Naifmvlog

Naifm vlog Gossip and News

තක්කාලි ගෙඩියක් නිසා

තක්කාලි රසවත් කෑමකට එක්කර ගන්නා දෙයක් හැර එය අන්තර්ගතයේ වන ගුණාත්මක බව පිරිමියකුගේ සරුභාවය පිළිබඳ කාරණාවේදී වඩාත් වැදගත් වේ යැයි ඔබ නොසිතන්නට ඇත. 2019 ඔක්තෝබර් 10 ලයිකොපීන් නමැති තක්කාලිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථය ශු-ක්‍රාණුවල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට ඉවහල් විය හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙන නිසා ලෝකයේ කාගේත් අවධානය තක්කාලි වෙත යොමු වෙමින් පවතින බැව් පෙනෙයි. දිනකට තක්කාලි ඉස්ම මේස හැඳි දෙකකට සමාන ප්‍රමාණයක් අතිරේකයක් ලෙස ආහාරයට ගත් සෞඛ්‍ය සම්පන්න පිරිමින්ට වඩා ඉතා හොඳ තත්ත්වයේ ශු-ක්‍රාණු ඔවුන්ගේ තිබෙන බව එකී අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.දරුවන් පිළිසිඳ නොගන්නා විවාහක ජෝඩුවලින් අඩකට වඩා හේතු වී ඇත්තේ පුරුෂයාගේ නිසරු බව වීම මෙහිදී කැපීපෙනුණු තත්ත්වයකි.

දරු පල ඇතිවීම පිළිබඳව විශේෂඥයන් පැවැසුවේ දරුපල ලැබීම පිළිබඳ ගැටලු පවතින පුරුෂයන් ගැන තවදුරටත් අධ්‍යයනය කළ යුතු තත්ත්වයක් තිබෙන බවය.සරුබව පිළිබඳ ගැටලු සහිත පුරුෂයන් සඳහා බි්‍රතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව උපදෙස් දෙමින් පවසන්නේ එවැනි පුද්ගලයන් නිරෝගීව ජීවිතයක් ගතකළ යුතු අතර ලිහිල් යට ඇඳුම් ඇඳිය යුතු බවත්ය.පිළසිඳ ගැනීමේ අවස්ථා උපරිම කර ගැනීම සඳහා තම සහකරු ඩිම්බ මෝචනය කරන කාලය තුළ ඔවුන් නිතිපතා ලිං-ගික සබඳතාවන් පැවත්විය යුතු බවටත් එම ආයතනය වැඩිදුරටත් යෝජනා කර ඇත. කෙසේ වෙතත් ඇතැම් පෝෂ්‍ය පදාර්ථ මඟින් පිරිමින්ගේ සාරවත් බව ඉහළ නැංවිය හැකිය යන අදහස කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පවතින නිසා ඒ ගැන පර්යේෂණයන්ද බොහෝය. මින් පෙර සිදුකළ දියුණු පර්යේෂණවලදී අවධානය යොමු වූ විටමින් ඊ සහ සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ වගේම ලයිකොපීන් ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය සෛල තුළ ඔක්සිකරණය සිදුවීම මෙන්ම එම සෛලවලට හානි වීමද වළක්වාලයි.

එය හෘද රෝ-ග සහ ඇතැම් පිළිකා අවම කරගැනීම වැනි තවත් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසකටද හේතු වේ.තක්කාලි තුළ අඩංගු ලයිකොපීන් නිසි ප්‍රමාණයට ශරීරයට අවශෝෂණය කර ගැනීම අපහසු හෙයින් වෙනත් අතිරේකයක් භාවිත කෙරුණු අතර අධ්‍යයනය සඳහා යොදාගත් සෑම පුද්ගලයකුටම දිනකට එකම පෝෂ්‍ය ප්‍රමාණයක් ලැබුණු බවට විශ්වාස කරන බව මෙම අධ්‍යයනය සිදු කළ කණ්ඩායම හෙළි කරයි. තක්කාලි ආහාරයට ගැනීමෙන් සමාන ලයිකොපීන් ප්‍රමාණයක් ලබාගන්නට නම් සෑම පුද්ගලයකුටම දිනකට පිසින ලද තක්කාලි කිලෝග්‍රෑම් 2ක්වත් ආහාරයට ගැනීම අවශ්‍ය බැව් කියැවේ.සති 12ක කාලයක් පුරාවට පැවැති මෙම අත්හදාබැලීමේදී එහි පිරිවැයෙන් කොටසක් දරන අදාළ අතිරේකය නිපදවන සමාගම දිනකට ලයිකොපීන් මයිකේ‍රාග්‍රෑම් 14ක් හෝ ව්‍යාජ පෙති ලබාදීම සඳහා පිරිමින් 60 දෙනෙක් අහඹු ලෙස තෝරාගනු ලැබූහ.

