Naifmvlog

Naifm vlog Gossip and News

විනිවිද පෙනෙන ට්‍රක් රථය

ඔබ කවදා හෝ දිනක ට්‍රක් රථයක් පිටුපසට වී ඉදිරිපස මාර්ගය අපහැදිලි නිසා ට්‍රක් රථය පසු කර ඉදිරියට නොයා සිටි අවස්ථාවක් ඇති නේද? දැන් ඔන්න ඒ කාලයට තිත තියන්න කාලය හරි. සැම්සුන් සමාගම තම ට්‍රක් රථ නවතම මාදිලියෙන් හඳුන්වා දී තිබෙනවා. ඇත්තෙන්ම මෙම ට්‍රක් රථ සකස් වි තිබෙන්නේ විනිවිද පෙනෙන ආකාරයෙන්. ඉතින් දැන් ඔබට කිසිඳු චකිතයකින් තොරව ට්‍රක් රථය පසු කොට යෑමේ අවකාශ ලැබෙනවා.

මොකද කිව්වොත් විනිවිද යාම නිසා ඔබට පහසුවෙන් ඉදිරිය දකින්න පුළුවන්නේ.මෙහි ඉදිරිපස ඇති කැමරාවෙන් සහ එය හතර පැත්තකින් පෙන්වීමට සංදර්ශක පැති 4 කින් ට්‍රක් රථයේ පිටුපස මාන 4කින් ඉදිරිය නැරඹිමට හැකි ලෙස සකස් කර ඇත. දැනටමත් මෙය ඉතා සාර්ථක ක්‍රමයක් බව පෙන්වාදෙන සැම්සුන්ග් සමාගමේ මේ මගින් රිය අනතුරු සිදුවීමේ අවධානම ද අඩුව යන බව පවසා තිබෙනවා.මෙයට ඇති යම් බාධාවකට ඇත්තේ මෙය ව්‍යාප්ත කිරීමට විශාල මුල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය වීම පමනයි.