Naifmvlog

Naifm vlog Gossip and News

හරියට නින්දක් ලබාගන්න අමාරුයි

සමහර වෙලාවට අපි කොතරම් උත්සාහ කළත් හරියට නින්දක් ලබාගන්න අමාරුයි…සමහරු නින්ද යන්නේ නැතිකමට (insomnia)ප්‍රතිකාර ගත්තත් ප්‍රතිපලයක් නැහැ. ඔන්න ඒ වගේ කට්ටියව ඉලක්කකරන් විද්‍යාත්මක විසදුමක් සොයන්න විද්‍යාඥයන් කල පරීක්ෂණයක අලුත් හෙළිදරවුවක් තමයිමේ සිහිකල්පනාව (දැනුවත් බව හා අවධානය) ගොඩක් වැදගත් සිහිකල්පනාව නින්දට බලපාන්නේ කොහොමද??? මේ සඳහා මේ හරියට නින්දනොයෑමේ රෝගය ඇති වැඩිහිටියෝ 50 ක් යොදා පරීක්ෂණයක් කරලා තියෙනවා. එයාලාව නින්ද ගැන වැඩසටහන් 2කට යොමු කර කණ්ඩායම් 2කට බෙදුවා.

පළමු කණ්ඩායමට – හරියට නින්දා ගැනීමේ පුරුදු/චර්‍යා රටාවන් වැඩි දියුණු කිරීමක් ගැන ඉගැන්නුවාලු – මෙහිදී ඔවුන්ට මත්පැන් කැෆේන් අඩ්ංගු පාන වලින් තොරව සනීපාරක්ශකව නිදා ගන්න ආකාර යොදා ගැනුනා. ·දෙවන කණ්ඩායමට – සහතික ලත් උපදේශකයෙක් යටතේ සිහිකල්පනාවකින් යුත් , භාවනා වැඩසටහනකට (සති 6ක )යොමු කළාලු. මේ විදියට මොවුන් සතියකට එකවරක් (පැය 2ක් පමණ )බැගින්, 6 වාරයක් මුණගැසුණාලු..

අවසානයේදී ප්‍රතිපල සංසදය කිරීමේදී , නිදා ගැනීමේ පුරුදු /චර්‍යා රටාවට යොමු කිරීමට වඩා.(පළමු කණ්ඩායම) ,දෙවන කණ්ඩායම අනුගමනය කළ ක්‍රමය වැඩි ප්‍රතිපලදායක බවක් පෙනුනා…ඔවුන් තෙහෙට්ටුවක් , නින්ද නොයෑමේ රෝගී ලක්ෂණ මානසික අවපීඩනය තත්ව ආදියේ අවම වීමක් පෙන්නුම් කළාලු.සිහිකල්පනා සහිතව භාවනා ක්‍රමය කරන විදිය :- මේ ක්‍රමයට භාවනාව මගින් ඔබේ මනසෙ අවධානය හුස්ම ගැනීමේ ක්රියාවලිය විතරක් ගෙනියමින් අතීතය හා අනාගතය (හෙට තියෙන වැඩ ගැන ආදී) ගැන නොසිතා වර්තමානයේ මේ අරමුණ ගැන විතරක් සිත යොමු කරනවාඒ වෙනසෙන් ආතතිය පහ කෙරෙනවා ඉන් හොඳට නින්ද යනවා. වේදනා දැනෙන්නෙත් නැහැ … රුධිරපීඩනයත් හරි මට්ටමේ තියා ගන්න පුලුවන්ලු. කෙටියෙන් එය පියවර 2කි

  1. ඔබේ මනස සංසුන් කරන බලකාය තොරගන්න. මෙය ආශ්වාස-ප්‍රශ්වාස කිරීම හෝ යම් විශේෂ හඬක් හෝ ධනාත්මක වචනයක් /වැකියක් වෙන්න පුලුවන්..හුස්ම ඉහල පහල දැමීම සෙමින් හා ගැඹුරු ලෙස කිරීමක් මගින්…නැතිනම් විශේෂ හඬක් හෝ ධනාත්මක වචනයක් නම් එය නැවත නැවත, සිතට ඇතුල් කිරීම මගින් මෙයට පමණක් අවධානය යොමු කර (අනෙකුත් සියලු දේවල් අමතකකර ) , ටික වෙලාවකට මානසිකව එක්තැන් කිරීම හා සංසුන් වීමයි.
  2. අනවශ්‍ය සිතිවිලි ඉවත් කරන්න…මේ ක්‍රියාවලියේදී , මනසට වෙනත් දෙයකට/තැනකට හදිසියෙන් යොමු වුනොත් , නැවත ඉහත මනස සංසුන් කරන බලකාය ,පටන් ගෙන…ප්‍රගුණ කරගෙන යන්න. මේ විදියට නිදාගන්න වේලාවෙදි සිහිකල්පනා සහිතව භාවනා ක්‍රමයට යොමු වුණොත් , හොඳ සුවදායි නින්දක් විතරක් නෙවෙයි, හොඳ සෞඛ්‍යයකුත් දිගටම පවත්වාගන්න පුලුවන් වෙයි…