Naifmvlog

Naifm vlog Gossip and News

දිගුකාලීන හා නැවත නැවත

අලුත කළ පරීක්ෂණයකින් , දිගුකාලීන හා නැවත නැවත ඇතිවන ඉරුවාරදය වළක්වගැනීමට “විටමින් උපකාර විය හැකි බව” හොයාගෙන තියෙනවා. මේ රෝගය ඇති වීමට විටමින් ඌනතාවයත් බලපාන බව මේ විදියට හොයාගත්තත් , ඊට අමතරව මේ රෝගයට හේතු විය හැක්කේ, සමහර සෞඛ්ය තත්වයන් , කෑම වර්ග , අසහනය හා නින්ද සම්බන්ධ ගැටලු අදියයි.

මේ හේතුවෙන් තද හිසරදය ඇති වී ඉරුවාරදය රෝගය ඇති විය හැකියි . ඉතින් අලුත් අධ්යයනයට අනුව පරීක්ෂකයෝ යෝජනා කරන්නේ , විටමින් සැපයීමක් මගින් , ඉරුවාරදය නිතර ඇතිවීම වළක්වා ගත හැකි බවයි …මේ පරීක්ෂණයට ඔවුන් මේ රෝගයෙන් නිතර පීඩා විදින ළමුන්, නව යෞවනයන් හා තරුණවැඩිහිටියන් යොදා ගැනුනා.

ඇත්තටම මොවුන් අතරෙන් වැඩි පිරිසක් විටමින් D ඌනතාවය ,විටමින් B2 (riboflavin) ඌනතාව හා coenzyme Q10 (අපේ ශරීරයේ එන්සයිම නිපදවීමට අවශ්ය විටමින් අඩුකම ආදී ) විටමින් ඌනතා දක්නට ලැබුනලු ..මේ විටමීන් සියල්ලම අපේ ශරීරයේ මයිටොකොන්ඩ්රිියමට ඒ කියන්නේ ශරීරයේ ක්රියාකාරිත්වයට අවශ්ය සෛලවල ශක්ති නිශ්පාදනයට අත්යවශ්යයි .

ඉතින් මේ විටමින් අවභාවිතය හා අනවශ්ය විදියට වැඩියෙන් භාවිතය නිසාත් ඒ අවශ්ය ශක්තිය ලැබීම අඩු වෙනවා එය ඉරුවාරදය ඇති කිරීමට හේතුවක්. දිගුකාලීනව ඉරුවාරදය ඇති රෝගින්ගේ coenzyme Q10 ඌනතාවය , වරින් වර ඉරුවාරදයෙන් පෙලෙන රෝගීන්ට වඩා වැඩි බවත් සොයාගැනුනා . ඒ වගේ එම ගැහැනු ළමයිගේ හා කාන්තාවන්ගේ coenzyme Q10 අඩුකම , පිරිමින් හා පිරිමි ළමුන්ගේ එම ඌනතාවයට වඩා වැඩි බවත් පෙනුනා.

පිරිමි ළමුන් හා වැඩිහිටි පිරිමින් අතරේ විටමින් D ඌනතාවය සාපේක්ෂව වැඩි බවත් පෙනුනා.හැබැයි මෙහෙම වෙන්න හේතු මොනවාද ?? කියාලා වැඩි දුර පරික්ෂණ කරලා තමයි හොයාගන්න වෙන්නේ…කොහොම වුනත් පරීක්ෂණයෙන් කියවුනේ , රෝගීන් හැමෝම නොවුනත් වැඩි ප්රාතිශතයක් ඉරුවාරද රෝගීන් විටමින් ඌනතාවයෙන් පසු වූ අය බවයි …

ඉරුවාරද රෝගීන් වෙනුවෙන් වෙළෙඳපොලේ “කොක්ටේල් සැපයීම්” තිබෙනවා ඉන් හිසරද තත්ව අඩුවීමක් වෙන බව කියැවෙන නිසා ,එය පලතුරු/විටමින්, මැග්නීසියම් , හා කාබනික ඛනිජ වර්ග වලින් සාදන්නේ එයිනුත් පෙන්වන්නේ විටමින්, මැග්නීසියම් මගින් ඉරුවාරදය යම් අඩු වීමක් ඇති කළ හැකි බවයි …කොහොමවුනත් , තනිකරම විටමින් වර්ග වලින් ඉරුවාරදය නැවැත්වීමට හැකිද ?? යන්න සොයාගැනීමට නම් තව දුරටත් පරීක්ෂණ කළ යුතුයි !