Naifmvlog

Naifm vlog Gossip and News

ගල් හිත වෙනස් කරපු කෙල්ල

මේ ලිපිය සමඟ පළවන කුඩා දරුවකු සමඟ හිට්-ලර් සිටින පින්තූරය ලොව පුරා මහත් කතාබහට ලක් වූ ඡායාරූපයක්. ඒ වගේම එය ඉතා මිල අධික ඡායාරූපය ලෙසත් සඳහන් වෙනවා. පසුගියදා වෙන්දේසියකදී එය ඇමෙරිකානු ඩොලර් 11,520කට (රුපියල් ලක්ෂ 21 කට පමණ)අලෙවි වී තිබෙනවා. ‘නායකයාගේ දැරිය’ ලෙස සෙස්සන් ඇයව හඳුන්වද්දී හිට්-ලර් ඇයව අමතා ඇත්තේ ‘ස්වීට්-හාට්’ යනුවෙනුයි. ඇගේ නියම නම රෝසා බර්නයිල් නීනෝ. 1933 මුල් වරට හිට්ලර්ගේ නිවෙස ආසන්නයේදී හමුවීමෙන් මේ දැරිය හිට්-ලර්ගේ සමීපතම මිතුරියක් බවට පත් වුණා. හිට්-ලර්ට ඇය මුල් වරට මුණ ගැසුණේ අප්‍රේල් 20 දවසක.

රෝසා ඇගේ මවත් සමඟ ජර්මනියේ, බැවේරියාවේ හිට්-ලර්ගේ නිවෙස ඉදිරියේ රැස්ව සිටියේ එදිනට යෙදී තිබුණු ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ඔහුට සුබ පැතීම සඳහායි. ඇයත් ඉපදී ඇත්තේ හිට්-ලර් උපන් අප්‍රේ්‍රල් 20 වැනිදා බව දැනගත් හිට්-ලර් රෝසා නිවෙස තුළට කැඳවා ඇයත් සමඟ සතුටු සාමීචියේ යෙදී තිබෙනවා. එදා සිට හිට්-ලර් සහ ඇය අතර ඉතා සමීප සම්බන්ධතාවක් ගොඩනැඟුණු බව සඳහන්. ඇය මුණගැසුණු දිනක හිට්-ලර් තම විශ්වාසවන්තම ඡායාරූප ශිල්පියා වූ හෙයින්රිච් හොෆ්මන් ලවා මේ ඡායාරූපය ගෙන තිබෙනවා. පසුව හිට්-ලර් එහි The de-ar and Ro-sa Nie-nau Adolf Hi-tl-er Mun-ich, the 16th June 1993යනුවෙන් සඳහන් තම අස්සනද තබා කොට එය රෝසා වෙත යැවූ බව සඳහන්.

කෙසේ හෝ මෙහි ඇති විශේෂත්වය වන්නේ රෝසා යුදෙව් සම්භවයක් ඇති දැරියක වීමයි. යුදෙ-ව්-වන් පෙන්නන්නට බැරි හිට්-ලර් රෝසාට දක්වා ඇත්තේ පුදුමාකාර කැමැත්තක්. ඇය යු-දෙ-ව් සම්භවයකින් පැවැත එන බව දැන ගැනීමට ලැබුණත් හිට්-ලර් එය තැකීමකට ලක් කළේ නැහැ. කෙසේ හෝ පසුව හිට්-ලර්ගේ පෞද්ගලික ලේකම් මාර්ටින් බෝමන් විසින් දැරියට හිට්-ලර්ගේ නිවෙසට පැමිණීම නතර කරන ලෙස දන්වන තුරුම ඇය හා හිට්-ලර් අවස්ථා ගණනකදී හමුවී තිබෙනවා. තහංචියෙන් පසුද හිට්-ලර් ඇයව පෑනේ මිතුරිය ලෙස ඇසුරු කළා.

1938දී නාසි නායකයන්ගේ දැඩි බලපෑම මත දෙදෙනා අතර සියලු සබඳතා නතර වූ බව සඳහන්. යුදෙව් සම්භවයක් සහිත බව හිට්-ලර්ට දැන ගන්නට ලැබීමෙන් අනතුරුවත් ඔහුගෙන් ගැලවෙන්න තරම් වාසනාවන්ත වුවත් රෝසාට වැඩිකල් මෙලොව ජීවත් වීමේ වරම් ලැබුණෙ නැහැ. 1949 ඔක්තෝබර් 5 වන දින 17 හැවිරිදි වියේ පසු වෙමින් සිටියදී පෝ-ලි-යෝ රෝගය උත්සන්න වීමෙන් ඇය මි-ය-ගියා. මේ ඡායාරූපයේ දැක්වෙන මල් ආදියේ සිතුවම් ඡායාරූපය අලංකාර කිරීම සඳහා රෝසා විසින් අඳින ලද ඒවායි.

rosa