Naifmvlog

Naifm vlog Gossip and News

ටුටන්කාමන් ඊජීප්තු රජුගේ පැරණි කඩුව

ඔයාලා අහලා ඇති ඉතා ලාබාල වයසේදී රජ වූ අපූරු ඊජීප්තු රජෙක් වූ “ටුටන්කාමන්” ගැන කතා…හවඩ් කාටර් පුරාවිද්‍යාඥයා විසින් ඔහුගේ සොහොන සොයාගත්තා.ඒ දැනට අවුරුදු සියයකට ආසන්න කලයකට කලින් ඒත් තාමත් අපිට ඒ රාජ කුමාරයාගේ පුදුම හිතෙන විස්තර සොයා ගැනීම් අහන්න ලැබෙනවා. ඔය අතරේ , 1925 දී කාටර් විසින් මුල්වරට ඒ රජු භාවිත කළ කඩුවක් පිහියක් ගැනත් විස්තර කිවුවා.

ඔන්න දැන් ඒ ගැන අලුතින්ම කල විද්‍යාත්මක පරික්ෂණයකදි හෙළි වෙලා තියෙනවා ,ඒ පිහිය හදලා තියෙන්නේ උල්කාෂ්ම වලින් කියලා. ඒ කියන්නේ ඒ පිහිය හදලා තියෙන්නේ පෘථිවියෙන් එහා අභ්‍යවකාශයේ තිබුන ද්‍රව්‍යයකින්. එක්ස් රේ වලින් යොදා ගත් ප්‍රතිදීප්ත වර්ණාවලිමිතියකින් ආක්‍රමික නොවූ තාක්ෂණයකින් ඒක හදා තිබූ අණුක ද්‍රව්‍යය ගැන පරීක්ෂාවට ලක් කරලා තියෙනවාඒ කිණිසි තලයේ “රසායනික අත්සනක්” සටහන්ව ඇති බව විද්‍යාඥයන්සොයා ගත්තාලු…ඒකේ අශුද්ධ ලෝහ ලෝපස් 4% ක නිකල් ප්‍රමාණයක් අඩ්ංගු වුණා.

ඒක මේ ආයුදයෙන් 11%ක් කොබොල්ට් අංශු මාත්‍රය මගින් ද ඒ බව පෙනෙනවාලු.ඒ විද්‍යාඥයන් කියන්නේ පැරණි ඊජීප්තු ජාතිකයන් මේ උල්කාෂ්ම වලින් සෑදූ බඩු වලට ලොකු වටිනකමක් දීලා තියෙන බව පේනවා කියලයි ඒ විතරක් නෙවේ.. ඒකෙන් ඒ යුගයේදි ඊජීප්තුවේ මිනිස්සුන්ගේ ලෝහ කර්මාන්තය කම්හල් වැඩ ඇදහීය නොහැකි තරමේ ස්ංකීර්ණ තාක්ෂණයක් හා දක්ෂකම් ගැනත් හෙළි දරවුවක් වෙනවා.ඔයාලටත් මේ කඩුව දැක ගන්න ඕන නම් කයිරෝ වල ඊජිප්තියානු කෞතුකාගාරයට ගිහින් බලාගන්න පුලුවන් .