Naifmvlog

Naifm vlog Gossip and News

සතුටින් සිටීමට අවශ්‍යද

ජීවිතයේ සතුට යනු අප සැමටම එක හා සමාන වටිනාකමකින් යුත් දෙයකි.ජීවිතයට සතුට අවශ්‍යමය.සතුටින් සිටින පුද්ගලයෙකුට ජීවිතයේ නොයෙක් දේවල් දිනා ගැනීමට ජව සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් ඉවහල් වේ.මේ පැවසීමට යන ක්‍රමෝපායන් 11 බෙල් බෙත් පෙපර් නම් හෙලෝ කේතයක් සහිත ඔබේ ජීවිතය විනිවිද දැකිය කෘතීම බුද්ධියක් වන් මෘදුකාංගයක නිර්මාතෘ වරයාය.මෙන්න ඒ ක්‍රම 11

1.වැඩිපුර සිනාසෙන්න – සිනාව අපේ සිත තුල සැහැල්ලුවක් ඇති කරයි.ධනාත්මක සිතුවිලි මත සිටින විට මෙසේ සිටීමට තවත් පහසුය.සිනාව මගින් අපට ඇති ආතතියද මඟ හරියි.

2.මිනිත්තු 7ක් ව්‍යායාම කරන්න – විශාදය වැනි මානසික ආබාධ වලින් තොර සරු දිවි පෙවෙතක් සඳහා ව්‍යායාම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි.ඔබේ මානසික ශක්තිය දියුණු කිරීමටද මෙය ඉවහල් වේ.

3.සුව නින්දක් ලබා ගන්න – සුව නින්ද මගි. ඔබේ ශරීරයට ප්‍රති ජීවයක් එකතු කල හැකිය. එය ඔබේ ශරීරය අළුත් වැඩියා කිරීමක් වැනිය. මෙමගින් ඔබේ සිරුර ප්‍රාණවත් කරයි. ඔබව නැවුම් කර සිතේ සතුට ඇති කරයි.

4.ඔබේ පවුලේ අය සහ යහළුවන් සමඟ වැඩි වේලාවක් ගත කරන්න – අපට පවුලක් සිටින විට එය අපට සතුටකි. අප යහළුවන් සමඟ සමාජ ආශ්‍රයට වැටෙන විට එයද අපට සතුටකි. හුදකලාවට සමාන්‍යයෙන් අප අකමැතිය.අපගේ පවුලේ අයගෙන් හා සමීප මිතුරන්ගේ ඇසුරට වැටෙන විට ඔවුන්ගෙන් ලැබෙන රැකවරණය හා සෙනෙහස තුල අපට එය සතුටකි.

5.හැකි සෑම විට ඒකාකාරි පරිසරයෙන් මිදි එයින් පිටත බැහැර වන්න – ඒකාකාරි පරිසරයෙන් මිදි ජීවිතයට විවේකයක් දීම අත්‍යාවශ්‍යමය ඒ තුල ඔබේ මනස තුල පීඩනය අවම කර ශරීරය සැහැල්ලු කරයි. වෙනස් පවිත්‍ර පරිසරයක ආශ්වාදය විදීම තුල ඔබේ සිතට නැවුම් බවක් හා සතුටක් එකතු කරයි.

6.මිනිසුන්ට උදව් උපකාර කරන්න – තවත් අයෙකුට උදව් කිරීම තුල අපේ ජීවිත ගුණ ධර්ම අතින් වැඩෙන අතර අනෙකුට උදව් උපකාර කිරීමෙන් ඇතිවන හිතේ සතුට මිල කල නොහැකිය.

7.නිවාඩුවක් ගත කිරීම සඳහා සැලසුම් කරන්න – මෙය සිදු කරන විට අප තුල නිරන්තර උද්දාමයක් ඇතිවේ. ඔබ හොඳ නිවාඩුවක් ගත කිරීමට සැලසීම තුලම ඔබ තුල ප්‍රීතිමත් මානසික උද්දීපනයක් ඇතිවන බව විද්‍යාව මගින් අනාවරණය කරගත් දෙයකි.

8.භාවනා කරන්න – භාවනාව මගින් අපේ මානසික ඒකග්‍රතාව හා මනස තුල පැහැදිලි ස්වභාවයක් ඇති කරයි.ඔබේ මනස හා සිත සැහැල්ලු වීම තුල සතුට ඉබේම ලඟා වේ.

9. රැකියා ස්ථානයට ලංව වාසය කරන්න – විශාල දෙනෙකු මුහුණ දෙන ප්‍රශ්නය නම් වෙහෙසකාරි මාර්ග තදබදයන්ගෙන් යුත් රැකියාවට යෑමයි. එසේ නොමැතිව ඔබ රැකියා ස්ථානය ලංව වාසය කරන විට ඇතිවන පහසුව නිසා ඔබට සැහැල්ලුවක් සතුටක් ඇතිවේ.

10.කළගුණ සැලකීම ජීවිතයේ පුරුද්දක් කරගන්න – අනෙක් අයෙගෙන් අපට ලැබෙන උපකාර කෙරෙහි කෘතන්ඟ විමත් ඒ අයට කළ ගුණ සැලකීමට පුරුදු වීම තුල ඔබේ යහ සිතුවිලි ඉබේම වර්ධනය වේ. යහ සිතුවිලි වර්ධනය වීම තුල ඔබේ ජීවිතයට ඉබේම සතුට ලඟා කරගත හැකි බව සිහි තබා ගත යුතු දෙයකි.

11.වයසින් මුහුකුරා යන්න – වයසින් මුහුකුරා යන අපට ජීවිතය පිළිබඳ ගැඹුරු මෙන්ම පුළුල් අවබෝධයක් ඇතිවේ. පටු අදහස් දුරුවේ. ජීවිතය ලෙස සුභවාදීව බැලීමට අප ඒ තුලින් නිතැතඉන්ම පුරුදු වේ.ඒ තුල අපට සතුට නිසැකවම ලඟා කරගත හැකිය. මේ ක්‍රමය අද සිටම ඔබේ ජීවිතය තුලට පුරුද්දක් කරගන්න බලන්න…