දේවල්වෙනුවෙන් යොදාගෙන ඉන්න අයට වඩා, අඩුවෙන් වැඩ කරන (කරන සුලු වැඩ ටික හරි, වඩා වැදගත් දේවල් වෙනුවෙන් කරන) කට්ටිය වැඩි සතුටකින් ඉන්නවා කියන එක.

එහෙම අඩුවෙන් වැඩ කරන විට ඔයා කියයි කාලය කාදමනවා කියලත් නමුත්, මේ විද්‍යාඥයන් කියන්නේ හැම වෙලාවෙම කාර්‍යබහුල වෙනවට වඩා අවශ්‍ය වෙලාවට අපිට වැදගත්ම වැඩ ටික කරලා පලදායිව කාලය කලමණාකිරීම තමයි හොදම විකල්පය කියලා.0 සමහරවිට ඔයාට මේක අදාල නෑ කියලත් ඔයා හිතයි! සමහර විට ඔයා කර්ර්‍යාබහුල වෙන්නේ ඔයාගෙම දේවල් වලට නිසා දින දර්ශනයේ වැඩ පුරවලා තිබුනට ඒක ප්‍රශ්නයක් නෑ, නාස්තියක් නෑ කියලාත් හිතයි. ඇත්තටම මේ මොන ව්හිදියට කාර්‍යබහුල වුනත් අපිට කාලය පලදායිව භාවිතා කිරීමයි තමයි වැදගත්ම දෙය.

ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා?

  • ඔබට කරන්න අවශ්‍ය දේවල් ගැන, හිතන්න මොහොතක් තියා ගන්න.
  • ඔබගේ ඉලක්කයන් ලයිස්තුවක මූලිකත්වය අනුව පෙලගස්සවගන්න.
  • අනවශ්‍ය හා කරන්න අමාරු දෑ තෝරා කපහරින්නතෝරාගත් කල හැකි දේ ක්‍රියාවට නංවමින් ඉදිරියට ගෙනයන්න.
  • ඔබ වැඩ ඉදිරියටගෙනයාමේදී, ඔබම කාලය සමග ඔබව අධික්ෂණය කරබලන්න, පිලිතුරු ප්‍රතිචාර සොයාගන්න .

මතක තබාගන්න ඔබගේ කාලයේ අයිතිය ඔබ සතුයි!! එනිසා ඔබ විසින්ම එය ආරක්ෂාකරගත යුතුයි! මේ ආකාරයට කාලය පලදායිව කලමණකරගතහොත් ඔබවෙනුවෙනුත් කාලය ඉතිරි වෙයි!ඔබේ දින චර්‍යාවත් සතුටින් ගතකල හැකි වේවිලු.