Naifmvlog

Naifm vlog Gossip and News

මිනිසුන් වෙනුවට රොබෝවරු

මීට දශක කීපයකට පමණ පෙර තාක්ෂණයේ දියුනුවත් සමග රොබෝවරුන් මිනිසා අභිබවා යමින් මිනිසාටම තර්ජනයක් විය හැකි යයි ලෝකය බියට පත් වී සිටියා.මේ වනවිට අනපේක්ෂිත ආකාරයට ලෝකයම වසංගතයකට ගොදුරු වීමත් සමග බොහෝ මිනිස් කටයුතු වලට රොබවරු ආදේශ කරගන්නට සිදු වී තිබෙනවා.මේ තත්වය සමග ඉදිරි දශක කීපය තුළ ආර්ථික සහ අනෙකුත් කටයුතු සඳහා රොබෝ තාක්ෂණයේ දායකත්වය ඉහළ යනු ඇති බව විශ්ලේෂකයන් මත පළ කරනවා.

සමාජ දුරස්ථකරණ ඇති කරමින් මිනිස් කාර්‍ය මණ්ඩල සංඛ්‍යාව අවම කරන්නට ලොකු කුඩා සමාගම් පියවර ගනිමින් සිටිනවා.අමෙරිකාවේ විශාලතම සිල්ලර වෙළෙඳ ආයතනය වන වෝල්මාට් මේ වනවිටත් පිරිසිදු කිරීම් සඳහා රොබෝ තාක්ෂණය යොදා ගන්නවා.උෂ්ණත්ව පරීක්ෂාව සහ සනීපාරක්ෂක කටයුතු සඳහා රොබෝ තාක්ෂනය යොදා ගන්නට දකුණු කොරියාව කටයුතු කරමින් සිටිනවා.

ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන් පවසන ආකාරයට දැනට පනවා ඇති සමාජ සීමා බොහෝ දුරට 2021 දක්වා පවත්වාගෙන යන්නට සිදු වන බව පෙනී යනවා.එවැනි තත්වයක් යටතේ රොබෝ තාක්ෂණයේ අවශ්‍යතාව සහ භාවිතාව තව තවත් ඉහළ යනු ඇති බවට මත පළ වනවා.