Naifmvlog

Naifm vlog Gossip and News

නියමුවන් රහිත සබ්මැරීනය

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ සබ්මැරීන් යාත්‍රා සමූහයක් නිෂ්පාදනය කරවා ගැනීම සඳහා බෝයිං ගුවන් සමාගම තෝරාගෙන ඇත. ඉදිරි අවුරුදු කිහිපය ඇතුළතදී බෝයිං ආයතනය ප්‍රතිධ්වනි ස්වයංක්‍රිය අධෝජල යාත්‍රා පදනම අනුව, අසාමාන්‍ය විශාලත්වයකින් යුත් “ඩර්කා” නමැති සබ්මැරීන් යාත්‍රා හතරක් සැලසුම් කිරීමට තීරණය කර ඇත. මාස ගණනාවක් දිය යට රඳවා තැබිය හැකි අන්දමින් ඒවා නිර්මාණය කිරීම කෙරෙහි ආයතනයේ විශේෂ අවධානය යොමු වී තිබේ. එපමණක් නොව අනාගතයේද දිගු කාලයකට ගැළපෙන සේ නිර්මාණය කරනු ලබන මෙම සබ්මැරීනය, අඩු වියදමින් නොයෙක් මෙහෙවරවල යෙදවිය හැකි වන සේ සැලසුම් කිරීම කෙරෙහිද විශේෂ සැලකිල්ලක් යොමුවී තිබේ. වසර 2022දී මෙය සම්පූර්ණ කිරීමට බෝයිං සමාගම බලාපොරොත්තු වෙයි.

රොබෝ සබ්මැරීනය දිගින් අඩි 51ක් පමණ වනු ඇති අතර වරකට යෙදෙන ඉන්ධන ප්‍රමාණයෙන් නාවික හැතැප්ම 6,500ක දුර ප්‍රමාණයක් යාත්‍රා කළ හැකි වෙයි. විවිධ කාර්ය සඳහා අවශ්‍ය වන නොයෙක් භාණ්ඩ හෝ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මෙහි වෙන් කරන කුටිය දිගින් අඩි 34කි. එහි ඝන ප්‍රමාණය ඝන අඩි 200කි. බෝයිං සමාගම කියන පරිදි රොබෝ සබ්මැරීනය අන් කිසිදු යානයක ආධාර නැතිව මාස ගණනාවක් දිය යට රඳවා තැබිය හැකිය. සාගර ඉන්ධන සමඟ ක්‍රියාත්මක වන දෙමුහුන් යාන්ත්‍රණයකින් මෙය ධාවනය වෙයි. එහි ඝන ප්‍රමාණය ඝන අඩි 200කි. බෝයිං සමාගම කියන පරිදි රොබෝ සබ්මැරීනය අන් කිසිදු යානයක ආධාර නැතිව මාස ගණනාවක් දිය යට රඳවා තැබිය හැකිය. සාගර ඉන්ධන සමඟ ක්‍රියාත්මක වන දෙමුහුන් යාන්ත්‍රණයකින් මෙය ධාවනය වෙයි. ගිවිසුමට අනුකූලව රොබෝ සබ්මැරීනය යොදා ගැනෙන සියලු කාර්ය සඳහා සෑම අතින්ම යෝග්‍ය වීමේ අවශ්‍යතාව අතිශයෙන්ම තීරණාත්මකය.

මෙහි සැලැස්මට මං දක්වන විශේෂ යාන්ත්‍රණයක්, ස්වයං පාලන පද්ධතියක්, අවට පරිසරය නිරීක්ෂණය කරන විද්‍යුත් තාක්ෂණ පද්ධතියක්, සන්නිවේදන ක්‍රමවේදයක්, මෙන්ම අධිසංවේදී ගවේෂණ යාන්ත්‍රණයක්ද ඇතුළත් යැයි ඇමෙරිකා නාවික හමුදාව කියයි. ඉලක්කගත බහුකාර්ය අරමුණු උපරිම සාර්ථකත්වයෙන් සපුරා ගැනීමට අවශ්‍ය සියලු අංගෝපාංග සහිතව පමණක් නොව ස්වාභාවික තර්ජනවලින් රැකවරණය සලසා ගැනීමට අවශ්‍ය දියුණු විද්‍යා තාක්ෂණ උපක්‍රමද සහිතව මෙවැනි සබ්මැරීන පෙළක් ඉදිරි කාලයේදී නිර්මාණය කිරීමද බෝයිං ආයතනයේ අපේක්ෂාව වී තිබේ. බැටරියකට හා සාගරයට ගැළපෙන ඩීසල් බලශක්ති ජනකයකට සම්බන්ධව ක්‍රියාත්මක වන දෙමුහුන් යාන්ත්‍රණයකින් මෙම සබ්මැරීනය ධාවනය වෙයි. බහුවිධ මෙහෙවරක් ඉටු කරන නවතම නිර්මාණයක් වශයෙන්ද අනාගත සේනා සංවිධානයේ කේන්ද්‍රීය සේවයක් සලසන්නක් වශයෙන්ද “ඔර්කා – ඔතභභප රොබෝ සබ්මැරීනය බෝයිං සමාගමේත් ඇමෙරිකා නාවික හමුදාවේත් ඇගයීමට දැනටමත් ලක්ව තිබේ. 2022 ජුනියේදී මෙය අත්හදා බැලීමට ආයතන දෙක බලාපොරොත්තු වෙයි.