ආරම්භයේදී සති හයකදී සහ අධ්‍යයනය අවසානයේදී ඔවුන්ගේ ශු-ක්‍රාණු පරීක්ෂාවට ලක්කළ අතර ශු-ක්‍රාණු සාන්ද්‍රණයේ කිසිදු වෙනසක් නොතිබුණද ලයිකොපීන් අතිරේකය ලබාගත් පුද්ගලයන්ට සෞඛ්‍ය සම්පන්න හැඩයෙන් යුතු ශු-ක්‍රාණු තිබූ අතර ශු-ක්‍රාණුවල චලිතයේ අනුපාතය වැඩි බව මෙහිදී දක්නට තිබිණි. European Journal of Nutrition සඟරාවේ පළ කර ඇති මෙම පර්යේෂණයට නායකත්වය දුන් ෂෙෆීල්ඩ් නම් වූ විශ්වවිද්‍යාලයේ මානව පෝෂණය පිළිබඳ විශේෂඥ ලිස් විලියම්ස් පැවැසුවේ “මෙය තවදුරටත් අත්හදාබලමින් පර්යේෂණ කරමින් සිටින කාරණාවක්” බවය. මත්පැන් භාවිතය අඩු කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ගත හැකි බැව් කියැවේ. “මේක ඉතා කුඩා අධ්‍යයනයක්. මේ ගැන අප විශාල පර්යේෂණයක් කළ යුතුයි. ඒ වුණත් මේ අධ්‍යයනයෙන් ලැබුණු නිගමනය අනුව එම තත්ත්වයන් ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා විද්‍යාඥයන් දිරිමත් කරවනසුලු බවක් කියැවෙයි.ඊළඟ පියවර තමයි, දරුපල සම්බන්ධ ගැටලු තියෙන පිරිමින් සම්බන්ධයෙන් පරීක්ෂණය ආයෙත් කරන එක.

ඒ වගේම ලයිකොපීන් මඟින් එම පිරිමින්ගේ ශු-ක්‍රාණුවල ගුණාත්මක භාවය ඉහළ නැංවිය හැකිද යන්න වගේම එමඟින් විවාහකයන්ට අතුරු ආබාධ සහිත ප්‍රතිකාරවලින් වැළැකී සිටීමට උපකාරයක් වෙයිද යන්න සොයාබැලීම තවදුරටත් පර්යේෂණයට බඳුන්වන තත්ත්වයකි. මෙවැනි ගැටලු සහිත විවාහකයන්ට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීම හරහා දරුපල ලැබීම සම්බන්ධ මිල අධික සහ ආක්‍රමණික ප්‍රතිකාරවලින් වැළැකිය හැකිය” යන්න ලිවර්පූල් කාන්තා රෝහලට අනුබද්ධ හෙවිට් සාඵල්‍ය මධ්‍යස්ථානයේ සායනික අධ්‍යක්ෂ ඇන්ඩෘෘ ඩ්රැකලි නමැත්තා පවසා ඇත. දරුපල සම්බන්ධයෙන් ක්‍රියාත්මක පුණ්‍යායතනයක් වන Fertility Network ආයතනයේ ග්වෙන්ඩා බර්න්ස් පැවැසුවේ “ මෙම අධ්‍යයනය මුල් අවධියේ පැවැතියද ශු-ක්‍රාණුවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ අනාගතයේදී පිරිමින්ගේ සරුභාවය පිළිබඳ වැඩි අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම අධ්‍යයනය බලාපොරොත්තු ඇති කර තිබෙනවා” යන්නයි. කෙසේ වෙතත් සරු බවින් තොර පිරිමින්ට අනාගතයේ තමන් තුළ තිබෙන අඩුපාඩුකම් මඟහරිමින් ඒ සඳහා නිසි ප්‍රතිකර්ම ලබාගත හැකි තත්ත්වයන් විවර වනු ඇති බවත් පෙනෙයි.