Naifmvlog

Naifm vlog Gossip and News

බුබුළු දැම්ම උල්පත

ඕනෑම සංචාරකයකු නරඹන එක් වැදගත් ස්ථානයක් වනුයේ හිඟුරක්ගොඩ බුබුළයි. එහි ආරම්භය පිළිබඳ රසවත් කතාවක් මෙසේය.බුබුළ පිහිටා ඇත්තේ හිඟුරක්ගොඩ සිට කිලෝමීටරයක් පමණ දුරිනි. එය එකල කුඩා දිය කඩිත්තක් විය. එදා කෘෂිකර්ම ඇමැති ඩී.එස්. සේනානායක හිඟුරක්ගොඩ ගොවිජනපදයට මුල්ගල තැබීමට පැමිණෙන දිනය විය. මුළු පරිසරයම වියළි රූස්ස කැලෑව විය. විවෘත කිරීම සකස්ව තිබුණේ ඇමැති අතින් සුබ නැකැතට දැවැන්ත ගහකට පොරෝ පහර කිහිපයක් එල්ල කළ පසුව ජනපදය සඳහා සාමූහිකව කැලෑව එළි කිරීමයි.

පොරෝ පහර එල්ල කිරීමෙන් පසු අත සෝදා ගැනීමට කුඩා ජල කඩිත්තක් තිබූ ස්ථානය සංවිධායකයන් ප්‍රදේශයේ පැරැණි අයගේ මඟ පෙන්වීම පිට තෝරාගෙන තිබිණි. නැකතට මුලින්ම පහර එල්ල කළේ පලු ගහකටයි. ඉන්පසු ආරාධිතයා උලපතේ දිය කඩිත්තෙන් අතපය සෝදා ගත්තේය.පසුකල මෙම බුබුළ හිඟුරක්ගොඩ – මින්නේරිය ගොවි ජනපදවල ආරම්භය සනිටුහන් කළ වැදගත් මං සලකුණක් විය. කුඩා දිය උල්පත තවත් පාදා ගැනීමෙන් එය මිදුලක තරම් නිශ්චල ජලය ඇති යෝධ ජල බුබුළක් බවට පත්ව ඇත.

එබඳු තැනක මේ බුබළට ජලය එන්නේ පොළොව යට විශාල උල්පතකිනි. මැරී ගිය ඇහැටු ගහක මුල් කුහරය තුළින් උල්පතේ බුබුළ මතුවෙයි. ජලය නිල්ම නිල් පාටය. උතුරා ගලයි. එහි මුරපොළෙන් අවසර ගෙන ඇතුළු විය යුතුය. ඒ අසල බුබුළ පන්සල ඇත. ඒ උතුරා ගලන දියෙන් කුඹුරු වගා කෙරෙයි.