Naifmvlog

Naifm vlog Gossip and News

පිටකොටුවේ යතුරු වැඩ්ඩා

සරලවම කිව්වොත් කවුරුත් පවතින්නේ නැහැ. පවතිනවා යැයි තමන්ම උපකල්පනය කරමින් නොයෙකුත් කාර්යයන්වල නිරතවීමක් පමණයි සිදුකරන්නේ. එය කුමන ආකාරයකින් විද්‍යමාන වුණත් අවසානයේ සියල්ල ශූන්‍යතාව කියන කළු කුහරය තුළටම ඇදී යනවා. ආ… ඒක ඇත්ත… හැබැයි… කියලා සිදුකරන, සිදුකරන්නට නියමිත හැම උෟන පූර්ණයක්ම අපට කියලා දෙන්නේ ශූන්‍යතාව කියන කළු කුරහය පිළිබඳව. අපි වචන ඇතුළේ බලාපොරොත්තු වෙන්නේ මේ ශූන්‍ය කරා යන ගමනේදී ඇති වන දරාගන්න බැරි දේවල් දරාගන්න හැකි මට්ටමක්. ඒ කියන්නේ දරා ගත හැකි සැහැල්ලුවක්. මනුෂ්‍යයකුගේ සෑම ක්‍රියාවකටම අනුපිළිවෙළ සැපයෙන්නේ මේ සැහැල්ලුව සමඟ කදානුබද්ධව. ඒකයි ඕනෑම කැත වැඩක් කරලා එය තමන්ටම සාධාරණීයකරණය කරගෙන මනුෂ්‍යයකුට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හැකියි. ඒ කැත වැඩේ වචන ඇතුළේ සමනය කරගන්න හැකි ආධාර උපකාර කරන ආගමික නායකයන්, කල්ලි කණ්ඩායම් බොහෝමයි. බැරිම වුණොත් දීගොඩ කුමරු.

වඩාත් වැදගත් කාරණය තමයි මේ ව්‍යුහය, ඒ කියන්නේ ඇත්ත නැත්ත එක විධියටම ශූන්‍යතාව තුළ ගිලීයද්දී අප සිදුකළ යුත්තේ කුමක්ද කියන එක. එහෙමත් නැතිනම් තමන්ට තමන් අහිමි කරගන්නේ නැතිව මේ ව්‍යුහය ඇතුළේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක. අතහැරලා දාලා පැත්තක් බලාගෙන ඉන්නේ නැතිව මේ පැවැත්ම හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. “මොනවාද ලොක්කා… හැමදේම ඇති වැඩකට කරන ඒවායැ. අන්තිමට කොකවුට්නේ… ඉන්න ටිකේ හොඳ පීරක් සෙට් වුණොත් පීරට පීර ගෑවෙන්නෙම නැහැ. හිලට යතුර දා ගන්න කෝටිය ට්‍රයක් දුන්නත් පීර ගෑවෙන්නේ නැත්නම් වැඩක්යැ. අන්තිමට යතුර කපලා ‍ෙදාර ඇරගෙන ඉතිරි වැඩටික අහවර කළා කියමු. එතැනින් ඉවරද වැඩේ. නැහැ. හෙට අලුත් වාහනයක්… අලුත් ‍ෙදාරක්.අන්තිමට මොකක්ද ඕයි.මේ මට කළේ කියලා විතරයි හිතෙන්නේ.. දෙසීයේ ඉඳලා 40,000ට වැඩ. ඒත් එක්සෑට්ලි… ලොක්කා එච්චරමයි අම්මපා හිතෙන්නෙ. යතුරු කපන්නා නෙවෙයි සැබැවින්ම යතුරු මවන්නා අපගේ ප්‍රථම හමුවේදීම එලෙස පැවැසූ නිසයි ශූන්‍යතාව එහෙම නැත්නම් කළු කුහරය පිළිබඳ සිතැති යාප්පුවක් ඇති වුණේ.

