Naifmvlog

Naifm vlog Gossip and News

ජාන සංස්කරණ ක්‍රමය

ඔයාලා අහලත් ඇති ජාන සංස්කරණ කල හැකි CRISPR කියලා ක්‍රමයක්/මෙවලමක් ගැන. ඉන් ජාන DNA කපලා අයින් කිරීමක් කරනවා.H-IV වගේ ව-රස් අපේ සෛල වලින් ඉවත්කිරීමට හා පේශීන්වල(නිවැරදි කිරිම් සම්බන්ධ) සැකසුම් වලට යොදා ගැනෙනවා… ඔන්න දැන් විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා , RNA හරි විදියට සංස්කණය කළ හැකි “වඩා නිවැරදි ක්රමයක්”.මේ RNA කියන්නේ DNA වල මස්සිනා වගේ.

ඉන් න්‍යෂ්ටියේ සිට අනෙකුත් සෛලවලට පණිවිඩ පරිවර්තනයක් කරනවා…ඒ වගේම ඒවයේ වෙනස්කම් කිරීමට හැකියාවක් ඇති නිසා , අලුත් විෂභීජ සමග සටන් කිරීමේ හැකියාවට විවෘත කරනවා … අලුත් ක්රියාදාමයෙන් තෝරාගනිමින් RNA සංස්කරණය සඳහා කැපිය හැකියි ..ඒවායින් තමයි ජානමය විස්තර හරහා අපිට සූක්ෂම පාලනයක් ඇතිකරවන්නේ…ඒක විවෘත වෙන්නේ ව-රස අවහිර කිරීමේ හා විෂභීජ නැවතීමේ ක්‍රමයක් විදියටයි..

ඉතින් DNA වලින් අපේ ශරීරය සඳහා ජාන කේතයන් ගෙනියන අතර RNA කරන්නේ ,ඒ ජාන කේතයන් ක්‍රියාවට නැගීමට අවශ්‍ය උපදෙස් සමග තේරුම් ගැනීමෙන් ,අවසාන ක්‍රියවලිය වෙත කෙළින්ම රැගෙන යෑමයි..කලින් විද්‍යාඥයන් RNA අතරමැදියෙක් කියලා හිතුවට , පසුගිය කාලය පුරාවටම RNA වල හිතනවට වඩා වැදගත්කමක් ඇති බව වටහා ගෙන තිබෙනවා …එයට අපේ සෛල තුල ප්‍රෝටීන නිපදවීම් -පාලනය කීරීමේ හැකියාවක් තිබෙනවා ,කලින් භාවිත කල ස්ංස්කරණ ක්‍රමයට (CRISPR/Cas9 ) DNA හා RNA වල තොරතුරුවල සංයෝගයකින් තමයි, ශරීරය තුල ව-රස් වලට ඉලක්කකර යොදා ගැනුනේ …ඒකෙන් තමයි මාරු කිරිමට අවශ්‍ය ජාන කේත හඳුනාගැනුනේ..

ඒත් දැන් නම් තනිකරම DNA. වලට යොමු විය හැකියි .ඉතින් මෙහෙම විද්‍යාඥයන් කණ්ඩායම පරීක්ෂණයකින් පසු සොයගැනුනේ ; CRISPR වලම අලුත් අනුවාදයක් , ඒකට කියන්නේ කියල “C2c2” කියලා ..ඒකෙන් RNA අණු සම්පූර්ණයෙන් කැබලි කරන්න පුලුවන්..මෙහි DNA වෙනස්කම් කල්පවතින අතරේ RNA වෙනස්කම් වලින් ප්‍රතිකාරයේ වර්ධනයක් ඇති කරමින් විෂභීජ සමඟ සටන් කිරීමට වැඩිපුර අවස්තාව ලබා දීමක් කරනවා

උදාහරණයක් ලෙස පිළිකා ප්‍රතිකාරයකදි ‘bystander’ කියන RNA විනාශකර , ඉලක්ක කල RNA එකෙන් කරන්නේ පිලිකා ගැටිති /ගෙඩි වලට විරුද්ධව හොදින් සටන් කිරීමට හැකියාවක් දීමයි වෙන්නේ. මේක ජාන සංස්කරණ තාක්ෂණයේ දි DNA වෙනුවට RNA ඉලක්ක කිරීම කල පලමු අවස්තාව නොවෙයි..ඒත් මේ අලුත් C2c2 ක්‍රමයෙ විශේෂත්වය නම් ගොඩාක් ස්වභාවික හා බහුශ්‍රැතව නිවැරදිබවින් යුතුව ,වැඩි පරාසයන් තුළ විවිධ භාවිතයන්ට ගැනීමට හැකිවීමයි.ඉතින් ඒ අලුත් ප්‍රතිකාරය එක්ක විද්‍යාඥයන් ඊ ළගට කරන දේවල් මොනවද? කියලා අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු.