Naifmvlog

Naifm vlog Gossip and News

දොඩම් කටුවක් ඇනිලා

මෙම කතාන්දරයට කතාකරු පොළොන්නරු වාසියෙකි. කතාව, කතාන්දරයකට යෙදෙන පර්යාව පදයක් ලෙස තවමත් සිතන අය බොහෝය. කතාවක් තුළ ඉතිහාසයේ පටන් ඇති කතන්දරමය ගුණයක් තිබීම කියැවීමේ රුචිය වැඩීමට හේතුවක් නිසා එය පවත්වාගෙන යා යුතු වේ. වචන අර්ථයෙන් ගත් කල කතන්දර යනු මිනිස් කට කේන්ද්‍රකොට ගෙන ගොඩනැඟුණකි. ජනශ්‍රැතිවල සහ කතාන්දරවල සමානකමක් ඇත්තේ මේ නිසාය. කුතුහල පිරුණු පාඨකයා විස්මයට පත්වන සිදුවීම් වලියක් කතන්දරවල තිබේ. එහි සිටින්නේ කතන්දරකරුවා සහ අසන්නාය.එහි ව්‍යුහය සංකීර්ණ නැත. සමකාලීන කතන්දරවලදී කතාන්දරමය ගුණය ඒ ආකාරයෙන්ම බලාපොරොත්තු වීම නිවැරැදි නොවේ. එය එසේ වන්නේ බොහෝ ප්‍රබන්ධ කතා තුළදී යම් අවස්ථාවකදී යථාර්ථය හමුවීමට ඉඩ ඇති නිසාය. කතාවක් යනු කිසියම් ප්‍රබන්ධමය ගොඩනැංවීමකට පාදක වන්නා වූ සිදුවීම් පෙළක ක්‍රමික පිළිවෙළයි. ඉතින් ඊට පස්සේ ප්‍රබන්ධයක් තුළද බොහෝ දෑ සිදුවිය හැකිය. මුල, මැද, අග සහිත කතාවක් මුල සහ මැදදී නොව අගදී යථාර්ථය සමඟ එක්කාසු විය හැකිය.

එය සත්‍යවාදී මෙන්ම එම නිසාම ධාරණාවාදීද විය හැකිය. අප කතානායකයා 13 වසරක් තිස්සේ නිකරුණේ කොරගැසූ තැනැත්තෙකි. අංගයක් විකලාංග බවට පත්කරගත්තෙකි. තම අංගය මුල්කරගෙන ජීවිතයෙන් පලා ගිය පුද්ගලයෙකි. නමුත් ඔහු ජීවත්ව සිටි ප්‍රබන්ධය අවසාන වන්නේ යථාර්ථය වන ‍ෙදාඩම් කට්ටක් ඔහුගේ දණහිස් පොල්කට්ටෙන් එළියට පැමිණි විටදීය. මිනිස් ශිෂ්ටාචාරය තුළ කතන්දර බිහිවූ දා සිටම අද දක්වාම කතා කීම නැවතී නැත. ඕනෑම කතාවක් කතා කිරීමේ අංගයෙන් පරිපූර්ණය. අප ඔහුගේ ජීවිතයේ ප්‍රබන්ධයේ සිට පූර්ව නූතන කතන්දරයේ යථාර්ථය වෙත ඔහු සමඟ ගමන් කරමු. මගේ නම ජී.ජී.වීරසේකර (කිරි මල්ලි) උපන් ගම පොළොන්නරුව, දිඹුලාගල, කළුකැලේ. අපි ගොවිතැන් තමයි කරන්නේ. ඒ කාලේ කුඹුරු ඉඩම්වලට යොදා ගන්නා පිහියේ ඉඩම් සුද්ද පවිත්‍ර කිරීම තමයි ගොවියෙක් විධියට යම් මුදලක් සොයා ගැනීමට තිබූ එකම පිළිවෙළ. ඒ හැම ගොවියෙක්ම තමන්ගේ කුඹුරු වපුරලා අස්වැන්න බලාපොරොත්තුවෙන් සිටින කාලයේදී තවත් කුමන හෝ රැකියාවක නිරත වෙනවා. බොහොම සරලව කිව්වොත් දවසේ වියදම සොයා ගන්නා කුලී වැඩ. නමුත් එවැන්නක් කිරීමට තරම් වුවමනාවක් මට තිබුණේ නැහැ. මගේ පියා නිවෙස තුළ සවිශක්තිමත් ආර්ථියක් ගොඩනඟලයි තිබුණේ.

