Naifmvlog

Naifm vlog Gossip and News

විශ්වයේ පාලනය මූලික ශක්ති

භෞතික විද්‍යාවට අනුව විශ්වයේ පාලනය මූලික ශක්ති 4ට අමතර අලුත් 5වැනි බලයකුත් තියෙනවාද?? භෞතික විද්‍යාවට අනුව , විශ්වය පාලනය වන මූලික බල (ශක්ති) 4ක් ගැන කියවෙනවාගුරුත්වය,විද්යුත් චුම්බක,ශක්තිමත් න්‍යෂ්ටික,දුර්වල න්‍යෂ්ටික.දැන් හංගේරියනු භෞතික විද්‍යාඥයන් පිරිසක් කියන්නේ, එයාලා ඊට 5 වැන්නකුත් අලුතින් හොයාගත් බවට සාක්ෂි තියෙනබවයි අර කියපු මූලික බල 4ට අනුව විශ්වය හෝ පරිසරයේ අපි දකින සියලු ස්වභාවයන් හැසිරීම් හා අංශු ගැන විග්‍රහ කෙරෙනවා.

ගුරුත්ව බලයෙන් ග්‍රහලෝකයන් හා ගුරුත්ව එකට රඳවා තබා ගන්නවා, විද්යුත් චුම්බක බලයෙන් අණු එකට තබා ගන්න හේතුවෙනවා. අනිත් මට්ටම් 2 තමයි කුඩාම, ඉන් ශක්තිමත් න්‍යෂ්ටික වලින් පරමාණු න්‍යෂ්ටි අලවා තියා ගන්නේ, දුර්වල න්‍යෂ්ටි වලින් සමහර පර්මාණු වලට විකිරණශීලි දිරාපත්වීමක් හරහා යන්න උදව් කරනවා.ඇත්තටම ඒක 5වන බලයක් ගැන කියවුණු පලමු අවස්ථාව මෙය නෙවේ කලින් දශකය තිස්සේ ඉදන් ඒ ගැන මතයක් ආවා ඒ අතරින් අපි කලින් කතාකල විශ්වයේ නොපෙනෙන අදුරු ශක්ති හා ඊට හේතුවන අඳුරු ප්‍රෝටෝන ගැනත් කතා කෙරුණ

මේ නොපෙනෙන “අදුරු , ප්‍රෝටෝන” (අඳුරු පදාර්ථයන්) බලයෙන් විශ්වයෙන් 80% කටත් වැඩි ස්කන්ධයයක් හැදිලා තියෙන බවත් කිය වුණා …ඒ අනුව මේ හංගේරියානු විද්‍යා ඇකඩමියේ පිරිසත් , මේ පරීක්ෂණය කරලා තියෙන්නේ…. ප්‍රෝටෝනයක් ලිතියම මතට වෙඩි තැබීමෙන් ඇතිවන ගැටීම මගින් අස්ථිර-බෙරලියම් න්‍යෂ්ටිය නිර්මාණය වේපසුව එය දිරායාමෙන් ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන යුගලයක් සෑදී මෙන් අලුත් විශේෂ දැල්ලක් ඇති වී “බෝසෝනයක්” ඇතිවූ බවයි …ඉලෙක්ට්‍රෝනයකට වඩා 34 ගුණ්‍යකින් බරින් වැඩි බවත් අනාවරණය වුණා ….

මේ අලුත් සොයාගැනීම 5වන බලය විදියට සලකන්න බැරි මතවාද තියනවා, ඉතින් ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණ සභාවෙන් ලබන ඇවුරුද්දේ හරියට ප්‍රකාශයක් කරන තුරු හා වැඩි යමක් කියන තුරු (එය සම්මත වීමට නම් ) අපිට ටිකක් බලන් ඉන්න වෙයි !