Naifmvlog

Naifm vlog Gossip and News

නැගී එන ප්ලස්ටික් සැත්කම්

ප්ලාස්ටික් සැත්කම් දැන් ඉරානයේ, නැගී එන ව්‍යාපාරයක් ලු. එරටේ ප්‍රධාන ප්ලාස්ටික්සැත්කම් ශල්‍ය වෛදය. Seyed Javad Amirizad කියන්නේ, වැඩිපුර මුස්ලිම් වැසියන් වෙසෙන ඉරානයේ මුස්ලිම් ගැහැනුන්ට පණවා තිබෙන, ඇදුම් සම්බන්ධයෙන් වූ නීතිය නිසාත් , (සිරුරෙන් වැඩි කොටසක් වැසෙන ලෙසට ඇදුම් ඇදීම) ගැහැනුන් මෙවැනි රූපලාවණ්‍ය සඳහා වූ සැත්කම් වලට යොමු වන බවයි.

ඒකට හේතුව එවිට ඔවුනගෙ මුහුණේ නොවැසුන කොටස ලස්සනට තියාගන්න, ඔවුන් බොහෝවිට උනන්දු වෙන නිසයිඒ නිසාම ඉරානයේ වැඩිපුරම ජනප්‍රිය වෙලා (60% පමණ )තියෙන්න්නේ, නාසයේ -ප්ලාස්ටික්සැත්කම් ලු. මීට අමතරව පියයුරු රෝපණ සැත්කම්, උදරය සම්බන්ධයෙන හා ශරීරයේ වෙනත් කොටස් සඳහා කරන, (රූපලාවණ්‍යයට සම්බන්ධ) ප්ලාස්ටික් සැත්කම් වල වර්ධනයක් පෙනෙනවලුගැහැනු විතරක් නෙවෙයි දැන් පිරිමිත් කලින්ට වඩා රූපලාවණ්‍ය සඳහා මේ ප්ලස්ටික් සැත්කම් වලට යොමු වෙනවලු.

ඔවුන් 35% තරම් අගයක්ලු හැබැයි මේ විදියට ලස්සන වෙන්න ඒ වගේම සල්ලිත් ගොඩක් යනවාඉරානයේ මෙවැනි සත්කමක් නාසයේ කරනව නම් රුපියල් ලක්ෂ 3 විතර යනවලු. ඒරටේ හැටියට ඒ ගාණ ටිකක් විතර සැරයි. මොකද එහේ ඒක පුද්ගල ආදායමත් මාසෙකට රුපියල් 50,000 පමණ වෙන නිසා.කොහොම වුනත් මේ වැඩේට ඇමෙරිකාවේදි යන ගණන් වලට වඩා නම් ලාබයි…ඇමරිකාවෙදී මෙවැනි සැත්කමකට රුපියල් ලක්ෂ 4ත් ලක්ෂ 20 අතර ප්‍රමානයක් යනවා.

ඉරානයේ දිගට, පැවැති යුද්ධ මනුෂ්‍ය ඝාතනය තත්ව නිසාත් එහේ වෛද්‍යවරුන් මේ ක්ෂේත්‍රයේ දිගු හොඳ අත්දැකීම් තියෙනවලු ඉතින් ඔහු පැවසූවේ ඉරානයේ , මේ සැත්කම් සඳහා ලොව හොඳම වෛද්‍යවරුන් සිටියත්, ඉරානයේ පැවති විදේශරටවල් සමග වූ විවිධ සම්බාධක නිසා, එහේ සැත්කම් සඳහා වූ වෛද්‍ය උපකරණ, හා නවීකරණයට ලක්වන තාක්ෂණය හා අලුත් බෙහෙත් වර්ග වල යම් හිඟයක් තියෙන බවයි.

කොහොම වුනත් වර්තමානයේ ඉරානය ලෝක බලවතුන් එක්ක වූ යම් එකඟතාව නිසා සම්බාධක හා න්‍යෂ්ටික වැඩසටහන් ලිහිල් කරමින් ඉන්නවා …මේ තත්වය නිසා ඉදිරියට ක්ෂේත්‍රයේ යම් සුබදායි වෙනසක් වෙයි කියලත් ඔහු බලාපොරොත්තු සහගතව පැවසුවා. ඉරානය දැන් මැදපෙරදිග සංචාරක-වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් වෙලා !