Naifmvlog

Naifm vlog Gossip and News

පෞරාණික දැවැත්ත වේදිකාවක්

ජෝර්දානයේ දී පුරාවිද්යා ඥයින් පිරිසක් පෞරාණික වැදගත්කමින් යුත් පැට්රා නගරයේ දී අති විශාල වේදිකාවක් සොයාගෙන එම සොයා ගැනීම ප්‍රසිද්ධියට පත්කරලා තියෙනවා. පුරාණ පෙට්රා නගර මධ්‍යයට ආසන්නව පිහිටි මෙම දැවැන්ත උත්සවාකාර වේදිකාව සොයාගන්න ඉවහල් වෙලා තියෙන්නේ චන්ද්රි කා සහ සැටලයිට් සහ ඩ්රෝෙන තාක්ෂණය මගින් ලබාගත් ඡායාරූපයි.

Sarah Parcak සහ Christopher Tuttle ඔවුන් සොයාගත් මෙය දැවැන්ත ස්මාරකයක් බවයි වාර්තාවේ සදහන් වන්නේ. ඔවුන් පවසන අන්දමට මෙහි ආකර්ශනීයත්වය වැඩිවීමට බලපාලා තියෙන්නේ මෙහි අති විශාලත්වයයි. එම වේදිකාවේ ප්‍රමාණය අඩි 184 දිග සහ අඩි 161 ක් පළල් වීමයි.

ඒක ආසන්න වශයෙන් කියනවා නම් ඔලිම්පික් පිහිනුම් තටාකය වගේ දිග වන බවත්, පළල මෙන් දෙගුණයක් වගේ වන බවයි.(National Geographic reports). ක්‍රිස්ටෝපර් ටට්ල් නම් කියන්නේ වසර 20 ක පර්යේෂණයකින් පසු පෙට්රා හි මෙවන් දෙයක් තිබේ යැයි කවුරුන් හෝ දැන සිටින්නට ඇති බවයි.

එහෙත් එය නිසි අධ්‍යයනයක් හෝ ක්‍රමානුකුලව ලියැවී නොමැති බවයි. ඒ වගේම ඔහුු පවසන්නේ ඔහු පෙට්රා වන වසර 20 ක් වැඩ කළ බවත්, ඒ කාලය තුල එහි කුමන දෙයක් හෝ තිබුනේ යැයි ඔහු තුල තිබූ විශ්වාසය මෙම සොයා ගැනීමෙන් තහවුරු කරගත් බවයි.