Naifmvlog

Naifm vlog Gossip and News

ගමන් බිමන්වලදී කොරල් ඇතුළු

‘එස්කුවෙල්’ ලෙස නම් තබා ඇති මෙම යාත්‍රාවට පැයට නාවික සැතපුම් 16.5ක වේගයකින් මුහුදේ යාත්‍ර කළ හැකි අතර කිසිදු අපහසුවකින් තොරව එක් ගමන් වාරයකදී ලොව ආක්ටික් අන්තයේ සිට ඇන්ටාක්ටික් අන්තය දක්වා යාත්‍රා කිරීමේ හැකියාව පවතින බව සඳහන්. එසේ යන ගමන් බිමන්වලදී කොරල් ඇතුළු විවිධ සාගර ජීවීන් පිළිබඳව එහි පිහිටි විද්‍යාගාරය ආධාරයෙන් පර්යේෂණ පැවැත්වීමේ හැකියාවද තිබෙනවා.

මෙම සුවිශේෂී යාත්‍රාව සැලසුම් කොට ඇත්තේ නෙදර්ලන්තයේ ඇල්බ්ලැසර්ඩෑම්හි ඕෂන්කෝ සමාගම විසිනුයි.පසුගියදා ඩුබායිහි පැවැති වාර්ෂික සාගර යාත්‍රා ප්‍රදර්ශනයේදී ප්‍රථම වරට අනාවරණය කරන ලද එස්කුවෙල්, අඩි 345ක දිගින් යුක්තයි. පැයට නාවික සැතපුම් 16.5ක උපරිම වේගයකින් යාත්‍රා කළ හැකි මේ යාත්‍රාවට එක් ගමන් වාරයකදී ලෝකයේ ආක්ටික් අන්තයේ සිට ඇන්ටාක්ටික් අන්තයට, ඒ කියන්නේ කිලෝමීටර් 7000ක් පමණ දුර යාත්‍රා කිරීමේ හැකියාව තිබෙනවා. මෙය ඉදිකරන ලද ඕෂන්කෝ සමාගම සඳහන් කරන අන්දමට එස්කුවෙල් ගවේෂණය මෙන්ම සංචාරය සඳහාද නිර්මාණය කෙරුණු විදග්ග සුපිරි යාත්‍රාවක්.

එහි ප්‍රධාන නැව් තට්ටුව වර්ග මීටර් 200ක විශාලත්වයකින් යුක්ත වන අතර පසුපස වීදුරු ව්‍යුහයක් සහිත ප්‍රදේශය පිහිනුම් තටාකයක් සහ ශරීර සුවතාගාරයකින් යුක්තයි. ඒ වගේම ඕෆ් රෝඩ් වාහන රඳවා ඇති කුටි කීපයක්ද මෙහි ඇති අතර සාගර ජීව විද්‍යා පරීක්ෂණයන්හි නිරතවීම සඳහා මෙන්ම කොරල් පර ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත විද්‍යාගාරයක්ද මෙහි තිබෙනවා. ඊට අමතරව සුඛෝපභෝගී නවාතැන් ඒකක, සමුළු ශාලා, සහ කාර්යාලයීය අවකාශයන්ගෙන්ද මේ නෞකාව සමන්විතයි. ඒ විතරක් නෙමෙයි, ශක්තිමත් බඳකින් යුතු එස්කුවෙල් ධ්‍රැවාසන්න අයිස් තට්ටු බිඳගෙන ඉදිරියට යෑමේ හැකියාවෙන්ද යුක්තයි.