ජීවිතය පිළිබඳව වචන පිට පැමිණීම එලෙස වන්නේ එය එකිනෙකට වෙනස් ජීවිතවලදී වචන වෙනස් වෙනස් අයුරින් භාවිත වන්නේ අප ශූන්‍යතාව පිළිබඳව පැහැදිලි අදහසක දැන හෝ නොදැන සිටින නිසා. මහමඟදී සම්මුඛ වන වීදි සරන්නියන්, පින්පියන්, බේ‍රා්කර්වරුන්, ගුරුවරුන්, කලා ශිල්පීන් මේ ලෙස නොයෙකුත් විෂයයන්ට බද්ධව පවතින්නෝ ශූන්‍යතාව, ඔහුගේ වචනවලින් පිට දමාවි. අප සිදුකරන්නේ එයට ඇහුම්කන් නොදීම පමණයි. නමුත් වැදගත්ම කාරණය මේ ශූන්‍ය බවින් මැදීමට අපට නොහැකි වීමයි. ක්‍රියාව හෝ අක්‍රිය බව නැවත නැවතත් ශූන්‍යතාව තුළ ගිලී යන විට ඉන් මිදීමට නොහැකි වීමා සාමාන්‍ය කරුණක්. පවතින ස්වභාවය වෙනස්කර ගැනීමට ගන්නා සියලු ක්‍රියාමාර්ග නැවත නැවතත් ශූන්‍යවෙනවා නම් සිදුකළයුත්තේ තමන් තුළ පවතිමින් තමන් නැති නොකර ගනිමින් පවතින්නේ කෙලෙසද කියා සිතීම පමණයි. මම යතුරු කපන්නා හට යතුරක් කපන්නට දුන්නේ අතිරේක යතුරක් ඇවැසි නිසාම නෙවෙයි. යතුරු ත්‍රිත්වයක්ම මා අත තිබියදී. එයත් පැවැත්ම තුළ සිදුකරනා ශූන්‍ය ක්‍රියාන්විතයක්. මමත් පැවැතිය යුතුයි. ඔහු සහ මම ශූන්‍යතාව මුල්කරගෙන පවතින අයුරු මුල්කරගෙන කතාන්දරය ඇරැඹෙන්නේ මෙතැන් සිට.

  • කීයද? හාරසීයයි
  • කොච්චර වෙලා යයිද? වැඩකට ආවා නම් ඒක කරගෙන පැයකින් දෙකකින් එන්න.එහෙම නැත්නම් පැය භාගයක් නතර වෙන්න. මේ යතුරු ඇර තව යතුරු තියෙනවා. මම දන්නවා ලොක්කා. වෙල්කම්!
  • කොහොම වෙයිද ගණන්? රුපියල් 200- 40000යි අතර.
  • ටිකක් පරණ ඒවා? රජකාලේ වුණත් අවුලත් නැහැ.ඉසෙන්සර් යුනිට් කී වුණත් කමක් නැහැ.
  • ඔහොම කිව්වට බැහැනේ? එහෙනම් කොහොමද කියන්න ඕනෑ.
  • එක්සෑම්පල් එක්සෑම්පල්? අපෝ කෝටියයි… ඕනෑ තරම්…

මම හැමෝටම කට අමෙම හැමෝටම කට හොල්ලනනේ නැහැ. එන කස්ටර්මර් ගැන ෆුල් ස්කෑන් පාරක් දානවා. අනෙක මට වැදගත් මම කරන රස්සාව විතරයි. මගෙන් ජොබ් එකක් කරගෙන ඒ ජොබ් එකේ ප්‍රතිඵලය කවුරු කොහොම ගත්තම මට මොකද? මම අම්මා තාත්තාගේ හව්හරණක් නැති කොල්ලෙක් විධියටයි පාරට වැටුණේ. ඉබාගාතේ ඇවිද්දා. යතුරු කපලා ජීවත් වෙනවා කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ. යතුරු කපන්නෙක් ගාව නතර වෙලා මිනිහට ප්ලේන්ටි ඇද්දා. හවසට කී කටින් මැෂිම පිහ දැම්මා. ඒ කාලේ කන්න බොන්න විතරයි මට ලැබුණේ. ඒකත් ලොකු දෙයක්. හැබැයි ඒ කාලේ ඉඳලා අද දක්වා තිබ්බ යතුරු මොනවාද කියලා මට කියන්න පුළුවන්. ඕන යතුරක් අත ගාලා කී ටෝන් එක බලලා ඒ යතුර වැටෙන්නේ කොයි සයිස් ‍ෙදාරකටද කියලා මට කියන්න පුළුවන්. මට මතකයි මම කී කටින් මැෂින් නැති කාලේ පීර අතට ගත්ත හැටි. මට වැඩ පුරුදු කළ කෙනා යතුරක් මගේ අතට දෙන්න කලින් ඇස් දෙක බැන්දා. බැඳලා මට කිව්වා මං කපන්න හදන යතුර අත ගාලා මැෂමන්ට් එක ඔළුවට ගන්න කියලා.

