Naifmvlog

Naifm vlog Gossip and News

ජන සමාජයේ එළවළුවක්

පැරැණි සිංහල ජන සමාජයේ එළවළුවක් ලෙස භාවිත වූ දැන් වඳවී යන දුර්ලභ එළවළුවක් මට අහම්බෙන් පසුගියදා මහනුවර වෙළෙඳපොළේදී හමුවිය.මෙය හඳුන්වනුයේ ආලංගා නමිනි. අද දවසේ මේ බොහෝ දෙනකු දැක නැතුවාට සැකයක් නැත. ඒ අලෙවි කළ වෙළෙන්දාගෙන් වඩාත් විස්තර සහිතව තොරතුරු ලබා ගතිමි. මහනුවර යුගයේදී දේව පුද පූජාවලදී ආලංගා නමින් කැවිලි විශේෂයක් භාවිත වූ බව අත්තරගම රාජගුරු බණ්ඩාර ලියූ ගණදෙවිහෑල්ල කවිපොතේ “පුදනෙමි අත්සුනු ගෙන ආලංගා” යන කවි පාඨයේ පෙනෙයි.

ගණදෙවි පූජාව හා දේව පූජාවලට යොදා ගත් මේ ආලංගා යනු කැවිලි විශේෂයකි. එහෙත් මෙහි සඳහන් වන ආලංගා අද වඳවී යන ඉතා දුර්ලභ එළවළුවකි. කිරිඇල්ලේ ඥානවිමල හිමිගේ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයේ හා ආයුර්වේද දෙපාර්තමේන්තුව පළකළ “ඔසුතුරු විසිතුරු” කාණ්ඩ හතර පරීක්ෂා කළෙමි. ඒ කිසිවක ආලංගා ගැන සටහනක් නැත.ලංකාවට බෝංචි හඳුන්වා දුන්නේ පෘතුගීසීන් බව අනුමාන කළ හැකිය.

බටහිර රටවලින් බෝංචි ලංකාවට ලැබීමට පෙර බෝංචි වැනි එළවළුවක් ලෙස ලාංකිකයන් පිසගෙන ඇත්තේ ආලංගාය. විශාල වැල් ලෙස මේවා වැඩෙයි. වදුල සහිත තෙත් බිම්වල සරුවට වැවෙයි. ළපටි බණ්ඩක්කා කරල් වැනි අඟල් දෙකක් තරම් දිග ආලංගා කරල දිලිසෙන තෙල් ගතිය හා බූව සහිතය. පිපුණු මලේ ගැටිති කොටස මෙම කරල මුදුනේ කුටුම්බියක් ලෙස පිහිටයි. රසය හා ගුණය බෝංචි හා සමානය.වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