Naifmvlog

Naifm vlog Gossip and News

නාඳුනන අමුත්තන් සමඟ

නාඳුනන අමුත්තන් සමඟ කථා බහ සිදු කල යුතු ආකාරය විද්‍යාත්මකව සිදුකල හැකි ක්‍රම තුනක්……. ගැනයි මේ හෙලි කරන්න යන්නේ.හැසිරීම් පිළිබඳ අධික්ෂනය කරන විද්‍යාඟයින් පවසන අන්දමට අපට නුහුරු අමුත්තන් අප සමඟ කථා කරන මුල් අවස්ථාවේ ඉඳලම කථා කරන්න කැමති අපි හිතනවට වඩා බොහොම සරල විදියටලු..ඕනෑම සාදයකදී, රැස්වීමකදි, ව්‍යාපාරික හමුවීමකදි සිදු කල යුත්තේ ඉතා කෙටි වගේම ස්වභාවික හා සරල කථා විලාසයක්.මේ කියන්න යන්නේ එහෙම කථා බහක් සිදු කරන්නේ කොහොමද කියලා..

1. ඔබේ සංවාදය සිනාවකින් ආරම්භ කරන්න. මෙය ඔබගේ සංවාදයට මුල පිරීමට කදිම උපක්‍රමයකි.පළමු හමුවීම තුල සිනා සීම ඔබට මෙන්ම ඔබ ඉදිරිපස සිටින අමුත්තාටද සහනයක් ගෙන දෙන්නකි. මේ තුලින් ඔබට නිවැරදි මෙන්ම ඉතා ගුණාත්මක අගයකින් යුත් සංවාදයකට මුලු පිරිය හැක.ඔබ තුල ඇති නොසන්සුන්තාවයද මෙය මගින් පහව යයි.ධනාත්මක සිතුවිලි වර්ධනයටද මෙය විශාල පිටුවහලකි.

2. දෙදෙනාම සමකැමැත්තක් දක්වන මාතෘකා වලට වැඩි අවධානයක් යොමු කරන්න. මෙමගින් ඔයා වගේම සංවාදය සිදු කරන පුද්ගලයා අතරත් මෙම සංවාදය සිදු කරගෙන යාමට කැමැත්තක් ඇති කරන අතර එය පළමු හඳුනාගැනීමටද බෙහෙවින් ප්‍රයෝජනවත් වන ක්‍රමයකි. මෙවැනි සමකැමැත්තක් දක්වන මාතෘකා කථා කිරීම නිසා ඔබ තුල ඇති නොසන්සුන් ගතිය ක්‍රමයෙන් පහව යන අතර ස්වභාවික පැහැදිලි එමෙන්ම කුළුපඟ සංවාදයකටද එය ඉතා වැදගත් ක්‍රමයකි.

3. එම සංවාදයේ දී ඔබ දන්නා දේ මෙන්ම පැවසීම මෙන්ම ඔබ නොදන්නා දෑ පිළිබඳ තොරතුරු වීමසීම- මෙයද ඉතා අවශ්‍ය උපක්‍රමයකි. දැන් ඔබ හොඳ සංවාදයකට මුල පුරා ඇති නිසා එන් පසු ක්‍රමවත් සංවාදයක් නියැලීමට නම් ඔබ සංවාදයේ යෙදි සිටින විෂය පථයට ආදාළ ප්‍රධාන කරුණු ගෙන හැර දක්වමින් අනෙකාගේ ආකර්ශනයට ලක් විය හැක. ඔබ දන්නා දේ ඔහු සමඟද,ඔහු දන්නා දේ ඔබ සමඟ ද බෙදා ගැනීම තුල ගුණාත්මක අන්තර්සංවාදයක් තනා ගත හැකිය.

ඉතින් මෙවැනි ඉතා සරල කෙටි ක්‍රම උපයෝගි කරගත්තොත් ඔබට අමුත්තෙක් සමඟ හොඳ සංවාදයකට මුල පිරිය හැකිය.