ඊට පස්සේ තමයි යතුර කපන්න කිව්වේ. ඇද නැවිලි, දිග නැවිලි, එතකොට හිස්තැන් ඒ විතරක් නෙවෙයි යතුරු කට කොච්චර ගැඹුරුද, යතුරේ ගොඩක් තැන් පළලින් අඩුද කියන එක මට ඔළුවට ගන්න වුණා. ඊට පස්සේ අර ඔරිජිනල් යතුරු හංගලා මගේ ඇස් අරිනවා. අර මැෂිමන්ට් එක ඔළුවේ තියාගෙන තමයි ඩුප්ලිකේට් යතුර කැපුවේ. ඔය දේම තමයි මහත්තයා අද කී කටින් මැෂින් එකෙන් වෙන්නේ. මම ඔළුවේ දාගත්තු මැෂිමන්ට් අද මැෂිමකට අරගෙන, එච්චරයි. ඔහු ක්‍රමිකව වර්ධනය වන වර්ධනීය රූපකායක් ලෙසයි දැන් මට පෙනෙන්නේ. තව මොහොතකින් ශූන්‍යතාව නිසැකවම පැමිණේවි. ඒ මොහොත දක්වා, කාක පොළොව එකිනෙකට වෙනස් මිනිසුන්, එකිනෙකට වෙනස් හේතූන් මත උපද්දන තැනක්. මේ වීදිය තුළම එක්නෙකට වෙනස් මිනිසුන් කොපමණක්ද? ඒ නිසයි මෙම වීදිය විෂම සහ හැඩ. ඒ විෂම බව සහ ඉන් උපදින හැඩය සම භූමියක පවත්වාගෙන යන්නයි මෙම වීදියට නීතිය සහ පිළිවෙළ තම මැදිහත්වීම සිදුකරන්නේ. ඒ බව දැන අප යතුරු කපන්නාට නොව යතුරු මවන්නාට ඇහුම්කන් දිය යුතුමයි. “මම ගාවට නොයෙකුත් ආකාරයේ මිනිස්සු එහෙම නැත්නම් කස්ටමර්ස්ලා එනවා. අපි හිතමු කොළඹ ප්‍රධානපෙළේ හෝටලයක කාමරයක් අරගෙන කෙනෙක් නතර වුණා කියලා.

ඒ කාමරයේ කී එක එයා අතින් නැතිවෙන්න පුළුවන්. එහෙම නැති වෙච්ච ගමන් මනුස්සයෙක් මුලින්ම ඒක කියන්නේ ඒ හෝටලයේ ආරක්ෂක අංශයට. ආරක්ෂකයා ගාව ඕනෑව කාමරයක එක්ස්ට්‍රා කී එකක් තියෙනවා. අර නතර වෙච්ච අමුත්තයි ආරක්ෂක අංශයේ නිලධාරී ගොල්ලයි එකතු වුණොත් ඒ කී එක එළියට ගේන්න පුළුවන්. සාධාරණ ගාණක් අරගෙන ඒ විධියේ ඔරිජිනල් කී එකක් කපලා දෙනවා. ගාණ නම් රුපියල් 10,000ක් විතර වේවි. මක් කරන්නද? ඔය විධියට කාලයක්ම මම කැපුවේ හෝටල් කාමර යතුරු. පසුගිය දෙසැම්බර් මාසයේ සීසන් එකේදී විතරක් එක සතියකට 1,40,000ක් යතුරු කැපුවා. පෙළක් ‍ෙදාරවල්වලට ඔර්ජිනල් කී එක්ක සෙන්ටර් යුනිට් එකක්. දෙකම ඕනෑ. මම යතුර කපද්දි සෙන්සර් යුනිට් හදන කොල්ලෝ අපි ගාව ඉන්නවා. 1,40,000 ගත්ත දවසේ අපූරු දවසක් වුණා. කොල්ලෙකුයි කෙල්ලෙකුයි හෝටලයේ රූම් එකක් අරගෙන. කොල්ලයි කෙල්ලගෙයි බඩු ඇතුළේ තියෙද්දී ලොක් කරපු ‍ෙදාරේ යතුර නැතිවෙලා. ඒ අයගේ හෑන් ෆෝන් පවා තිබුණේ කාමරය ඇතුළේ. පාන්දර 4.00 විතර ඇති මාව සොයාගෙන එනකොට. මාව ගාවට ඒ අය එව්ව සිකියුරිටි කාරයත් හොඳ ගාණක් කපාගෙන.

