Naifmvlog

Naifm vlog Gossip and News

ඕනැම ජීවියෙකුගේ ආයු කාලය

මිනිසාගේ මෙන්ම ඕනැම ජීවියෙකුගේ ආයු කාලයට , විවිධ අභ්යන්තර හා බාහිර හේතු බලපානවා.. ආහාර පුරුදු රටා , පාරිසරික සාධක ආදී ලෙස..සාමාන්යයෙන් පිරිමියාට වඩා ගැහැනිය වැඩි කල් ජීවත් වෙන බවට මතයක් තියෙනවා .නමුත් එසේ වීමට විද්යාත්මක ලෙස මොනවගේ කරුණු බලපාවිද ?? කියලා සෙවීමට සිදුකල පරීක්ෂණ වලින් ස්ත්රීීන්ගේ ආයුෂ, පුරුෂයන්ට වඩා වැඩි බව තහවුරු වූ අතර ඔවුන් ඊට බලපෑ හැකි ජීව විද්යාත්මක හේතු කීපයක් දක්වලත් තිබුනා.

ඒ ජීව විද්යාත්මක කරුණු විස්තර කිරීම් ටිකක් සංකීර්ණයි.සරලව කීවොත් ඊට ස්ත්රී/පුරුෂ හෝර්මෝන වල වෙනසේ බලපෑමත් අදාළයි. …මව් කුස තුල සිට දී සිටම මේ බලපෑම ඇති විය හැකියි , ඒ වගේම මෙයට ස්ත්රී හා පුරුෂ ප්රතිශක්තිකරණ පද්ධතිවල වෙනස්කමුත් බලපෑමක් ඇති කරනවා , ඔක්සිකාර ආතතියට සම්බන්ධ ප්රතිචාර ,මයිටොකොන්ඩ්‍රියම් වල යෝග්යතා වල වෙනස්කම් ,වර්ණදේහ වල බලපෑම් (පිරිමින්ට වර්ණ දේහ X හා Y ලෙස ද , ගැහැනුන්ට X වර්ණ දේහ 2ක් ද ලෙස ඇති වෙනස ) ආදි හේතු බලපාන බව කියැවිණි…

හැබැයි වැඩිකල් ආයුෂ තිබුණට ,මේකෙන් ස්ත්රීින්ට පොඩි අවාසියකුත් තියෙනවා . පිරිමින්ගේ ශක්තිමත්/වෙර සම්පන්නභාවය වැඩි කල් පවතින අතරේ , ගැහැණිය පසු කාලයේ වයසට යාමේදී , ඔවුනගේ ශක්තිමත්බව / සෞඛ්යය පිරිමියාට වඩා ටිකක් දුර්වල බවත් පැවසෙනවා…ඒ නිසා තමයි ස්ත්රී න් ඒ කාලයේදි අස්ථි ආබාධ, අස්ථි සන්දි- ප්රදාහය(osteoarthritis,), අස්ඨි බිදී යෑමේ ප්රවනතා osteoporosis, කොන්දේ අමාරු වේදනා වලට වැඩිපුර ලක් වෙන්නේ…නින්ද යැමේ දුෂ්කරතා හා ආතති තත්ව වලටත් එය හේතු වෙනවා . ඉතින් ඒ කියවුනේ ,සාමාන්යයෙන්, පිරිමියාට වඩා ගැහැනිය , වැඩි කල් ජීවත් වීමමේ රහසට හේතු වූ ජීව විද්යාිත්මක සත්ය තර්කානුකූල-උපකල්පන වලින් කීපයක් විතරයි .