Naifmvlog

Naifm vlog Gossip and News

මේ ක්‍රමයට හුරු වුනොත්

“මානසික ආතතිය” කියන්නේ ,නූතන සංස්කෘතියේ , දුශ්ටයෙක් වගේ.එයින් අපේ එදිනෙදා කටයුතුවලට බලපෑමක් ඇතිකෙරෙනවා , හරියට නින්ද යන්නෙත් නැහැ.ඒ වගේම අපේ සෞඛ්යයටත් එය ඉතා අහිතකර බලපෑම් ඇති කෙරෙනවා.මානසික ආතතියට බෙහෙත් වලින් යම් ප්රතිපලයක් ගත හැකියි.ඊට අමතරව මේ ආතතිය මර්දනයට හෝ එයට මුහුණ දීමට අපි පුහුණු වෙන්න වෙන විදියක් ගැන “ඉයන් රොබට්සන් “ කියන ස්නායු විශේෂඥයාගේ ඉදිරියේදී දොරට වැඩීමට නියමිත ‘The Stress Test: How Pressure Can Make You Stronger and Sharper,” මේ පොතෙන් විස්තර කෙරෙනවා…

අධික ආතතියෙන් අපිව දුර්වල කෙරෙන අතරේ , මධ්යස්ථ ආතතිය අපේ මනසට හොඳ දෙයක් බව පැවසෙනවා.…අපිට ආතතිය ඇතිවෙන්නේ , noradrenaline. කියන රහස් රසායනයක් හේතුවෙන් .එය ගොඩක් වැඩි /අඩු වීමෙන් තමයි මනස අසමබරව ආතතිය ඇතිවෙන්නේ ඉතින් මේ රසායනය මධ්යස්ත ප්රමාණයෙන්, නියමිතව තබා ගනීනම් , එය ඉතා හොඳින් මොළයේ හැසිරවීම /සුසරකිරීම නිසි විදියට ක්රියාකරවනවා…

ඉතින් ඒ විදියට අපේ මොළය ශක්තිමත්ව ක්රිියාකරද්දි කනගාටු හෝ මානසික අවපීඩනයන් අඩු කරලා , අපිව සතුටින් තියනවා …ඉතින් අපිට මේ විශේෂිත-ශිල්ප ක්රමය භාවිතයෙන් , විශාදනාශක පෙති හෝ වෙනත් ආතති නාශක පෙති භාවිත වලින් වගේම…හොඳ ප්රතිපලයක් ගන්න පුලුවන් …ඒකට අපි පුරුදු විය යුතුයි. පලමුවෙන් හදුනගැනීමට අවශ්ය… අපේ මනස නොවෙනස්වන එකක් ද ?වර්ධන එකක්ද ? යන්නයි, එය නොවෙනස් මානසිකත්වයේ නම් ,උදා: ඔබ සිතනවනම් ඒ තැවිලි සහිත පීඩා මානසිකත්වයට හේතුව , ඔබේ උරුමයක් බව , දෙමපියන්ගෙන් ආපු දෙයක් විදියට,

ඒ දෛවවාද විශ්වාසය ඔබේ මනසේ පැලපැදියම්ව ඇති …එය හොදින් හදුන ගන්න අවශ්යයි. තවත් සමහරෙක්ට විශ්වාසය ඇති ,මේ ආතතිය වෙනස කරන්න තමන්ට පුලුවන් බව ,ඒත් අවශ්යතාව තිබුනට ඒ ගැන ටිකක් බයෙන් සැකයෙන් ඇති …සරලව ඔබ කල යුත්තේ , මානසික ආතතිය, තර්ජනයක් ලෙස නෙවෙයි , අභියෝගයක් ලෙස භාර ගැනීමයි !..මේ විදියට මනසේ ස්විචය ඔබේ අතට ගැනීමෙන් , නැවත ඊට රාමුවක් හදාගෙන , මනසික ආතතිය අඩුකර , මනසේ ක්රියාකාරිත්වය වැඩි දියුණු කිරීම කල යුතුයි.

ඔබට බාහිරව විශ්වාසය හා ධනාත්මක සිතුවිලි පහලවීම භාරකාරිත්වය ගැනීමට හැකි නම්, ඔබට මානසිකව බාහිරව පැමිණෙන ,මායාවන්/අනවශ්ය සිතුවිලි ඉරියව් එක්ක මානසිකව සහසම්බන්දයක් නිර්මාණය කරගැනීමට , මොළයට උපායශීලී වීමට හැකියි. ඇත්තටම , සම්පූර්ණයෙන් ආතතියෙන් වැළකීමේ අවාසිදායකයි..

විශේෂයෙන්ම ජීවිතයේ මුල් කාලයේ , ආතතියට මුහුණදීම “හොඳ පෞරුශයක් “ ඇතිකිරීමට ඉවහල්වේ , ළමා කාලයේදී ආපදවන්/කරදරවලට මුහුණ දුන් ළමයින්ට,වයසෙන් වැඩෙත්ම මානසිකව/ශාරීරික ඊට ඔරොත්තුදීමේ හැකියාවක් ඇති වේ ..මේක හරියට වැඩ කරන්නේ අපේ ප්රනතිශක්තිකරණ පද්ධතියේ ක්රිායාකාරිත්වයට සමානවයි… හැබැයි අධිකව කරදර/ආපදා වලට මුහුණ්දීම නම් අයහපත්…පරීක්ෂන වලින් හෙළි වුනේ එයයි .