මගේ කාලය වැඩිපුර වැය වුණේ වත්තේ පිටියේ වැඩවලට. මීට අවුරුදු 13 කට කලින් මම අපේ ගෙදර වත්තේ තිබූ ‍ෙදාඩම් ගහක් සුද්ද කරන්න ගත්තා. ‍ෙදාඩම් ගහ උඩට ගොඩවුණු කෙනෙක් ‍ෙදාඩම් ගහේ අත්තක් කපා බිම දැම්මා. ඒ ‍ෙදාඩම් ගහේ අත්ත හරියටම වැටුණේ මගේ දකුණු කකුලේ දණහිස් පොල්කට්ට උඩට. කටු අත්තක් වැටුණාම හීරෙන එක පුදුමයක් නෙවෙයි. මගේ කකුලත් දණහිස් පොල්කට්ට ගාවින් කිහිපතැනක් තුවාල වෙලා හීරිලා ලේ ගලන්න ගත්තා. ඒ ගැන මම වැඩි අවධානයක් යොමු කළේ නැහැ. සුපුරුදු විධියට වත්තේ පිටියේ වැඩ කළා. ඊට පස්සේ කුඹුරුවල වැඩ කළා. කුඹුරු වැඩ තියෙන කාලෙට උණක්, හෙම්බිරිස්සාවක් හැදුණත් ඒක මඟඅරින්න අපට බැහැ. අපේ පළාත්වල තවමත් අත්තම් ක්‍රමයට තමයි කුඹුරු වැඩ සිද්ධ වෙන්නේ. මගේ කුඹුරේ වැඩවලට දහ පහළොස්දෙනෙක් ආව කියමු. ඒ අස්සේ කුඹුරුවල වැඩවලට මමත් යන්නම ඕනෑ. කන්න දෙකක් වගා කරද්දී අඩුම මාස හත අටක් අපි කුඹුරුවලටම යටවුණු ජීවිතයක් ගෙවන්නේ. ඒ විතරක් නෙවෙයි වන අලි ප්‍රශ්නයත් දරුණුයි. ඒ නිසා අපි කුඹුරු පැහෙන කාලයට පැල් රකින්නත් ඕනෑ. මම ඒ හැමදේකින්ම කියන්න උත්සාහ ගන්නේ ගොවියෙක් වුණැයින් පස්සේ කාලය අපතේ යවන්න ඉඩ ප්‍රස්ථාවක් ලැබෙන්නම නැහැ කියන එක පෙන්වන්න.

ඔය අතරතුර මනුස්සයෙක් අසනීප වුණොත් සුව කරන්න බැරි රෝ-ගයක් වැලඳුණොත් ඒ මනුස්සයට වෙන්නේ එක්කෝ මැරි මැරී ජිවත්වෙන්න. නැත්නම් මැරෙන්න. ‍ෙදාඩම් අත්ත මගෙ කකුලට වැටිලා අවුරුද්දක් යනකම් වට කිසිම වෙනසක් දැනුණේ නැහැ. අවුරුද්දකින් පස්සේ දණහිස් පොල්කට්ට වේදනා දෙන්න ගත්තා. අවුරුද්දක් විතර ගත වෙද්දී පෙළක් දවස්වලට කකුල අඩිය තියලා යන්න බැරි තත්ත්වයක් උදා වුණා. මම මුලින්ම සිංහල ප්‍රතිකාරයි ගත්තේ. සිංහල ප්‍රතිකාර ගනිද්දී මතුපිටින් කිසිම තුවාලයක් නැති හින්දා පත්තු බැඳීම, තෙල් ගෑම වැනි ප්‍රතිකාර සිද්ධ කළා. හැබැයින් ඒවායින් මට ගුණයක් දැනුණේම නැහැ. එන්න එන්නම තත්ත්වය දරුණු වුණා. කුඹුරට බැහැලා නියරට මඩ තියෙන එකත් අපහසු වුණා. වත්තපිටියේ වැඩ කොහොමත්ම කරන්න බැරිවුණා. වැසිකිළියට ගිහින් වාඩි වෙලා නැඟිටගන්න බැරි වුණා. ඔය වෙද්දී මම ඉස්සෙල්ලා කියපු විධියට මැරි මැරී ජීවත් වෙන ජීවිතයකට මුහුණ දෙමින් සිටියේ. ඊට පස්සේ තමයි මම බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ගන්න උත්සාහ ගන්නේ. පොළොන්නරුව මූලික රෝහලට ඇතුළත් වුණා. නමුත් ඒ අයට මගේ දණහිස් පොල්කට්ටේ හේතුව මොකක්ද කියලා හොයාගන්න බැරි වුණා. ස්කෑන් කරලා බැලුවා.

