Naifmvlog

Naifm vlog Gossip and News

හෙඩ් ෆෝන් යොදා ගැනීමෙන්

ප්‍රංශයේ “න්‍යුරල් අප්” ආයතනය මිනිසාගේ මානසික සහන වර්ධනය සඳහා නිර්මාණය කළ විස්මයජනක නවතම තාක්‍ෂණය නොබෝදා ලාස් වේගාස්හිදී ප්‍රදර්ශනය කළේය. එම තාක්‍ෂණය සඳහා න්‍යුරල් අප් ආයතනයට නීතිය පිළිබඳ සහතිකයද හිමි වී තිබේ. ආයතනයේ ස්නායු කායික විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කරන ලද මෙම තාක්‍ෂණය මඟින් කෙනකුගේ චිත්තාවේග සමතුලන ශක්තිය වර්ධනය කරනු ලැබේ. හෙඩ් ෆෝන් යොදා ගැනීමෙන් හෝ කෙනකු බාහිර ලෝකයෙන් සහමුලින්ම වෙන් කරන “බබ්ල් ශෙන්” නමැති ආවරණයක් තුළ වාඩි වීමෙන් හෝ මෙම තාක්‍ෂණය ක්‍රියාත්මක කරනු ලැබේ.

බබ්ල් ශෙන් තුළ අසුන් ගන්නා කෙනකුට මනස සංසිදුවන ශ්‍රව්‍යමය අත්දැකීමක් ලැබේ. ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධතාවක් මඟින් ඔහුගේ මනස ඉතා ගැඹුරු සංසුන් තාවකට පත් කෙරෙන අතර හෙඩ් ෆෝනය ක්‍රියාත්මකව තිබෙන ශබ්දය ඔහුගේ හිස වටා සම්පූර්ණ අංශක 360ම භ්‍රමණය වන්නාක් මෙන් ඔහුට දැනෙයි. මානසික ආතතියට එරෙහිව සටන් කිරීම සඳහා එහිදී සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වන හෙයින් ස්නායු පද්ධතියේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයද එයින් වර්ධනය වන බවත් මනා සෞඛ්‍ය සම්පන්න භාවයට හේතු වන ප්‍රබල සහන ශීලිත්වය වර්ධනය වීමෙන් සිරුරේ සංවේදක ස්නායු ක්‍රියාත්මකව ආතතිය වැළැක්වීම තම තාක්‍ෂණයේ ප්‍රධානම කාර්යය බවත් න්‍යුරල් අප් ප්‍රකාශ කරයි.

මෙම ආයතනය න්‍යුරල් අප් කූඩුවලින් එකක් ලාස් වේගාස්හිදී ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී එය නැරඹීමට පැමිණි මාධ්‍යවේදීන් හා වෙනත් බොහෝ දෙනෙක් ඒ තුළට වැදී එම අත්දැකීම විනාඩි කීපයකට හෝ ලබා ගැනීමේ පොරයක යෙදුණහ. විශාල කාර්යාල හා ගුවන්තොටුපොළවල් වැනි තැන්වල න්‍යුරල් අප් කුටියට ළඟදීම විශේෂ තැනක් හිමි වනු ඇතැයිද මෙම ආයතනයේ බලධාරීහු ප්‍රකාශ කරති. එහි නිශ්චිත මිලක් ගැන ඔවුන් කිසිවක් නොකී නමුත් සාමාන්‍යයෙන් එය පවුම් 15,000 කට වඩා වැඩි විය හැකි යම් ආයතනයකට බබ්ල් – ශෙන් කීයක් අවශ්‍ය වේද යන්න මත මිල ගණන රදා පවත්නා බවත් ඔවුහු කීහ.

මෙම ක්‍රියාවලිය, මනස පිළිබඳ ස්නායු පර්යේෂණ උපයෝගී කර ගැනීමෙන් වර්ධනය කෙරුණු තාක්‍ෂණය මත පවත්නේයැයි මෙම අධ්‍යයනයේ සම කර්තෘ ජිල් බොරෙලි ඩේලි මේල් මාධ්‍යට ප්‍රකාශ කළේය. කෙනකුගේ කෝපය, ආයාසය, මානසික පීඩනය ව්‍යාකූලතාව හා බිය යන හැඟීම් ක්‍රමානුකූලව අඩු කිරීමේ ශක්තියක් මෙම තාක්‍ෂණයට තිබේ යැයිද බොරෙලි ප්‍රකාශ කරයි. ඒවායේ බලපෑම් සැබැවින්ම තාවකාලික වන නමුත් ඒවායින් ඇතිවන මානසික ආතතිය සහමුලින්ම පහ කිරීමට මෙම තාක්‍ෂණය මහෝපකාරී වන බව තම අත්දැකීම යැයිද බොරෙලි සඳහන් කරයි. ඩේලි මේල් මාධ්‍යවේදීන්ගෙන් සමහර කෙනෙක්ද මෙම ප්‍රදර්ශනයේදී බබ්ල් – ශෙන් අත්දැකීම ලබා ගත්හ. මෙහි ඇතුළත ඩ්ච් ස්පර්ශක ස්ක්‍රීනයක්, මයික්‍රෆෝනයක්, වෙබ් කැමරාවක් හා ඹ්ඡ්ච් විදුලි පහන්ද තිබේ. න්‍යුරල් අප් ආයතනය සඳහන් කරන පරිදි කෙනකුගේ මොළය තුළ දැනට ද සිදු වන සාමාන්‍ය ක්‍රියාවලිය වර්ධනය කිරීම මෙම තාක්‍ෂණයේ කාර්ය භාරයයි.