Naifmvlog

Naifm vlog Gossip and News

පාකිස්ථාන මුහුදෙන් මතු වූ

සල්සාලා කෝහ් ( Zalzala-Koh ) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි.

මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.මේ පින්තූර නාසා ආයතනයේ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා – 1 හා ලැන්ඞ් සැට් 8 චන්ද්‍රිකාවලින් ඒ දූපත මතු වුණු දවස්වල ගත්තු ඒවායි.දූපත වටේට ඇති ළා කොළ හා තඹ පැහැති කොටස්වලින් පෙනෙන්නේ මුහුදේ නොගැඹුරු බව හෝ අවට ඇති අවසාදිත තට්ටුවයි.මේ අලූත් දූපත මතු වූ හරියේ ගැඹුර මීටර් 15ත් 20ත් අතර වෙනවා. මෙහෙම කියන්නේ පාකිස්ථානයේ ජාතික සාගර විද්‍යායතනයේ සාගර භූවිද්‍යාඥ අසීෆ් ඉනාම්. ‘ඒ හරියේ සාගර පතුළ සමතලාවටයි පිහිටා තියෙන්නේ.ගුවන් ඡායාරූපයෙන් පෙනෙන විධියට මේ දූපත පළලින් මීටර 75ත් 90ත් අතර ඇති.

ජලරේඛාවෙන් ඉහළට උස මීටර 15ත් 20ත් අතර ඇති.මුහුදු පත්ලේ ලිහිල්ව ඇති අවසාදිත තට්ටුවක් භූකම්පාව නිසා යට ඇති පාෂාණත් සාගරය මතුපිටට තල්ලූ වීමක් තමා මෙහිදී සිදුවී ඇත්තේ. භූකම්පන තරංග නිසා සාගර පත්ල යට සිරවී ඇති වායුව වේගයෙන් පිට වීම නිසයි, මේ මඬ හා පස් තට්ටුව වායුවත් සමග වේගයෙන් ඉහළට තල්ලූ වී ආවේ.මෙවැනි හදිසි දූපත් මතුවීම් ඇති වන්නේ 7 හෝ 8 හෝ තරම් ප‍්‍රබල භූකම්පනයක් සිදු වූ විටයි.‘මේ කලාපයේ මෙවැනි භූකම්පන නිතර ම සිදු වෙනවා. මෙහි භූ පිහිටීම නිසයි එවැනි දෑ ඇති වන්නේ. ඇත්තෙන් ම මෙය දූපතක්ම නෙමෙයි, මුහුදු පත්ලේ ඇති මඬ ගොඩක් ඉහළට තල්ලූ වීමක්.’ ඇමරිකන් භූවිද්‍යාඥයකු වූ බිල් බාන්හාට් කියනවා. ඔහු එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පාකිස්ථානයේ හා ඉරානයේ භූමිකම්පා ගැන හදාරන්නෙක්.‘මේ වගේ දෙයක් 2001 දිත් සිදු වුණා. මඬ යමහලකින් ඉහළට තල්ලූ වී ආ ඒ දූපත කල්යාමේ දී දිය වී ගියා.’ නාසා ආයතනයේ විශෙෂඥයන් කියනවා.