ඒත් දණහිසේ ආබාධය මොකක්ද කියලා සොයාගන්න බැරිවුණා. ඒත් මට දැනෙන වේදනාව දවසින් දවසම වැඩි වුණා. මම රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබාගන්න හැදුවත් වෛද්‍යවරුන් පැවැසුවේ ප්‍රතිකාර ලබාදිය හැකි රෝ-ගයක් නොමැති බවයි. නිවෙසේ මගේ පවුලේ සාමාජිකයන් පවා මේ තත්ත්වයෙන්ට පුදුමයට පත්වෙලයි හිටියේ. ඔවුන් මගේ වේදනාව සමනය කරන්න කළ හැකි සියල්ල සිදුකළත් දණහිසේ වේදනාව සමනය වුණේ නැහැ. වේදනාව ඉවසාගෙන කුඹුරු වැඩවල නිරතවුණාට පස්සේ කකුල දණහිස් පොල්කට්ට ගාවින් ඉදිමෙන්න ගත්තා. ඔන්න එතකොට වෛද්‍යවරු කීවා දණහිස්වල වතුර කියලා. දණහිස් වතුර අයින් කරන්න ඒ අය ක්‍රියා කළා. නමුත් දණහිස්වල වතුර තිබුණේ නැහැ. ඔය විධියට අවුරුදු 7ක් විතර ගෙවෙද්දී මට ජීවිතය එපා වෙලයි තිබුණේ. වෛද්‍ය ප්‍රතිකාරවලින් පලක් නොවුණු නිසා පවුලේ උදවිය බලිතොවිල් ශාන්තිකර්ම කරන්න ගත්තා. ඒවායින් කිසිම ගුණයක් තිබුණේ නැහැ. තත්ත්වය දවසින් දවස දරුණු වුණා. මේ ජීවිතයෙන් මිදෙන්න ඕන කියලයි මම විශ්වාස කළේ. ඒත් මගේ පවුලේ උදවිය එක්ක මට තිබුණු බැඳීම් අතිශයින්ම බලවත් නිසා එවැන්නක් සිදුකරගැනීමට සිත එකලස් කරගන්න බැරි වුණා. තවත් අවුරුදු 3-4ක් යද්දී කොරගහන එක, දණහිස් පොල්කට්ට වේදනා දෙන එක සමාජයටත් මටත් සරල කාරණයක් වුණා. මට ඕනෑවුණේ ඒත් ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙන්න කරන්න පුළුවන් දේවල් මම කළා.

කකුලේ වේදනාව එද්දී දත්මිටි කාගෙන කුඹුරුවල වැඩකළා. වත්ත පිටියේ වැඩත් කළා. කොච්චර සිත හයිය වුණත් මට ඒ වැඩකටයුතු කරන්න ඉඩක් ලැබුණේම නැහැ. හැම ප්‍රතිකාරයක්ම අවසානයේ මම තීරණය කළා දණහිස් පොල්කට්ට ඉහළින් මගේ කකුල කපලා දාන්න. නමුත් ඒ සඳහා වෛද්‍යවරු ඉඩ ලබාදුන්නේ නැහැ. නිශ්චිත රෝ-ගයක් නොමැතිව එවැන්නක් සිදුකළ නොහැකි බවයි වෛද්‍යවරුන් පවසා සිටියේ. එවැනි මට්ටමකට මගේ මනස සැකසෙද්දී මේ වේදනාව මම අවුරුදු 12ක් තිස්සේ විඳලා ඉවරයි. කිසිම රෝ-ගයක් නැති රෝ-ග ලක්ෂණ විතරක් ඇති ජීවිතයක් ඒක. මෙහෙම කතා කරද්දිත් මීට මාස ගාණකට කලින් මට දැනුණු වේදනාව අදටත් මට දැනෙනවා. ආයෙත් පාරක් මම පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරයෙක් මුණගැහිලා මගේ කකුල පිළිබඳ සියලු ඉතිහාස කතාව ඔහුට පවසා සිටියා. හැබැයි මීට අවුරුදු 13ට කලින් ‍ෙදාඩම් අත්ත කපද්දී මගේ කකුල තුවාල වුණා කියන එක කියන්නේ නැතිව. එය පවසා සිටිය යුතු කතාවක් යැයි මම කවම කවදාවත් සිතුවේ නැහැ.