කොහොම හරි මම වැඩේ කරලා දුන්නා හෝටලයේ අය කරන ගාස්තුවට පොඩ්ඩක් අඩුවෙන්. ‍ෙදාරවල්වල යතුරු කිව්වම හෝටල්වල යතුරු තමයි කපන්න අමාරුම. ඒ මොකද ඒ යතුරු පාවිච්චියේදී වෙනස්වන නිසා. හැමදාම අරින හෝටල් කාමරවල යතුරු හිලේ සයිස් එක ගෙවෙනවා. පෙළක් වෙලාවට අපි කී එකේ මැෂිමන්ට් එක කොහොම ගත්තත් අතේ හුරුව නැත්නම් වැඩේ වරදිනවා. පරණ ගෙවල්වල යතුරු එහෙම නෙවෙයි. වැඩි පාවිච්චියක් නැහැ. ඒ හින්දා මහ ලොකුවට යතුර ගෙවෙන්නේ නැහැ. එහෙම යතුරු කපන්න පහසුයි. මම කොළඹ අවට තියෙන ප්‍රධාන පෙළේ වලව්වල යතුරු පවා කපලා තියෙනවා. අපි හිතමු පරණ කාලේ යතුරු සෙට් එකක් කියලා. සිංගප්පූරුව, ඉන්දියාව වගේ රටවලින් පරණ හැඩයට තියෙන අලුත් යතුරු සෙට් එනවා. ඉන්දියාවේ පාවිච්චි කරපු පරණ යතුරුත් එනවා. එව්වා ආපසු පණ පොවලා ගන්න පුළුවන් යතුරු, පෙළක් යතුරු සුද්දාගේ කාලේ පාවිච්චි කරපුවා. හැබැයි ඊයේ, අද, හෙට කියලා අපි හඳුන්වනු සෙට්වලින් ඕනෑම යතුරක් හදන්න පුළුවන්. මං උදාහරණයක් කියන්නම්. එක ‍ෙදාරක යතුරක් මං හිතන්නේ එක් දහස් නවසිය ගණන්වල මුල් කාලේ. ඒ ගෙදර අයිතිකාර මහත්තයා පිටරට. මිනිහා ලංකාවට එද්දී ඒ ‍ෙදාරේ යතුර නැතිවෙලා. නැති කරලා තිබුණේ ගෙදර බලා ගත්ත කෙනා.

