Naifmvlog

Naifm vlog Gossip and News

පිට හම්බෙන් හම්බෙන අමුතුම

එකම වචන ටික කියන අය – මේ වගේ අය හොයාගන්න ලේසිම වැඩේ තමයි ෆොටෝ එකක් දාන එක. එහෙමත් නැත්නම් ඩිග්‍රිය හම්බුණා, බයික් එකක්, කාර් එකක් ගත්තා කියලා වගේ දැම්මා නම් පෝලිමට එනවා. ඇවිල්ලා: අඩෝ පට්ට!, සිරා මචං ඈ, හොටුත් පැන්නා ඒකට, මේ ඔයාමද?, සඟ දාපු ආච්චි කෙනෙක් ඇඟිලි දෙක උරුක් කරගෙන ඉන්න ෆොටෝ කමෙන්ට් එකක්, වෙරි නයිස් කියන හරකෙක්ගේ ෆොටෝ කමෙන්ට් එකක් වගේ දාගෙන දාගෙන යනවා. වැඩේ කියන්නේ එක්කෙනෙක්ම කමෙන් දහයකට වඩා දානවා. ඉතින් මේ ජාතියේ එවුන් ටික්ක ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා කියන්නේ “පට්ට”

පොඩි දේටත් නොට් දාන ය – ඔන්න අපේ උන් මීමුරේ වගේ පැතිවල රවුම් ගහනවා. ඊට පස්සේ දෙකට තුනට නැවිලා ඉර බැහැගෙන යන දර්ශනයක් වගේ එකක් ගන්නවා. හැබැයි ඕක ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් දාන්නේ ඉර බැහැලා යනවා කියලා නෙවෙයි. “ඉරට තව දුරයි සොඳුරියෙ අපි තවමත් මෙතන – ඇල්බට් අයින්ස්ටයින් ක්‍රි.පූ. 345” කියලා ෆොටෝ එක උඩින් ගහලා, ඒකම ෆොටෝ එකේ text description එකටත් දාලා එයාම ලයික් එකකුත් දාගන්නවා. තව අය ඉන්ටර්නෙට් එකෙන්ම බොඳවෙච්ච වගේ ලෝ කොලිටි ෆොටෝ එකක් උස්සලා ඒකට දානවා “ඔබ අද උඩ පැන්නාද? එහෙනම් හෙටත් ඔබ උඩ පනින්න. එතකොට ජයග්‍රහණයේ මාවත හෙළිවේවි.” වගේ ලොන්තපෝල් කෝට් එකක්. හැබැයි පුතෝ මේවට නම් ඌව හෑල්ලු කරලා කමෙන්ට් කරන්න එපා

හෑෂ්ටැග් දාන අය – මේ ලෙඩේ තියෙන්නේ ගොඩක්ම කෙල්ලන්ට තමයි. හෑෂ්ටැග් කියන එක ලෝකෙට හඳුන්වලා දුන්නේ එකම මාතෘකාවකට අදාල ට්වීට්ස්/ෆොටෝස්/ස්ටේටස් කට්ටය දාපුවාම ඒ ටැග් ක්ලික් කරලා ගියාම ඒ සේරම ලේසියෙන්, එක තැනකින්ම බලා ගන්න පුළුවන් වෙන්නටයි. හැබැයි ඉතින් අපේ නංකිලා ඕක පාවිච්චි කරන්නේ ෆොටෝ එකේ හැම පික්සලයක් ගාණේම තියෙන දේවල්නුයි, ෆොටෝ එකේ නැතිවුණාට උදේට කාපුවයි, රෑට කාපුවයි, අම්මා බැන්නා කියලයි

කෑමවල පොටෝ දාන අය – ගොඩක් අයට කන්න ගියාම කෑමට පෙර, කෑමට පසු බේත් බොනවා වගේ ෆොටෝස් ගහන්න ඕන. ගන්නවා විතරක් නෙවෙයි ඒක ඉන්ස්ටග්‍රෑම් දාලා, ෆේස්බුක් දාලා, ට්විටර්, තම්බ්ලර්, ෆ්ලිකර් ආදී මෙකී නොකී සියළුම සෝෂල් මීඩියා සයිට්වල දාලා රටේම ඉන්න අයට කියලා කෙළ ගිල්ලවා ගෙන කෑවේ නැත්නම් බඩ පිරෙන්නේ නෑ. හැබැයි ඉතින් නිතර පොෂ් තැන්වලින් ගත්තු කෑම වල ෆොටෝස් දාන්න ඕන. ගෙදරදි කන රොටියෙයි, මිරිස් ගුලියෙයි, ප්ලේන්ටියෙයි ෆොටෝ එකකුත් ඉඳලා හිටලා දාලා කැප්ෂන් එකට දාන්න ඕන: “අද අම්මා ඉව්වා ප්‍රෙන්ස්. මේවාට පොල් රොටි කියලාලු ගමේ කියන්නේ.