ඒ නිසයි එය වෛද්‍යවරයාට නොකිව්වේ. ඒ වෛද්‍යවරයා මගේ කකුල එක්ස්රේ කිරීමට අමතරව ස්කෑන් කිරීමට ලක්කළා. එසේ කළේ මා අවංකවම ඔහුට මගේ රෝ-ගය පිළිබඳ පාපොච්චාරණයක නිරත වූ නිසා. විවිධ හැඩයන්වලින් ස්කෑන් පරීක්ෂණ සිදුකළා. මගේ දණහිස් පොල්කටු දෙක මැද යම් අසාමාන්‍ය පිහිටීමක් තිබෙනවා යැයි ඔහු පවසා නැවත වරක් කකුල දණහිස් පොල්කට්ට ගාවින් ස්කෑන් කිරීමකට ලක් කළා. එහිදී දැකගත හැකි වුණා මගේ මහපට ඇඟිල්ල තරමට දිග යම් දෙයක් දණහිස් පොල්කට්ට මත රැඳී ඇති බව. එය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමට වෛද්‍යවරයාට හැකිවුණේ නැහැ. ඒ අවස්ථාවේදී මට මතක් වුණා මීට අවුරුදු 13කට පෙර සිදුවූ සිදුවීම. මම වෛද්‍යවරයාට ඒ බව පැවැසුවා. ‍ෙදාඩම් අත්ත මගේ කකුලට ඇදවැටීමෙන් පසුව සිදුවූ තුවාල ඒ වෛද්‍යවරයා දැඩි පරීක්ෂාවකට ලක් කළා. ඊට පසුව නැවතත් ස්කෑන් පරීක්ෂණයක් සිදුකළා.

ඔහු අනුමාන කළා එම තුවාල අතරින් යමක් මගේ ශරීරයට ගොස් ඇති බවට. ඊට පසුවයි දණහිස ගාවින් ශල්‍යකර්මයක් සිදුකළේ. මහපට ඇඟිල්ල තරම් දිග ‍ෙදාඩම් කට්ටක් අවුරුදු 13කට පසුව මගේ කකුලෙන් පිටතට ගත්තා. හැමෝම මේ තත්ත්වය මත පුදුමයට පත්වෙලයි තිබුණේ. නමුත් වෛද්‍යවරයා මට සිදුවී ඇති දෙය කරුණු කාරණා සහිතව පැහැදිලි කළා. ‍ෙදාඩම් කට්ටක් මඟින් සම පසාරුවීමේදී එහි තුඩ ශරීරය තුළ ඇත්නම් එය නැවතත් ශරීරයට තුළට කි¼දා බැසිය හැකියි. සාමාන්‍යයෙන් කකුලකට කටුවක් ඇනුණාම අපි ඒ කටුව ‍ෙදාඩම් කට්ටකින් දෙහි කට්ටකින්. ඒ කියන්නේ එවැනි ‍ෙදාඩම් කටු දෙහි කටු සාමාන්‍ය කටු බැගින් විස නොවන බව. කෙසේ නමුත් අවුරුදු 13කට පසු මගේ ශරීරයෙන් ඉවත් කරපු ‍ෙදාඩම් කට්ට මාව නිරෝ-ගී අයකු බවට පත් කළා. එය අදටත් මගේ සන්තකව පවතිනවා. මගේ ජීවිතයෙන් අවුරුදු 13ක් මහපට ඇඟිල්ලක් තරම් දිග ‍ෙදාඩම් කට්ටක් නිසා වෙනස් වුණා. අපි හිතන්නේ නැති තැනකින් අපේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. පසුගිය අවුරුදු 13 දිහා මම හැරිලා බලන්නේ ඒ විධියට.ඔහු ප්‍රබන්ධයේ සිට යථාර්ථයට පැමිණි මඟ එලෙස හෙළිපෙහෙළි කළා.