Naifmvlog

Naifm vlog Gossip and News

කර්මාන්තපුර අභ්‍යවකාශයට ගෙනියන කාලය

SpaceX සමාගමේ ප්‍රධානී Elon Musk ට ඕන වෙලා තියෙනවා , මිනිස් ජනපද , අගහරු ලොවේ පිහිටවන්න. ඒ වගේම ඇමසොන් අයිතිකාර Jeff Bezos කියන්නෙත් , අපේ පෘථිවිය ආරක්ෂා කරගැනීම සඳහා අපේ කර්මාන්ත ආර්ථිකයෙන් කොටසක් , අභ්‍යවකාශයට ගෙනියන එක කළ යුතුයි කියලා.අපි ජීවත් වෙන්නේ ජනගහනය වැඩිවෙමින් ඉන්න ලෝකයක නිසා කොහොමත් පෘථිවියේ ජනගහන වර්ධනය තදබදය ටිකක් හරි අඩු කරගන්නත් මේක සමහරවිට හොඳ විකල්පයක් වේවි!

ඇමසොන් ප්‍රධානියා කියන විදියට එහෙම වෙනත් ග්‍රහ ලෝකවලට කර්මාන්ත ගෙනයාමේදී ඒ වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න විශාල වශයෙන් බලශක්තිය අවශ්‍ය වෙනවා. ඒවා පෘථිවියේ ඉදන් නම් මෙහෙයවන්න අමාරුයි.ඒ වෙනුවට අපි අභ්‍යවකාශයේදී ම ඒ බලශක්තියත් ක්‍රියාත්මකකිරීමට අවශ්‍යයිලු, හැබැයි මේ ක්‍රියාවලිය හෙට අනිද්දා වෙන එකක් නම් නෙවේ. ඊලඟට එන සහශ්‍ර කීපයේදී කෙරෙන්න පුලුවන් දෙයක්.

ඒ කාලේ වෙනකොට මෙහේ බලශක්තිය අඩුවෙලාත් තියෙයි මේ වැඩි වන ජනගහනයේ හැටියට , මෙහේ බර මහාපරිමාණ කර්මාන්ත ටික ඒ කාලෙදි පෘථිවියෙන් පිටත ග්‍රහ ලෝක වලට ගෙන යාවි. එතකොට මෙහේ පෘථිවිය, මිනිස්සුන්ගේ පදිංචියට හා බරනොවන(සැහල්ලු) කර්මාන්ත ටික සඳහා විතරක් යොදාගත් කලාපයක් වේවි.එහේ නම් අපිට ඉතා විශාල චිප් කර්මාන්තශාලා වුනත් ඉදිකරන්න පුලුවන් වේවි ඒ වගේම අභ්‍යවකාශයේ බල ශක්තිය විදියට සූර්‍ය බල ශක්තිය යොදා ගන්නත් පුලුවන්ලු …

මේ ගැන හරියටම වචනයක් දීල නැතත් Bezos ට එයාලගෙ “ඇමසොන්” වල බර කර්මාන්ත ගබඩාවක් එහේට ගෙනියන්නත් සැලසුමක් හා අදහසක් තියෙනවලුමේව ක්‍රියාවට නැගුනොත් ඒකෙන් අපේ පෘථිවි ආරක්ෂාකර ගන්න උදවුවක් වේවි!