Naifmvlog

Naifm vlog Gossip and News

බොහෝමයක් ජංගම දුරකතන වල

වර්තමානයේ වෙළඳපොලෙන් මිලට ගනු ලබන බොහෝමයක් ජංගම දුරකතන වල තිරය සැහැල්ලුයි. එනිසාම පහසුවෙන් බිඳීමට හා සීරීමකට ලක්වීමේ අවධානමක් පවතී. ඒ ආකාරයට ඔබේ ජංගම දුරකතනයේ තිරය බිම වැටී පැලීමක් හෝ බිඳීමකට ලක්වූයේ නම් ඔබ කුමක් කළ යුතුද?සමහරවිට ඔබට ඇති එකම විකල්පය එය අලුත්වැඩියා කරන ස්ථානයයකට රැගෙන යාම විය හැකියි. නමුත් ඔබ දන්නවාද?

මෙවැනි අවස්ථාවකදී තිරයක් හෝ ආරක්ෂක කොපුවක් අලුතින් දැමීමට ක්ෂණිකව නොයා, මේ සඳහා නිවසේදිම සිදුකළ හැකි පහසු පිළියම් තිබෙන බව?මින් සමහරක් තාවකාලික පිළියම් නමුත් ඒවා හදිසි අවස්ථාවකදී ඔබට ඉතා ප්‍රයෝජනවත් විය හැකියි.ජංගම දුරකතනයේ තිරය පැලී ඇතිවිට සැහල්ලු විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෑගයකි එය ආවරණය කළ හැකියි. මෙය තාවකාලික විසඳුමකි.තිරය සීරීමකට ලක්වී ඇති නම් කපු පුලුන් සහිත කන් හැන්දක දන්තාලේප ස්වල්පයක් ගල්වා එයින් තිරය මදින්න. මෙහිදී දුරකතනයේ වෙනත් කිසිම කොටසක එය නොතැරවෙන ලෙසට සිදු කළ යුතුයි.තිරය සීරී ඇති විට නැතිනම් එළවලු තෙල් ස්වල්පයක් පුලුන් කැබැල්ලක ගල්වා මැදීම සිදු කළ හැකියි.

ඉන් පසු පිස දමන්න. මෙයද තිරයෙහි ඇති අපැහැදිලි ගතිය නැතිකිරීමට කළ හැකි තාවකාලික විසඳුමකි.බේකිං සෝඩා හා ජලය 2:1 අනුපාතයට මිශ්‍ර කර ආලේපයක් සාදා එය තිරය මත ගල්වා කපු රෙදි කැබැල්ලකින් පිස දමා ඇතිල්ලීමෙන් ද තිරයෙහි අපැහැදිලි ගතිය තාවකාලිකව නැතිකළ හැකියි.මිට අමතරව අන්තර්ජාලයෙන් “රෙපෙයාර් කිට්” ලෙසට ඔබේ අදාල දුරකතන මාදිලිය සඳහන් කර විමසා බලිමක්ද කළ හැකියි. එමඟින් ඔබේ දුරකතනයට අවශ්‍ය තිරය, උපාංග කොටස හෝ ආරක්ෂක ආවරණය e-Bay හරහා ගෙන්වා ගැනීමට හැකියි. සමහරවිට එය තරමක් ලාභදායි විසඳුමක් ද විය හැකියි.