Naifmvlog

Naifm vlog Gossip and News

යමෙකුගේ දෑස් දෙස

(මානසික ඒකග්‍රතාවය අඩු කරන බෙහෙතකි) අමතක කරන්න. ඇස් වලින් ඊට වඩා ප්‍රතිඵලයක් ගත හැකියි. එය සිදු කරන්නේ සාමාන්‍ය බෙහෙතෙක් ගන්නා ආකාරයට නොව කෙනෙකුගේ දෑස් දිහා සැලකිය යුතු දිගු කාලයක් තීව්‍ර ලෙස දෑස් අයා බලා සිටීමයි. දැනට තහවුරු කරගෙන ඇති ආකාරයට පුද්ගලයන් මානසික ඒකග්‍රතාවයේ වෙනස් අවධියකට මේ ආකාරයෙන් පත්වන බව සොයා ගෙන ඇත. මෙම චමත්කාරජනක සොයා ගැනීම සිදුකර තිබෙන්නේ ඉතාලියේ Urbino විශ්ව විද්‍යාලයේ දෘෂ්ටි පර්යේෂක Giovanni Caputo විසිනි.

මෙය ඔහුගේ පළමු අධ්‍යනය නොවන අතර, වසර කිහිපයකට පෙර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 50 දෙනෙකු තරමක් අදුරු කාමරයක කණ්ණාඩියක් ඉදිරිපස ඔවුන්ගේ ම ප්‍රතබිම්භය විනාඩි 10 ක් බලා සිටීමට සැලැස්වීමෙන් පළමු අධ්‍යනය කර ඇත. එහිදී බොහෝ දෙනෙකුට විනාඩියකටත් වඩා අඩු කාලයකදී මායාජනක දර්ශන දිස් වන්නට පටන් ගෙන ඇත. ඔවුන්ගේ මුහුණු ඇද වීමට හා වෙනස්වීමට භාජනය වීම ඔවුන්ට දර්ශනය වූ අතර බොහෝ මුහුණු සත්ත්වයන්ගේ, භූතයන්ගේ හා දැඩි ලෙස අසාධ්‍ය වූ පවුලේ සාමාජිකයන්ගේ මුහුණු බවට පරිවර්තනය වීම දර්ශනය වී ඇත. මෙම සංසිද්ධිය “strange-face illusion.” ලෙස හදුන්වනු ලබයි.

නමත් දෙවන අධ්‍යනයේදී කණ්ණාඩියේ ප්‍රතිබිම්භය වෙනුවට වෙනත් පුද්ගලයෙකු එයට ආදේශ කළ විට ලැබුණු ප්‍රතිඵලය මෙයටත් වඩා විශ්මයජනකය. එහිදී පුද්ගලයන් 40 දෙනෙකු තෝරාගෙන් යුගල සදා එම යුගලයන් කාණ්ඩ 02 කට වෙන් කර එක් කණ්ඩායමක යුගල වල දෙදෙනා එකිනෙකාට මීටරයක් දුරින් සිට එකිනෙකාගේ මුහුණ බලාගෙන සිටින ලෙස සකස් කරන ලද අතර එහිදී පරිසරයේ ආලෝකය අඩු කරන ලද අතර එහදී එකිනෙකාගේ මුහුණුවල හැඩතල යාන්තමයට හදුනාගත හැකි ආකාරයට සකස් කරන ලදි. අනෙක් කණ්ඩායමේ යුගලයන් එකිනෙකාට පිටුපා බිත්ති දෙස බලාගෙන් සිටින ආකාරයට සිටුවන ලදි.

නමුත් මෙම අධ්‍යයනයට ලක් වූ පිරිසට අධ්‍යනය ගැන පැහැදිලි නොකළ අතර යම්කිසි භාවනාමය වැඩසටහනක් බව පමණක් දන්වන ලදි. British Psychological Society,ට අනුව ඔවුන් වෙත විනාඩි 10 කට පමණ පසු ඔවුන්ගේ අත්දැකීම පරික්ෂා කිරීමට ලබා දුන් ප්‍රශ්නාවලියේ විශ්මයජනක කරුණු රැසක් අන්තර්ගත විය. එකිනෙකා දෙස බලාසිටි කණ්ඩායමට පෙනුණු වර්ණවල තීව්‍රතාවය අඩු වී තිබුණු අතර සාමාන්‍ය තත්ත්වයට වඩා ශබ්දයන් හොදින් ඇසී ඇත. කාලය ගමන මන්දගාමී වූ බව මෙන්ම අවකාශයේ පාවෙන ස්වභාවයක් දැනී ඇත.

අමතරව 90% දෙනෙකු ඔවුන්ගේ සහායකයාගේ මුහුණ විරූපී ස්වභාවයෙන් දැක ඇති අතර, 75% දෙනෙකු භූතානුරූප දැක ඇත.15% දෙනෙකු තමන්ගේ නෑදෑයන්ගේ මුහුණු වලට සමාන රූප දැක ඇත. අපි යමක කේන්ද්‍රය දෙස දිගු කාලයක් බලා සිටින විට අවකාශය කෙමෙන් අතුරුදහන් වීමට පටන් ගන්නා අතර මෙය Troxler fading ලෙස හදුන්වනු ලබයි. ඒ ආකාරයෙන් මෙය පැහැදිලි කරන විට මුහුණ වල හැඩය ක්‍රමයෙන් අතුරුදහන් වන විට වෙනත් විකාර රූප මැවෙනවාට වඩා Scientific American,

පැහැදිලි කරන ආකාරයට යමෙකුගේ දෘෂ්‍ය පඨය වියැකී යන විට එම හිදැස් ඔවුන්ගේ බලාපොරොත්තු හා අත්දැකීම් වලින් පුරවාගන්නා බව සඳහන් කරයි.පැහැදිලිවම අපට මේ අපූර්ව සංසිද්ධිය පිළිබදව තවදුරටත් ඉගෙන ගැනීමටබොහෝ දේ තිබෙන තිබෙන අතර මෙම අධ්‍යනය තවමත් ප්‍රාථමික අවධියේ පවතින බව Caputo පවසයි. එය ඇත්තෙන්ම සිත්ගන්නා සුලු සොයා ගැනීමක් වේවී. මෙම මායාකාරී දේවල් මැවීමට පරිසරයේ ආලෝකය වෙනස්වීම පමණක්ම නොව, වෙනත් සාධක ද හේතුවන බව ප්‍රත්‍යක්ෂ නිසා. (දෙවන අධ්‍යනයේ එකිනෙකාට පිටුපා සිටි පිරිසට කිසිම වෙනසක් නොදැනී ඇත)