ඕන එකක් කරන අය – මේ අය නම් බොහොම සංකීර්ණ ජීවී කොට්ඨාශයක්. ඔයා මොනවා හරි හොඳ දෙයක්: ඉගෙන ගන්න පුළුවන් දෙයක ලින්ක් එකක් වගේ දෙයක් දැම්මා කියලා හිතන්නකො. ඔන්න එතකොට මේ ජාතියෙ අය ඇවිත් කියනවා “අපෝ බං ඕකට වඩා මේ සයිට් එක මරු” කියලා එයාගෙ මොකාක්හරි හොයාගත්තු එකක් දානවා. ගහපු සෙල්ෆියක පිටිපස්සේ :සිංහල හාලේ බත්; කියලා ගහපු කඩයක බෝඩ් එකක් තිබුණොත් මුලින්ම වැටෙන කමෙන්ට් එක තමයි “උඹ ජාති වාදය අවුස්සන්නද හදන්නේ? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන්නේ අපි ඔක්කොම රතු ලේ තියෙන මිනිස්සු”

ආදී වශයෙන් ඡේදයක් විතර ඌ අමාරුවෙන් ටයිප් කරනවා. ඕකට නෑ මචං කිව්වොත් ඌ තව ඡේද දෙකක් විතර ටයිප් කරලා බනිනවා.මේ ගොඩේම ඉන්න තවත් පිරිසක් තමයි මොනා හරි දුක්බර ස්ටේටස් එකක් දාන අය. ;මම අද දුකින්: කියලා උදේ පාන්දරම දානවා. ඔන්න ඉතින් විශේෂයෙන් කෙල්ලෙක් ඔහොම දැම්මොත් නම් පැණියෝ ටික සට-සට ගාලා :ඇයි සුදූ?: “ඔයා බය වෙන්න එපා මං ඔයාගෙ ළඟින්ම ඉන්නවා” වගේ රටේ නැති කමෙන්ට් දාගෙන දාගෙන ගිහින්, ඔළුව අතගාන ස්ටිකර් කමෙන්ට් දාලා හෙනම විකාරයක් කරනවා. ඔය අතරේ එකෙක් ගිහින් :මොකක්ද අවුල?: කියලා ඇහුවොත් ස්ටේටස් එක දාපු එකා දුකින් ඉන්න ස්ටිකර් කමෙන්ට් එකක් හරි, :මුකුත් නෑ: කියලා හරි “ඒ ගැන කතා නොකර ඉමු”

කෙටිපද කියන අය – සමහරු එක්ක චැට් කරන්න ගියාම කතා කරනවාට වඩා කෙටිපද කියනවා. එයාලා පටන් ගන්නේ උදේ පාන්දරින්ම GM කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ගුඩ් මෝනිං ද නැත්නම් ‘ගෑස් මීයා’ කියන එකද කියලා ඉතින් ටිකක් වෙලා කල්පනා කරලා තමයි හිතාගන්න වෙන්නේ. ඊට පස්සේ HBU කියනවා. ඒ කියන්නේ ‘හව් අබෞට් යූ’ (ඔයාට කොහොමද?) කියලාද නැත්නම් හොදියි (H) බතුයි (B) උයනවා (U) කියලාද හිතාගන්න අමාරුයි.දවල් වෙලාවක නම් MK? කියලා අහනවා. ඒකෙ තේරුම මොකෝ කරන්නේ කියන එකද නැත්නම් මල්ලෙ කොහිල කියලාද මන්දා. ඊළඟට කතාව යන අස්සේ කියන හැම එකටම L-O-L කියනවා.. O-M-G කියනවා.. K කියනවා.. ඉතින් ඩික්ෂනරියක්ම ඕන මේවා දැනගන්න.