Naifmvlog

Naifm vlog Gossip and News

කිසිවකු හරි සමග කතාබහක් යනවිට

කිසිවකු හරි සමග කතාබහක් යනවිට සමහර වෙලාවට නිශ්ශබ්දතාවයක් ඇතිවනවා නේද? බටහිර සමාජ වල මෙවැනි නිශ්ශබ්දතා ගැන දක්වන්නේ යම්කිසි ගැටලු සහගත තත්වයක් ඇතිවූබවයි. මෙම කාරණය විසේසයෙන් වැදගත්වන්නේ රාජකාරියේ නැත්නම් පෙම්යුවලක් පලමු පාරට රාත්‍රි ආහාර බොජනයකට ගියාම වගේ අවස්තාවල, අපේ ගම අස්‍රිත සංස්කෘතියේ මෙවැනි රාත්‍රිබෝජනය සදහා හමුවීමට සමාජතල දීයුණුවී ඇත්දායි මා නොදනිමි,මේලිපියේ කතා කිරීමට බලාපොරොත්තුවන්නේ ජාත්‍යන්තර තලයේ එක් එක් රටවල් හෝ භාෂා භාවිත කරන්නන් අතර සම්මතව ඇති භයානක නොවන නිහඩතාවේ තරම, තරම කිව්වේ තත්පර ප්‍රමානය, භයානක කිව්වේ කතාවේ යම් වරදක් ඇතැයි හෝ තමා පැවසූදේ වරදක් ඇතැයි හිතටනැගෙන සිතුවිලි ඒම, එසේ එමට පටන් ගන්නා කාලය අර තත්පර වලින් මැනිය හැකිය.

මේ පිලිබදව විශේෂයින් දැනසිටිය යුතුවන්නේ රටරටවල්වල නියෝජිතවන් සමග නිතර ගතකිරීමට සිදුවන වෙෙයාපාරිකයන් සහ කන්තෝරුවල රාජකාරීකරන පුද්ගලයන්ය. නිශ්ශබ්දතාවය නමුත් මා ඒ කී කතාවට ප්‍රතිවිරුද්ද තත්වයක්ද ඇත, එය නම් නිශ්ශබ්දතාවය රන් හා සමාන වන අවස්තාන්ය, එවැනි අවස්තාවනුයේ වෙලහෙලදාමකදී හෝ පඩි සාකච්චා කරීම්වලදීය.දැන් නෙදර්ලන්තයේ ග්‍රෝනින්ගන් විසුවුදුහලේ කරපු පරීක්ෂණයකදී තහවුරු වෙලා තියනවා යම්කිසි කතාබහකදී තත්පර 4කට වඩා නිහඩතාවයක් අවොත් එම කතාවට සහභාගීවූ සියලුදෙනාම නොසන්සුන් කාරී තත්වයකට පත්වනවා කියලා.නමුත් තවත්කල අධ්‍යනයකදී දැනගන්න ලැබිලා තියනවා ජපන් අය තත්පර අටක් වුනත් කිසිම කලබලයක් ඇතිකරගන්නේ නෑ කියලා. නමුත් මේ සංස්කෘතීන් දෙකක් අතර වෙනසක් තමයි.

ජපානයේ ඇති සංකල්පයක් අනුව බඩින් කතාකිරීම නමින් හදුන්වන ක්‍රියාකාරකමේදී කිසිවකුවත් කතාබහ නොකරසීටීම ඊතාමත් වැදගත් ලෙස හදුන්වනවා.එකකොට බලාගනෙ ගියාම ඉංග්‍රිසි කතාකරන අයට විතරද මේ කලබල හිතක් තියෙන්නේ?? විසේසයෙන් ඇමරිකාව වගේ නොයකෙුත් රටවලින් පැමින එක් එක් තරාතිරමේ අය ගැවසන ස්ථානයක් වූවිට තම ප්‍රතිවාදියා කුමන පදනමක සිටීදැයි අනිත්පුද්ගලයා දැන ගැනීම එවැනිරටවල සිදුවන විවෘත කතාබස්වල එක් අංගලක්ෂණයක්, එම නිසා නිශ්ශබ්දතාවයක් ඇතිවුවීට බොහොදුරින් අවසාන වතාවට යමක් කීපුද්ගලයා තමන් පැවසූ කරුන නැවතත් සිතා බලයී, තවද “මේ නිශ්ශබ්දතාවය මාව මරණවා බං” වැනියේන් නිශ්ශබ්දතාවය ඉවත්කිරීමට ඔහු වෙරදරනු ඇත,එක්තරා වෙලද සාකචචාවකට පැමිනි පුද්ගලයකු සාකච්චාව අවසානයේ එම ආයතනයේ භාන්ඩ මිල වැඩිය කියා පවසා ඇත, එවිට එම ආයතනයේ වෙලද නිලදාරියා “ඔව් ඒක ඇත්ත” කියා නිශ්ශබ්දව සිට ඇත.

එවිට තත්පර දහයක විරාමයකින් පසු එකී ගනුදෙනුකරු භාන්ඩය මිලදීගැනීමට තීරනය කරඇත. ඒ නිදසුන නිශ්ශබ්දතාවය තමන්ට වාසිදායක කරගන්නා ආකාරයයි,නිශ්ශබ්දව සිටීමට පුරුදූවීම තරම් අමාරු විජ්ජාවක් නෑ වෙනකොහේවත්, එයට හැගීම් ඉතා සියුම්ලෙස පාලනය කරගැනීමට සිදුවනවා. මේක හැබැයි පුහුනුවෙන්න පුලුවන් පාසැලේ මිතුරු මිතුරිවන් හෝ අන් අය සමග…එහෙමනම් කතා කලයුතු වේලාවන් වන්නේ කුමක්ද? මොකද නිශ්ශබ්දව සිටිම අපට වැරදි විදිහට බලපාන අවස්තා තියනවා,පිරිසක් ඉදිරිපස යම් ප්‍රචාරක කටයුත්තක් කරමින් සිටයදී ප්‍රචාරක පිටුගොනුවේ කරු නු පැහැදිලි කරද්දී එක් කරුනකින් තව කරුනකට හුවමාරුවීමේදී මද නිශ්ශබ්දතාවයක් ගැනීම මගින් අසාසිටින්නාගේ අවධානය යොමුකරගත හැක.නිශ්ශබ්දතාවය ජීවිතය සාර්තක කරගැණීමට ඉතාම වැදගත් තුරුම්පුවක් වන්නේය, එය නිසිලෙස නිසි වේලාවට නිසිඅයුරින් භාවිතා කරගෑනීමට පුරුදුපහණුවීමෙන් ජීවිතයේ කඩොලුසියල්ල ජය ගත හැකිය.