Naifmvlog

Naifm vlog Gossip and News

අයින්ස්ටයින්ගේ චායාරුපය

නොබෙල් ත්‍යාගලාභී මහා භෞතික විද්‍යාඥ ඇලබට් අයින්ස්ටයින්ගේ ඡායාරූප මීට ඉහතදි අපි අනන්තවත් දැකලා තිබෙනවා. නමුත් පසුගිය දිනක වෙන්දේසියකදී නම් සඳහන් නොකළ ගැනුම්කරුවකු විසින් ඔහුගේ ඡායාරූපයක් රු19,250,000 ඉහළ වටිනාකමකට මිලදීගෙන තිබෙනවා.නොබෙල් ත්‍යාගලාභී මහා භෞතික විද්‍යාඥ ඇලබට් අයින්ස්ටයින්ගේ ඡායාරූප මීට ඉහතදි අපි අනන්තවත් දැකලා තිබෙනවා. නමුත් පසුගිය දිනක වෙන්දේසියකදී නම් සඳහන් නොකළ ගැනුම්කරුවකු විසින් ඔහුගේ ඡායාරූපයක්ඇත්තටම මෙම දුර්ලභ ඡායාරූපය අයින්සටින්ගේ අනෙකුත් ඡායාරූප වලට වඩා වෙනස් එකක්.

එම ඡායාරූපයෙහි ඔහු සාමාන්‍යයෙන් වැඩිපුර ඡායාරූප වල සිටින බැරෑරුම් ස්වරුපයෙන් ඉවත්ව විනෝදකාමී ස්වරුපයක් පෙන්වමින් දිව ඉවතට දමා සිටින බවක් පෙනෙයි. එය ඔහුගේ 72 වන උපන්දින උත්සවයේදී ලබාගෙන තිබුණු අතර ඔහුගේ සමරු අත්සන ද යොදා තිබුණි.1951 මාර්තු 14 දින ආතර් සැසේ නම් ඡායාරුප ශිල්පියා විසින් එය ඡායරුපගත කර ඇත. මෙම ඡායාරූපය දැකීමෙන් පසු අයින්ස්ටයින් බෙහෙවින් ප්‍රීතියට පත්වූ අතර එහි පිටපත් කීපයක් තම ළඟම හිතවතුන්ටද ලබාදීමට අවශ්‍ය බව කියමින් එහි මුද්‍රණ පිටපත් කිපයක්ද ලබාගෙන බෙදාහැර තිබුණි. එමෙන්ම එම ඡායාරූපය කිසිම ආකාරයකින් කපා නොතිබූ අතර සම්පූර්ණ පින්තුරයම එහි අන්තර්ගත කර තිබුණි.

එහි ඔහු සිටින්නේ ආචාර්ය ෆ්රෑන්ක් ඇඩ්ලොට් හා ඇඩ්ලොට්ගේ බිරිඳට මැදිවයි. ඔහු මෙම උපන්දින සාදය සමරා තිබුණේ ප්රින්ස්ටන් ක්ලබ් හිදීය.මීට පෙර වෙන්දේසිවලදී ඉහළ ලංසු ලැබ විකුණූ ඡායාරූප වූයේ අභ්‍යාවකාශයේදි ලබාගෙන තිබූ දුර්ලභ ඡායරූප කීපයක් පමණි. ඒවා නම් නීල් ආම්ස්ට්රෝන් හා පිරිස සඳ මතට පා තැබීමේදි ඇපොලෝ- 11 මඟින් ලබාගෙන තිබූ ඡායාරූප හා ඇපොලෝ 13 යාන වලින් ලබාගත් ඡායරූප කීපයකි. කෙසේ හෝ මෙම ගැනුම්කරු එම ඡායාරූපයෙහි මුල් මුද්‍රිත පිටපතක් මිලට ගැනීමට සමත් විය. නමුත් මෙම නිර්නාමික පුද්ගලයා මෙතරම් විශාල මිලකට අයින්ස්ටයින්ගේ ඡායාරූපය මිලට ගන්න්ට ඇත්තේ ඇයිද? යන්න වැඩි දෙනෙකුට ඇති වූ ගැටලුවකි. සැබවින්ම එහි නියම වටිනාකම කොපමණ විය හැකිද? මේ සම්බන්ධයෙන් ඔබේ අදහස්ද අප වෙත යොමු කළ හැකියි.