මහත්තයා දන්නවා ඒත් යතුරේ හැඩේ. ඒ හින්දා බොරු කරන්නත් බැහැ. ඒත් මම වැඩේ ගොඩින් බේරා දුන්නා. යතුරු නැති කරපු කෙනා එක්ක බජාර් එකේ ඇවිදලා ඒකට හරියට පරණ යතුරක් හොයා ගත්තා. පැය 2කින් යතුරක් කපලා දුන්නා. අදටත් ඒ මනුස්සයා ඒ මහත්තයා ගාව වැඩ ලොක්කා..! ඕනෑම ලොක්කෙක් සල්ලිවලට ගෙදර ගෑනිට බය නම මහ රෑ අපි ඉස්සහ පරිදි. සල්ලිවලට බය නැති එකා එක්ක ගනුදෙනුව සිද්ධ කරන්න ඕනෑ පරිස්සමෙන්. ගෙදර ගෑනිට බය එකා සල්ලිවලට කවදාවත් බය නැහැ. එයාට ඕනෑ ෂේප්වෙන්න කොච්චර ගාණක් වියදම් කරලා හරි. හැබැයි මම ඒ වගේ මිනිසුන්ගේ මහ ලොකුවට ගාණ කපන්නේ නැහැ. හැමදාම රෑ දෙක, තුන වෙනකම් අපි වැඩ. එක රෑකට වැඩ තුනක් නම් ෂුවර්. නයිට් ක්ලබ්වල කෙල්ලෝ දහයක් හරියට සෙට්වුණොත් බය නැතිව එක රෑකට හොඳ ගාණක් හොය ගන්න පුළුවන්. නයිට් ක්ලබ්වල කෙල්ලෝ කස්ටමර්ට ආතල් එකක් දීලා කාර් එකේ යතුර පන්න ගන්නවා. පාන්දර ගිනි විජ්ජුම්බරේ. කෙල්ල අඳුනන ත්‍රීවීල් එක්ක නග්ගලා කාර්කාරයයි යතුරයි මම ගාවට ෂේප් එකේ එවනවා. කාර්කාරයා දන්නේ නැහැ ඒ ත්‍රීවීල් එකේම යතුරක් එනවා කියලා. කෙල්ල තමයි එළිවෙනකම් කස්ටර්මර්ගේ පර්ස් එකට ඇහැ දීගෙන ඉඳලා යතුරු කපන්න ගන්න ඕන ගාණ මට කියන්නේ.

කෙල්ල කියන ගාණට යතුර කපනවා. ‍ෙදාරේ බීඩින් පන්නලා එළියේ ඉඳලා වීදුරුව ජැක් කරලා බොරුවට පානිය දානවා. කී කටින් මැෂිමෙන් මැෂමන්ට් අරන් එන්නම් කියලා හොරෙන් ආපු ඔරිජිනල් යතුර බ්‍රාෂෝ පාරක් දාලා ගේනවා. එක පාරින් ස්ටාර්ට්. අඩුම ගාණේ මුළු ජොබ් එකකටම කෙල්ල 15,000ක් ගන්නවා ඇති. මටත් 5000ක්. ඒ ඇතිනේ. හැබැයි මම ගොඩක් කැමැතියි ඇත්තටම මහන්සි වෙන්න. ඇත්තටම කාර් එකක යතුරක් නැති වුණොත් ඔරිජිනල් විධියට යතුරක් කපා ගන්න එක වරුවක වැඩක්. මුලින්ම කී එකේ මැෂිමන්ට් එක ගන්නවෙන්නේ ‍ෙදාරෙන්. බීඩින් එක පන්නලා කොහොම හරි කාර් එක ඇතුළතට පැන ගන්න ඕනෑ. ඉන්දියන් වාහනවල නම් යතුරු කපනවා කියන එක සිම්පල් වැඩක්. ජපන් වාහනවල අමාරුයි. කොරියන් වාහනවල නම් බැරිම ගාණයි. ‍ෙදාර ඇරගෙන ඇතුළට ගියා කියමු. කවරින් පන්නලා යතුරේ මැෂිමන්ට් එක කට්ටෙන් කට්ටට ඔළුවට අරගෙන යතුර ඇතුළට බහින විධිය ඇඳගන්න ඕනෑ. යතුර දිග වැඩිවෙන තරමට වැඩේ සංකීර්ණයි. ඒත් ඉතින් අතාරින්ද? ගෝල්ලිෆ් පැකට් එකක්ම යනවා වැඩේට. අන්තිමට ඔළුව වයර් වගේ. මැෂිමන්ට් එක හෙමින් හෙමින් අරගෙනත් එක දශමෙන් වෙනස් වෙන තැන් තියෙනවා. ඒ මොකද යතුරු හරියට කරකැවෙන හැටි අපිට පොඩ්ඩක් දැනෙන්නේ නැති වුණොත්. ඒ වගේ වාහනයට යතුරු කැපිල්ල කියන්නේ තනිකරම මනසේ ඇදෙන චිත්‍රයක්. ඉතින් ඒ වගේ වැඩකට රුපියල් 25,000-30,000ක් ගත්තත් මොකද. ඒකයි මම කලින් කිව්වේ යතුරු කැපිල්ලක් නෙවෙයි මැවිල්ලක්. එහෙමත් නැත්නම් යතුරු මරිසියක් කියලා. හැබැයි මම මර්සියට වඩා කැමැති මැවිල්ලට.