Naifmvlog

Naifm vlog Gossip and News

අභ්‍යවකාශයේදී ගගනගාමීන්ගේ

අභ්‍යවකාශයෙහි සැරිසැරීමෙන් කෙනකුගේ මොළයටත් ඒ නිසාම ඔහුගේ ඥානමය ක්‍රියාකාරිත්වයටත් හානි සිදුවෙතැයි විද්‍යාඥයෝ නිගමනය කරති. ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල කිහිපයක විද්‍යාඥයෝ අඩු විකිරණ ප්‍රමාණයක් මාස හයක කාලයක් තුළ මීයන් කෙරෙහි බලපාන ආකාරය ඒකාබද්ධව අධ්‍යයනය කිරීමෙන් එම නිගමනයට එළැඹියහ. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය චාර්ල්ස් ලිමෝර්ලි සහ ඔහුගේ සගයෝක් ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ කොලරාඩෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මෙන්ම නැඟෙනහිර වර්ජනියා වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයෝත් සති විසිහතරක් පුරා මීයන් අධිබල අංශුවලට ලක්කිරීමෙන්ද මේ පිළිබඳ අධ්‍යයනයක් කළහ. විකිරණවලට ලක්වීමෙන් මොළයේ සෛලවල සංඥා නිකුත් කිරීමේ හා එය ග්‍රහණය කර ගැනීමේ ශක්තිය හීන වන බවත් එහි විපාක වශයෙන් උගෙනීමේ හා මතක තබා ගැනීමේ ශක්තියද හීන වන බවත් එම විද්‍යාඥයන් දෙපිරිසගේම අධ්‍යයනවලින් තහවුරු විය.

අජටාකාශයේ අෑත ගමන්වල යෙදෙන අජටාකාශගාමීන් සෑම පස්දෙනකුගෙන් කෙනකු තුළම කාංසා සහගත හැසිරීම් ස්වභාවයක්ද සෑම තුන්දෙනකුගෙන්ම කෙනකු තුළම ස්මෘති ශක්තිය හීනවීමේ ස්වභාවයක් ඇති වෙතැයි එම අධ්‍යයනවල ප්‍රතිඵල අනුව එම විද්‍යාඥයෝ නිගමනය කළහ. එපමණක් නොව එම අජටාකාශගාමීනට තීරණ ගැනීමේදී දැඩි මානසික අරගලයක යෙදෙන්නට සිදුවන බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මෙවැනි අවදානම් සහගත තත්ත්වයක් අභ්‍යවකාශ තරණයෙහි පවත්නා හෙයින් අඟහරු ලෝකයටද යෑමට සැරසෙන අජටාකාශගාමීන්ගේ මොළ විකිරණවලට ලක්වීම වළක්වා ගැනීම සඳහා විශේෂ ආරක්ෂක උපක්‍රමයක් යොදා ගැනීමේ ඉතාම හදිසි අවශ්‍යතාවක් දැන් ඇති වී තිබේ යැයිද විද්‍යාඥයෝ අවධාරණය කරති. චන්ද්‍රයා වෙත යන ගමනට ගතවන කාලයට වඩා බෙහෙවින් වැඩි කාලයක් ගතවන අඟහරු ගමනේදී අජටාකාශය තුළ පවත්නා එම තත්ත්වය අජටාකාශගාමීන්ට කිසිසේත්ම හිතකර නොවේ යැයි ආචාර්ය ලිමෝර්ලි ප්‍රකාශ කරයි.

ඔහු තවදුරටත් සඳහන් කරන පරිදි අජටාකාශ පරිසරයෙන් ඉතා බරපතළ උපද්‍රවයක් ගගනගාමීන්ට එල්ල වනු නිසැකය. අජටාකාශයෙහි විසිරෙන විකිරණ අංශුවලට ලක්වන අජටාකාශගාමීන්ගේ මධ්‍යම ස්නායු පද්ධතියෙහි විවිධ සංකීර්ණතා හට ගන්නා අතර එය හේතු කොට ගෙන අභ්‍යවකාශ ගමනෙන් පසුවද ගගනගාමියකු තුළ අඛණ්ඩව පවත්නා ස්මෘති දුර්වලතා, සාංකාව, ආතතිය හා නිවැරැදි තීරණ ගැනීමේ දුෂ්කරතා යනාදි ආබාධ ඇති වෙයි. ඒවා සමහර විට මුළු ජීවිත කාලය පුරාම අඛණ්ඩව පවතින්නටද පුළුවන. මෙම අධ්‍යයනවල සම්පූර්ණ ප්‍රතිඵල ‘ඊන්‍යුරෝ’ (ඥව්ඥභපධ) නමැති ප්‍රකාශනයෙහි පළ විය.ගගනගාමීන්ගේ කෑමබීම හා ඒවා ගබඩා කිරීමගගනගාමීන්ද උදේ, දවල් හා රාත්‍රි තුන් වේලටම ආහාර ගන්නා අතර ඔවුන්ට අවශ්‍ය වන කැලරි ප්‍රමාණ වෙනස් වෙයි. කුඩා සිරුරක් ඇති කාන්තාවකට දිනකට කැලරි 1900ක් පමණ අවශ්‍ය වන නමුත් විශාල සිරුරක් හිමි පිරිමියකුට දිනකට කැලරි 3,200ක් පමණ අවශ්‍ය වෙයි.

පලතුරු, ධාන්‍ය වර්ග, මුං, මෑ ආදී ඇට වර්ග, බටර්, කුකුළු මස්, හරක් මස්, හකුරු යනාදී ආහාර වර්ග අතරින් කැමැති දෙයක් තෝරා ගැනීමට ගගනගාමියකුට පුළුවන. තේ, කෝපි, ‍ෙදාඩම් යුෂ හා පලතුරු බීමද ඔහුට ලබා ගත හැකිය. එහෙත් අජටාකාශ නැවතුම්පොළේදී ගගනගාමියකුට මත්පැන් පානයට අවසර නොලැබෙන නමුත් කුළුබඩු, තක්කාලි යුෂ, ගම්මිරිස්ද, තෙල් හා විනාකිරි මිශ්‍ර ආහාර වර්ග, බිත්තර කහමදද ඔහුට සැපැයෙයි. ලුණු ඔවුනට සැපයෙන්නේ දියර වශයෙන් මිස කුඩු වශයෙන් නොවේ. අභ්‍යවකාශයේදී කුඩු වර්ග කිසිවක් කෑමකට ඉසීමට හැකි නොවන නිසාත් ඉසීමට තැත් කිරීමේදී පාවී ගොස් යානයේ වා නළවල හිරවීමට හෝ යානය තුළ විවිධ උපකරණ අක්‍රියවීමට හෝ ගගනගාමීන්ගේ නාස් පුඩුවල හා කන්වල හිරවීමට පුළුවන් නිසාත්ය. අමුතුවෙන් සකස් කිරීමක් හෝ පිසීමක් අවශ්‍ය නොවන පලතුරු හා වෙනත් කෑම වර්ග හැරුණු අනෙක් ආහාර වර්ග ඊට අවශ්‍ය උෂ්ණත්වයෙන් තබා ගැනීම සඳහා ගගනගාමීනට උඳුන් සපයනු ලැබේ. අභ්‍යවකාශයේ ශීතකරණ නැති හෙයින් අජටාකාශයේ දුර ගමන් සඳහා ගෙන යනු ලබන ආහාර වර්ග නරක් නොවන පරිදි සකස් විය යුතුය.